නැතිවුන පර්චස් හත..


මගේ හොඳම යාලුවෙක්ගේ හොඳම යාලුවෙක් ඉන්නවා… මිනිහා නිකන් කතා සාගරයක් වගේ.. මිනිහා ගැන කීප දෙනෙක්ම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්න නිසා මම වැඩිපුර මොකුත් කියන්නේ නෑ…

මිනිහා කරොත් කරන්නේ රජ වැඩ.. ඒ වගේම තමයි බුදු ෆිට් එක… ආයේ ඕනෑම දේකට යන්න පොර රෙඩි.. පොරට නමක් ඕනි නිසා අපි කියමුකෝ “රවී” කියලා..

ඔන්න මේක මේ රවියා උස්මහත් වෙච්ච කාලේ කරපු වැඩක්..

රවියාගේ යාලුවෝ ඔක්කෝම වගේ ඉස්කෝලේ ඉවර වෙලා මොකක් මොකක් හරි කරන්න ගත්තා.. රවියාගේ ළඟම යාලුවෙක් පොඩි කඩයක් හදාගත්තා.. ඒක දැන් නැගලා යනවා.. එකට වල බැහැපු අනිත් එකා දැම්මා පොඩි බිස්නස් එකක්.. ඒකත් නැගලා ගියා…

දැන් මූට නිකං ඉන්නම බෑ වගේ.. මොනවා හරි කරන්න ඕනි කියලා හිත හිත ඉන්න අතරේ මුගේ ටිකිරි මොළේට ආවා මරු අයිඩියාවක්..

ඒක තමයි අතේ සල්ලි ටිකකුත් තියෙන නිසා, බිල්ඩිමක් හදලා කුළියට දෙන්න ඕනි කියන අයිඩියාව… ඕක මිනිහගේ හිතට දාලා තිබ්බේ ඒ වගේ ටියුෂන් කඩ බිල්ඩිමක් හදලා ජයෙන් ඉන්න උගේ යාළුවෙක්.

දැන් ඉතින් ඔය කොයික කරන්නත් ඉඩමක් තියෙන්න එපැයි…

ඒ ගැන පොඩ්ඩක් වෙලා කල්පනා කර කර ඉද්දී මතක් උනා තාත්තාට අයිති පරණ ඉඩමක් තියෙනවා නේද මහ පාර අයිනේම කියලා…

මේ ඉඩම තියෙන්නේ ලංකාවේ A ශ්‍රේණියේ ප්‍රධාන පාරක අයිනේ… හැබැයි පිහිටීම ටිකක් වෙනස්.. පර්චස් 25ක විතර හෙන බෑවුම් ඉඩමක් තමයි තියෙන්නේ… බෑවුම ඉවර වෙන්නේ මහපාරෙන්… හෙන බෑවුම නිසා හරි හමන් යමක් කරන්න බැරි උනාට ඉඩම අම්බානක වටිනවා…ඇයි ඉතින් ප්‍රධාන පාරකට මායිම් වෙලානේ තියෙන්නේ.

මූ ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ.. එක දවසක් මුන්ගේ දෙමාපියෝ දෙන්නා කතරගම වන්දනාවක ගියාලු.. ඒ අතරේ තමයි අපේ පොර බිල්ඩිම හදන්න පළමු පස් පිඩැල්ල කපන්න ලෑස්ති වෙන්නේ…

දැන් ඔය බෑවුම් ඉඩම් වල බිල්ඩිං ගදන්න බෑනේ ලේසියකට… ඒ නිදා අපේ පොර පළමු පස් පිඩැල්ල කැපුවේ උදැල්ලකින් හෙම නෙවෙයි…  සල්ලි දීලා ගෙන්නපු JCB එකකින් තමයි වැඩේට මුළ පිරුවේ… (හරියට උඩ පින්තූරේ වගේ)

JCB එකක් හයර් කරන්න හේතු දෙකයි… එකක්, වැඩේ දවස් දෙකක් තුනක් ඇතුලත අම්මලා එන්න ඉස්සෙල්ලා වැඩේ වෙන්න එපැයි.. අනෙක් වැඩේ කොලිටියට ඕනේ..

පොරත් ඉතින් මේ JCB ටික දාලා පස් ටික කපලා එහෙම කාරිය කපපු පස් ටිකත් විකුණුවා..

 අපේ පොර පස් ටික කපලා හෙන ගානකුත් හොයාගෙන බිල්ඩිම හදන්න…දැන් ඔන්න නිල් කැටේට ඉඩම කපලා අහවර කරලා….

පහුවෙනිදා තාත්තා ආවම,  තාත්තටත් කිව්වා වැඩේ ගැන.. පස් විකුණලා අතට ලක්ෂ 3 කුත් ලැබුනා කියලා තාත්තටත් කිව්වා… 

කොයිකටත් කියලා තාත්තා ආවා ඉඩම බලන්ඩ.. ඉඩම දැක්ක පාර තාත්තට හාට් ඇටෑක් එකක් වගේ එන්න ඇවිල්ලා.. ඊට පස්සේ ඌට බැනලා තිබ්බේ මේ විදියට…

” ඈ බොල මී හරකෝ.. හොඳට තිබ්බ ඉඩමට මේ මොකද කරේ උඹ… මට දෑවැද්දට හම්බුවෙච්ච ඉඩම මේක..  උඹ මේක මෙහෙම කපලා තිබ්බ පර්චස් ගානත් අඩු කරා.. අම්මපා උඹට මොළයක් කියලා එකක් නැද්ද? ”

ඒක ඇහුවට පස්සේ තමයි පොරට තේරුනේ වැඩේ බරපතල කම..

බෑවුමත් එක්ක යහමින් ගස් එහෙම වැවිලා සරුවට පස්චර් 25ක් විතර තිබ්බ ඉඩම L අකුරේ හැඩේට කපලා දැන් පර්චස් 7ක්ම අඩු වෙලා.. ඒ ඉඩමේ පර්චස් එකක් විතරක් ලක්ෂ 3කට වඩා වටිනවාලු.. පස් කපලා JCB ගාස්තු ගෙවලා මූට ඉතිරි වෙලා තියෙන්නේ ලක්ෂ 2 1/2යි. ඒ මදිවට මේ යකා පර්චස් 7ක්ම අඩු කරලා ඉඩමෙන්…!

ප/ලි: දැන් ඔන්න ත්‍රිකෝණමිතිය සහ පයිතගරස් ප්‍රමේය දන්න අයට ඉඩමේ උස ගණන් හදලා කියන්න පුළුවන් ඕන්..

ප/ලි එකට ප/ලි: මේක තමයි අද දාන්න උන්නු ලිපිය.. අර කාලකන්නියෙන් ගැන දාන්න උනා උදේ පාන්දරම.

10 responses to “නැතිවුන පර්චස් හත..

  1. මදැයි කොලා. අපරාදේ පාරට කිට්ටුව තියෙන පර්චස් 7ක් කියන්නේ රත්තටන් ටිකක් වගේනේ.අනික ඒ ශ්‍රේණියේ පාරක් අයිනේ !!!

  2. අනේ මෙහෙමත් මෝඩ පුත්‍රයෙක්.. අපරාදේ..

  3. අහෝ මිනිහට ත්‍රිකෝණමිතිය මතක තිබ්බානම්! 😀

  4. අපෙත් තියනවා පාර අයිනේ ඉඩමක්. කන්ද කපලා පොඩි වැඩක් කරන්න හිතං ඉන්නේ..මේක හොඳ වෙලාවට දැක්කේ 🙂

  5. ඒත් සමීර ඉඩමක් නිකම් තිබුණම ප්‍රමාණයෙන් වැඩි වුනාට වාසියක් නෑනේ. ප්‍රමාණය අඩු වුනත් එහි යමක් වගා කරත හැකියාව, බිල්ඩිමක් හදලා කුලියට දිය හැකියාව අනුව වටිනාකම වැඩියිනෙ.

  6. ඔය තියරිය පොඩ්ඩක් වැරදියි. ඉඩම්වල ප්‍රමාණය බලන්නේ බෑවුම සලකන්නේ නැතුව. මිනින්දෝරුවෙක්ගෙන් අහලා බලන්න

  7. ඔව්. ඉඩමේ ප්‍රක්ශේපණයක්(Projection) අරන් තමයි පිඹුර(Plan) අඳින්නේ. ඒක නිසා අඩු වෙන්නේ නෑ.

  8. එහෙම එකක් මම දන්නේ නෑ.. ස්තුතියි දැනුවත් කරාට

  9. හත්වලාමෙ රවියව උල තියන්න එපැයි කරල තියෙන වැඩේට…. අපෙත් ඉන්නව ඔය නමම තියෙන පිස්සු පොරක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න