Saturday 5 August 2023

මා මළ පසු - Upon my death


බුදුන් දෙසූ ධර්මයේ කුමක් තිබුණත් ලංකාවේ "බුඩ්ඩාගම' නැමති බිස්නස් එක කරන කහකඩ ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ගේ සිතට කාවද්දා තියෙන දෙයක් තමයි මැරුණට පස්සේ ආපහු ඉපදෙනවා ය, සුගතියක ඉපදෙන්න නම් හාමුදුරුවෙකු කැඳවා පාංශුකූලයක් දිය යුතු ය කියන මිත්‍යාව.

මං වැරදි වෙන්න පුළුවන්, හැබැයි මං හිතන්නේ ලංකාවේ කතෝලිකයිනුත් රැවටිලා ඉන්නේ තමන් මැරුණට පස්සේ මිනිය පල්ලිය වත්තේ වැළලුවේ නැත්තං ස්වර්ගයට යන්න බෑ කියලා.

මං නං බිරිඳට කියලා තියෙන්නේ මං මැරුණු දවසට ඔය මළ විකාර කරන්න එපා කියලයි.

මෙන්න මා මළ පසු කළ යුතු දේ.

0. සිරුරේ අවයව දන් දීමට ලියාපදිංචි වී ඇත. (R30-179-890).
     Please call: 1800 777 203.

1. මගේ මිනිය බලන්න කැමති අය ඉන්න පුලුවන් නිසා ඒ සඳහා වෙලාවක් වෙන් කරන්න.

2. අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා නම්:
     පවුලේ අය කතා කරන්න.
     මිතුරන්ට ද කතා කරන්න දෙන්න.

3. මා වචන ලියූ ගී පසුබිමෙන් වාදනය කරන්න.

4. උත්සවයට සහභාගී වෙන අයට වයින්, චීස් සහ ක්‍රැකර්ස් සංග්‍රහයක් කරන්න.

5. වියදම් අඩු ක්‍රමය එය නිසා, සිරුර පුළුස්සා දමන්න.

6. සැමරීමේ දිනවල දී ඒ සඳහා ලංකාවේ පාසල් පුස්තකාලයකට පොත් ලබා දෙන්න.

නොකළ යුතු දේ.

7. ආගමික කටයුතු, ආගමික කතා එපා.

8. පන්සල්වලට දාන එපා.

- රසික සූරියආරච්චි

(image: Lankasara)

12 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. බලාපොරොත්තු වල ඉවරයක් නැහැනේ මැරුණට පස්සෙත්. මටනම් මැරුණට පස්සේ ජීවත් වන අයට සතුටු විය හැකි මොන දෙයක් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. (පස්සේ අදහස වෙනස් වෙයිද දන්නේ නැහැ)

    ReplyDelete
    Replies
    1. /* මැරුණට පස්සේ ජීවත් වන අයට සතුටු විය හැකි මොන දෙයක් */

      එනිසා තමයි බොහෝ දේ (1,2,3,4,5 සහ 6) ලියා ඇත්තේ.

      මා වෙනුවෙන් ඇත්තේ 0, 7, 8 පමණයි. ඇත්තටම් 0 පවා අන් අය වෙනුවෙනුයි.

      Delete
  3. අවුරුදු ගානකින් පන්සලේ පස් පාගල නැති මගේ පාංස කූලෙට කීයක් ඉල්ලයිද දන්නෑ.

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. ?
      ඇයි පාංසුකුලේ කියා තමාගෙන් විමසන්න.
      ඒ අනුව අන්තිම කැමැත්ත ලියන්න

      Delete
  4. දුක් ගීයක් නොලියනු මැනවි

    ReplyDelete
  5. සේරම කරණම්
    ප්‍රාණෙ තියෙනකං
    සේරම ජවුසං
    නටන්නෙ එතකං

    මැරුණට පස්සේ
    කෙරෙන්නෙ යුතුකම්
    වටේට ඉන්නා
    අයගේ පිහිටෙන්!

    ReplyDelete
    Replies
    1. මැරුණට පස්සේ
      මොකක් වුණත් මිත
      මැරිච්ච එකාට කිසිත්
      පළක් නැත

      ඉන්න එකාලට
      වැඩි වැඩ නැති කර
      යන්නට ඇතිනම්
      එය ම ය ජොලිබර!

      Delete
  6. සේරම කරණම්
    ප්‍රාණෙ තියෙනකං
    සේරම ජවුසං
    නටන්නෙ එතකං

    මැරුණට පස්සේ
    කෙරෙන්නෙ යුතුකම්
    වටේට ඉන්නා
    අයගේ පිහිටෙන්!

    ReplyDelete
  7. හරියට හරි මැරුණට පස්සෙ දානය දීම හින්දු චාරිත්‍ර.අනික ඉපදෙන්නෙත් නෑ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.