ගප්පියා සහ ඩයස්පෝරික මතක.

*

ගප්පියාගේ ඉහත සම්මුඛ සාකච්ජාව නැරඹීමෙන් පසු, හිතේ සිරවී තිබු වසර කීපයක  ඩයස්පෝරික මතක නැවත අවදි විය. මට හිතෙන හැටියට ගප්පියාගේ අදහස් මා සමග අනුනාද වෙයි.

එය කේ.සී.ජයරත්න සර්ගේ “ධ්වනිය” පාඩම වැනිය. එකම සංඛ්‍යාත වලට කම්පනය වන සරසුලක්, එම සංඛ්‍යාතයට සංවේදී වස්තුන් සමග අනුනාද වෙයි. හමුදා කණ්ඩායම පාලම මතදී “මාච්” කරන්නේ නැත්තේ ඒ නිසාය. ගප්පියා සමග අනුනාද වීම එතරම් පුදුමයක් නොවේ. අපේ පාසල් ජීවිතය ගප්පියා සමග වෙනස් වැනී බස් හෝල්ට් එකක දුරිනි. (මරදාන සහ පුංචි බොරැල්ල) ගප්පියා අපේ පරම්පරාවේ පොදු කතා ගොඩක සංකලනයකි.

ගප්පියා නිසා නින්දෙන් අවදි වූ ලන්ඩනයේ ඩයසපෝරික මතක ඊයේ පෙරේදා බ්ලොගය තුලින් අඳුනාගත් කිහිප දෙනා වෙත නැවත මෙසේ පුද කරමි.

*

final

*

කින්ග්ස්බරි හන්දියේ මගේ කුඩා කාමරයේ තිබු සුවිශාල “චේ ගුවේරා” පෝස්ටරය, මට ලිවීමට බලකළ

| හේ නමින් අර්නස්ටෝ “චේ” ගුවේරා ය. | 

*

*

*

IMG_0534-798534සංක්‍රමණික අත්දැකීම් මා හට ලිවීමට බලකළ Delon සමගින් “ඇමරිකානු සිහිනය” | The American Dream

සහ

තිත්ත ඇත්ත! | the ugly truth

*

*

එංගලන්තයේදී ඉගෙනගත් සිංහල ඇතුලත් |එංගලන්ත සිංහල ශබ්දකෝෂය|

සහ

ඉංග්‍රීසි භාෂා භාවිතය පිලිබඳ  අයි කැන් ස්පීක් විතරක් නෙමෙයි…!

 *

ලන්ඩනයේ “කල්ලන් ” අහන ජාතියේ “ගැන්ස්ටා” සින්දු තේරනව වගේ අහන ඇත්තටම තේරුම දන්නේ නැති, උන් අදිනවා වගේ ඇඳුම් අදින අපේ උන්ට තේරුන් ගන්න ලියපු

“මට ඕනේ සාර්ථක වෙන්න විතරයි.| i just wanna be successful”

 *

nihal-1*

1996 ලෝක කුසලාන අවසන් තරගයේදී සිංහ කොඩිය අරන් පිට්ටනිය වටේ දුවපු “ලයනල් ” අයියා, හිටපු ජනාධ්පති ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් එවන්ස් කුරේ ආදී අතිමහත් එංගලන්තයේ සිංහල දෙමල  ඩයසපෝරික ප්‍රජාව මතක් වෙන්නට ලියු සටහනක්.

ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “

388467_2806997019853_1447959331_n (2)

*

x

ගේ දොර හරි උකස් කරං

මෙහෙට හනික වරෙන් මචං

රස්සා දෙක තුනක් කරං

සල්ලි හොයමු  එලට මචං

කොලේජ් එකට ගියත් මචං

වැඩක් නෑනේ මරුනේ මචං

මාරම ෆන් මෙහෙදී මචං

උඹ එනවද ලඟදි මචං

මෙහෙ කෙල්ලන් පිස්සු මචං

දැක්කොත් උඹ අඬයි මචං

උඹ ආවොත් අපි දෙන්නත්

පැනලා ලවු කරමු මචං

ලිපියේ තව නොලිව්වට

තව වැඩ ගොඩයි මචං

මම දැන් මෙහේ පොර! නේ මචං

යාළුවො සෙට් ගොඩයි මචං.

මෙහෙ ආ මුල් දිනේ පටන්,

කරන්න වැඩ ගොඩයි මචං.

බැලූ බැලු ඇත පිස්සු මචං!

මටත් පිස්සු ඩබල් මචං.

සල්ලි අතේ ඇතොත් මචං,

සුරලෝකේ ලගනේ මචං

කණ පැලෙන්න බොන්න මචං,

විස්කි ජාති ගොඩයි මචං.

ලංකාවේ ඉද්දී මචං,

නිදහස නෑ අපිට මචං.

මාරම හැපී මෙහෙදී මචං,

උඹත් වරෙන් වීසා අරන්!

 *

මොකා ලිව්වා කිව්වා ගායනා කළා උනත් එංගලන්තයේ ඇත්ත ඕක තමයි !!!

 *

*

*

හීතල රටේ දුක තුනී වෙන්නට ලියු කවි කිහිපයක්.

*

  = සාක්ෂිය =

 ෆයිනලස්කා ට. | finalaskaa

= ජීවිතය =

  1. මාර්තු 10, 2015 දින 1:37 පෙ.ව. ට

    “ශ්‍රී ලංකාවේ අපි කොච්චර දුප්පත් වුනත්, කොයි වගේ අමා‍රුවකට වැ‍ටුනත් පිහිට පතන්න පුළුවන් කවු‍රුම හරි ඉන්නවා. මාමා කෙනෙක්, නැන්දා කෙනෙක් නැත්නම් අඩු තරමේ ගමේ දේශපාලන බලවතෙක් හරි. ඒත් ලන්ඩන් වගේ නගරෙකදී හරියටම දැනෙනවා තනිවෙලා කියන එකේ තේ‍රුම. අපිට කවු‍රුවත් නැහැ. ඒක හරියට සෞරග්‍රහ මණ්ඩලේ වගේ තමයි. ඔයා නැතිනම් මම එතනදී අනන්ත අවකාශයේ පාවෙන අංශුවක් විතරයි. ඈතින් විසාලෙට පේන ග්‍රහලෝක වල දර්ශනය සුන්දරයි. ඒත් ඒ දර්ශනය තියෙන්නේ අපිට ලං වෙන්න බැරි විදියට ආලෝක වර්ෂ ගණනාවක් එපිටින්! ලන්ඩන් වගේ නගරයක් ගැන මට දැනෙන්නෙත් එහෙමයි. ඒ වගේ දැවැන්ත නගරයකදී ඔයා හරි මම හරි මියගියත් කවු‍රුවත් දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.”

    අශෝක් ෆෙරී මාත් එක්ක එක දවසක් කිව්ව කතාවක් මේ.

  2. මාර්තු 10, 2015 දින 2:37 පෙ.ව. ට

    හරියටම හරි!

    අනිත් එක තමයි,අපි ලංකාවේ වගේ ප්‍රධාන පුරවැසියෝ (මහජාතිය – majority) නෙමෙයි කියන එකත හොඳටම තේරෙනවා. එක එක අතකට හොඳ දෙයක්! දකුණු අප්‍රිකාවේ කළු-සුදු භේදය වගේ නැති උනාට ලංකාවෙත් සුළු ජාතීන්ගේ මානසිකත්වය එහෙ ගියාම අපට දැනෙනවා. ලංකාවේ ඉන්න විදේශිකයන් මුහුණ දෙන තත්වය තේරෙනවා.

    ලංකාවේ මොනව උනත් පොලිසියකට හරි ගිහිල්ල නම කිව්වම පොඩි සැලකීමක් තියෙනවා. වෙන රටවල එහෙම නැහැ.වෙන මොන රටට ගියත් අපි දෙවැනි පුරවැසියෝ.(second class citizens)

    හඅමදාම වගේ ඉස්තුතියි ප්‍රතිචාරයට!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න