නිවස > Uncategorized > සමාන්තර රේඛාව

සමාන්තර රේඛාව

අවුරුදු ගානක් තිස්සේ,
එකම දුරින් ඉදන්,
ගොඩක් දුර ඇවිදින්,
එක පාරටම නවතින්න හදන,
සමාන්තර රේඛාවට…

කවමදාවත් අපේ රේඛා දෙක
සමපාත වෙන්නේ නම් නැතිවෙයි.
ඒ වුනාට මෙතුවක් කල්,
අපි ගියේ එකම දිශාවට.

ඔයා නැවතිච්චදාට,
මමත් නිකම්ම නිකන් රේඛාවක්,
ඔයත් නිකන්ම් නිකන් රේඛාවක් බව
තාම නොතේරෙන හැටි.

නැත්නං,
හොදට තේරිලා,
මුකුත් නොතේරෙනවා වගේ ඉන්න හැටි.




ප.ලි. – ඔයා ටියුබ් ලයිට් !!!

ප්‍රවර්ග:Uncategorized
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න