Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Youths of Kurunegala District Paja Sahayogitha Sansadaya visiting religious places on the basis of peace and harmony, Tuesday 13th September 2022සාමය හා සන්හිඳියාව මුල් කරගනිමින් කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ තරුණ තරුණියන් ආගමික ස්ථාන බැහැදැකීම, 2022 සැප්තැම්බර් මස 13 වෙනි අඟහරුවාදා

On Tuesday, September 13, 2022, more than 20 young people of the Kurunegala District Paja Sahayogitha Sansadaya met with Christian and Muslim religious leaders and held a discussion with them regarding interfaith harmony under the IDOVE project, which aims to build peace and harmony between nations. Peace and reconciliation between nations is a necessary thing for a country and it also contributes to the progress of the country. Kurunegala District Coordinator Mr. Sampath Sanjiva and Mr. Ajith Rupasingha also joined these young children in the process of building this religious harmony. The priests of the Muslim church informed the young children about their religious teachings and the Christian priest informed them about the Christian religious values ​​and the existing values ​​of religious harmony.

ජාතීන් අතර සාමය හා සන්හිඳියාව ගොඩනැන්වීම අරමුණ කොටගෙන ක්‍රියාත්මක වන IDOVE ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රජා සහයෝගිතා සන්සදයේ තරුණ තරුණියන් 20 අධික පිරිසක් සමඟින් කිතුණු සහ මුස්ලීම් ආගමික නායකයින් මුණ ගැසී ඔවුන් සමඟ අන්තර් ආගමික සන්හිඳියාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගොඩනැගීම 2022 සැප්තැම්බර් මස 13 වැනි අඟහරුවාදා දින සිදු කරන ලදී. ජාතීන් අතර සාමය හා සන්හිඳියාව රටකට අවශ්‍යයම දෙයක් වන අතර එය රටේ ප්‍රගමනයට ද දායක වන කරුණකි. මේ ආගමික සන්හිඳියාව ගොඩනැගීමේ ගමන් මඟ සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් සංජිව මහතා සහ අජිත් රූපසිංහ යන මහත්වරුන් ද මෙම තරුණ දරුවන් සමඟ එක් වූහ. මුස්ලීම් දේවස්ථානයේ පූජකතුමන්ලා ඔවුන්ගේ ආගමික ඉගැන්වීම් සම්බන්ධයෙන් තරුණ දූ දරුවන් දැනුවත් කළ අතර කිතුනු පූජකතුමන් කිතුනු ආගමික වටිනාකම් සහ ආගමික සන්හිඳියාවේ පවතින වටිනාකම් පිළිබඳව දැනුවත් කරන ලදී.