නිවස > Uncategorized > මීවන සහ උණ | Fern and bamboo seeds

මීවන සහ උණ | Fern and bamboo seeds

 

ඔබට කවදා හෝ සියල්ල අතහැර දමන්න සිතී තිබෙනවාද?
ඔබට අවශ්‍ය දේවල් ඔබට අවශ්‍ය වේගයෙන් සිදු නොවේද?
ඔබ කරන දේ කිසිම දියුණුවක් වර්ධනයක් නොමැති නිසා අතහැර දමන්න සිතී ඇද්ද?
මේ සියල්ල ඔබ මුහුණදී ඇති අසාර්ථකවීම්, පරාජයන් නිසා සියල්ල නවතා දමන්න සිතී ඇද්ද?

ඔබට ඔබ ගැන කලකිරී ඇති විට,
සිත ඍණාත්මක හැගීම්වලින් පිරී ඇතිවිට,
ජීවිතයේ අපට පාලනය කල නොහැකි නැගීම් බැසීම් නිසා,
තව දුරටත් තමන් කරගෙන යන දේ,
දිගටම කරගෙන යාමට හේතුවක් නොපෙනේ නම්,
මේ දෙය සිහියට නගා ගන්න.

මා මෙය කන වැකුණු දින සිට, ඉතාමත් ආසාවෙන් නිතර නිතර මතක් කල කතාවකි.

දිනක එක මිනිසෙක්, උණ සහ මීවන ඇට වගයක් පැල කළා. ඔහු මේවාට හොඳින් සාත්තු කලා.
ඒ දෙකටම අවශ්‍ය තරම් හිරු එලිය සහ ජලය ලබා දුන්නා.

ඉක්මනින්ම කුඩා මීවන දල්ලක් පොළොවෙන් ඉහලට එසවී ආවා.
මෙයින් ඔහු උදාමයට පත් වුනා.
ඉක්මනින්ම හාත්පසම මීවන පැලවල කොලපැහැයෙන් ආලෝකමත් වුනා.
නමුත් ඔහු උණ පැල ගැන ගොඩාක්ම දුක් වුනා.
කිසිම දෙයක් පොලොවෙන් ඉහට පැමිණියේ නැහැ.
නමුත් ඔහු දිගටම පැල දෙකටම එකාවන්ව සාත්තු කළා.

අවුරුද්දකට පසුවත්, උණ ඇට දල්ලක්වත් ලබාදුන්නේ නැහැ.
නමුත් මීවන ඉතාමත් සාරවත්ව, දර්ශනීය ලෙස ඕනෑවටත් වඩා වර්ධනය වුනා.
දෙවන අවුරුද්දෙදීත් එසේමයි.
උණ ඇට තවමත් පලවී නැති පාටයි.
නමුත් ඔහු සාත්තුව නතර කලේ නැහැ.

තුන්වන අවුරුද්දෙදීත් එසේමයි.
උණ ඇට තවමත් පලවී නැති පාටයි.
නමුත් ඔහු සාත්තුව නතර කලේ නැහැ.

හතරවන අවුරුද්දේ කතාවත් එමමයි.
උණ ඇට තවමත් පලවී නැහැ.
නමුත් ඔහු බලපොරොත්තු අත හරියේ නැහැ.

පස්වෙනි අවුරුද්දේදී ඉතා කුඩා දැල්ලක් උණ පැලයෙන් දකින්න හම්බුනා.
මීවනවල වැඩීමත් එක්ක උණ දල්ල නොපෙනෙන තරම්.
නමුත් මාස හයකදී, උණ ගස් ආදී සීයකටත් වඩා ඉහලට වර්ධනය වුනා.

ඔහුට ඉක්මනින්ම අවබෝධ වුනා.
මෙච්චර කාලයක් උණ ගස තමන්ගේ මුල් වර්ධනය කිරීම සිදුකර ඇති බව.
මෙසේ වැඩුණු මුල් තමයි, උණ ගස මෙතෙක් කල් පෝෂණය කර ජීවත් කර ඇත්තේ.
මේවා අවසානයේ මහා විශාල උණගස්වීමටත් උදව් වුනා.
ජීවිතය කිසිවෙකුටත් තමන්ට සාක්ෂාත් කරගත නොහැකි අභියෝගයන් ලබාදෙන්නේ නැහැ.
ඔබ මේ මොහොතේ මුහුනදෙන අභියෝගයක් වේ නම්,
අනිවාර්යයෙන්ම මෙය දැනගන්න.
ඔබට මෙය ජයගැනීමට අවශ්‍ය ධාරිතාව, විභවය ඇති බව.

ඔබ දැන සිටියාද?
මෙතෙක් කල් ඔබ මුහුණ දුන් සියලු අභියෝග, දුක්, කරදර වලට මුහුණදීම මගින් සිදුකර ඇත්තේ
ඔබගේ “මුල් ” වඩාත් ශක්තිමත් කරගැනීම බව.

අපේ කතාවේ මිනිසා, උණ ඇට පිළිබඳව බලාපොත්තු ඇත නොහැරියාක්
ඔබ ඔබ ගැන බලාපොරොත්තු අතනොහරින්න.

කිසිවිටක අන් ය සමග සසදන්න යන්න එපා.
මීවන සහ උණ කෙතරම වෙනව් වුනද,
කැලයකට ඒ දෙකම අත්‍යවශ්‍යයයි.
ඒ දෙකම එක්වී කැලෑව ලස්සන කරනවා.
ඒ දෙකේ පරමාර්ථ වෙනස්.

ගණන් ගන්න එපා.
සතුටින් ඉන්න.
ඔබගේ කාලය පැමිණේවි.
ඔබත් උණ ගසමෙන් ඉහලටම විහිදී පැතිරී යාවි.
ඔබට හැකිතරම් ඉහලටම යන්න.
ඔබ ඔබගේ විභවය කෙතරම්ද එතරම්ම ඉහලට යන්න.
වෙනකෙකුගේ විභවය තරම් නොවේ.

ඉවසන්න.
ඔබ ඔබගේ වැඩකටයුතු හොඳින් කරගෙන යන්න.
ඔබත් උණ ගසමෙන් ඉහලටම යාවි.

මතක තබාගන්න.
ලන්ඩනය, නිව් යෝර්ක් නුවරට වඩා පැය 05ක් ඉදිරියෙන් සිටින බව.
නමුත් එමගින් නිව් යෝර්ක් හෙමින් ගමන් කරන්නේවත්,
ලන්ඩනය වේගයෙන් ගමන් කරන්නේවත් නැත.
ජීවිට්ඨයේ සියලුම දේවල් හරියටම හරි වෙලාවේදී සිද්ධවේවි.

ඉවසන්න.
ඔබගේ කාලය පැමිණේවි.
ඉක්මන් වෙන්න එපා.
දුක් වෙන්න එපා.
ඔබ ඕනෑවටත් වඩා ඉක්මන්ද නැත.
ප්‍රමාදද නැත.
ඔබ ඉන්නේ නියමම වෙලාවටයි.

ප්‍රවර්ග:Uncategorized
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න