නිවස > Uncategorized > පෙරුම් පිරුවේ මම සමනලයෙකු වෙන්න…

පෙරුම් පිරුවේ මම සමනලයෙකු වෙන්න…

පෙරුම් පිරුවේ මම සමනලයෙකු වෙන්න,

සිද්ධ උනේ  මට යුධ සෙබලෙක් වෙන්න.

සමනල්ලු ඉගිල්ලුනා,

යුද්ධය දිග අරුනා.



මට හිතෙන විදියට මේක අජිත් කුමාරසිරිගේ හොදම සිංදුව,

සහ මම කැමති එකම සිංදුව.

මේක අයිති The Road from Elephant Pass චිත්රපටියට.

මම ඒක බලලත් නෑ,  නවකතාව කියවලත් නෑ.

මේක ගීත විචාරයක් නෙමෙයි.

ඒ මගේ හැටි මම දේවල් අල්ලගන්නේ අමුතු විදියට.



ගොඩක් දෙනා (මමද ඇතුළුව) ඉන්නේ,

ඉන්න ආස තැන නෙමේ.

ඉන්න වෙච්ච තැන.

මම  කියන්නේ යම් කෙනෙක්ගේ ‘පොටෙන්ෂල්’ එක (විභවය) ගැන විතරක් නෙමේ.

එක ඊට එහා ගිය දෙයක්.



සන්නස්ගල කියනවා,

චිත්‍රපටිවල රගපාන්න ආස කරපු මම අද චිත්‍රපටි නිෂ්පාදනය කරනවා.

අජීත්ගේ සින්දුවේ,

සමනලයෙක් වගේ පියාබන්න ආස්ස්වෙන් හිටපු තරුණයා, ඇදුමකට හිරවෙනවා.

ගොරෝසු හමුදා නිල ඇදුමකට හිරවෙනවා.



අයන් බෝඩ් කියන්නේ,

තමන්ගේ සිහිනය ගැන විශ්වාසය අතහැරපු,

සර්ෆ්බෝඩ් එකක්,

වෙන්න හිටපු කෙනෙක්.



 මේක මම දන්නා අය ගොඩක් සම්බන්ධව ඇත්ත!

තමන් හදවතින්ම ආස කරන දෙය,

තමන්ගේ ජිවනාලිය කරගත්ත අයත් ඉන්නවා.

ඔලුවට මුලින්ම එන අය අතර,

අර්ජුන රණතුංග, ටයිටස් තොටවත්ත, අමරදේව, ජැක්සන් ඇන්තනි,

කිංස්ලි රත්නායක, භාතිය සහ සන්තුෂ් වගේ කට්ටියව තමා මතක් වෙන්නේ.



තමං  කැමති දේ කරන්න තිබ්බ නං හොදයි තමයි.

ඒ වුනාට දැන් ඉස්සර වගේ,

තමන්ගේ හීන පස්සේ යන්න අමාරු නැහැ කියල මට හිතෙන්නේ.



මේ ලගදී හම්බුනා,

තරුණ කවියෙක් ෆේස්බුක් එකෙන්.

රැකියාවෙන් උප පොලිස් පරීක්ශකවරයෙක්.

හිතාගන්නත් බෑ වගේ.

මට පොඩි කාලේ කාලේ කරන්න හිතුන දේවල් කල්පනා කලාම,

බය හිතෙනවා, පුදුමත් හිතෙනවා.



Your work is going to fill a large part of your life,

and the only way to be truly satisfied is to do what you believe is great work.

And the only way to do great work is to love what you do.

If you haven’t found it yet, keep looking.

Don’t settle.

As with all matters of the heart, you’ll know when you find it.



ඔබගේ ජීවිත කාලයෙන් බොහෝ කොටසක් ඔබගේ රැකියාවෙන් පුරවනු ලබයි.

ඒ ගැන සිතා සැනසිය හැකි එකම මග,

ඔබ විශිෂ්ට, ශ්‍රේෂ්ඨ යයි සලකන කාර්යක නිරථවීමයි.


විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ කල හැකි එකම ක්‍රමය!



ප්‍රවර්ග:Uncategorized
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න