ඩ්‍රයිවින්ග් ස්කූල්


මැදපෙරදිග ගොඩක් රටවල් වල රියදුරු බලපත්‍රය ගන්න ඩ්‍රයිවින්ග් ස්කූල් එකකට යන්න ඕන. මම ඉන්න කටාර් වලත් එහෙමයි… සමහර වෙලාවට උපන්දා ඉඳන් එළවපු එකෙක්ට උනත් ලයිසන් එක ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..

කටාර් වල නම් මුලින්ම ඇස් පරික්ෂාවක් තියෙනවා, ඊට පස්සේ සිග්නල් ටෙස්ට් එකක් තියෙනවා.. එක එක ට්‍රැෆික් සයින් පෙන්නලා ඒවායෙ තේරුම අහනවා.. සමහර අය ඉතින් කලබල වෙලා වැඩේ අනා ගන්නවා..

ඒක පාස් උනාම “එල්” එක ගහන්න කියලා ඊට පස්සේ කල්ච් බැලන්ස් ටෙස්ට් එකක්.. ඒකත් පාස් නං පොකට් පාකින් එකක් තියෙනවා කරන්න. රිවස් එකේ පොකට් පාකින් එක ගහන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද වටේට බම්බු තියල තියෙන්නේ.. පොඩ්ඩක් ගෑවුනාම ඔක්කොම වැටෙනවා.ගොඩක් අය ඕකෙන් ෆේල් වෙන නිසා දැන් නම් ඒක අයින් කරලා නිකන්ම නිකන් පාකින් එකක් කරන්න තියෙන්නේ. එකථ් පාස් උනාම පොලිස් කාරයා දාගෙන රෝඩ් ටෙස්ට් එකක් යන්න ඕනි. එකත් පාස් උනොත් තමා ලයිසන් එක දෙන්නේ…

ඔන්න ඔය කියපු සන්තැසිය නිසා ඒකාලේ ලයිසමක් ගන්නවා කියන එක බුදු ගේමක්… ලයිසන් තියෙන අය නිකන් ලෝඩ් පකීර් ලා වගේ තමයි හිටියෙ.. අපි වගේ එක පාරින් ලයිසම ගත්තු අය නිකන් හිටියෙ මයිකල් ෂූමාකර්ලා වගේ…

මෙහෙ වැඩ කරන්න එන ගොඩක් අයට ලයිසන් එක සෑහෙන වටිනවා. මොකද ඒක නැතුව එහෙ මෙහෙ යන්න බැනේ. ඒ නිසාම එක ගන්න ගොඩක්දෙනා ලෝබ නැතුව වියදම් කරනවා. මේක දන්න ඩ්‍රයිවින්ග් ඉන්ස්ට්‍රක්ටලා පුළුවන් තරම් බලන්නේ කාගෙන් කාගෙන් හරි කීය කීය හරි කඩා ගන්න.ඒ කලේ හිටපු ගොඩක් ලංකාවේ ඉන්ස්ට්‍රක්ටලා නම් බෝතලයක් දුන්නම මාර හැපී… පස්සේ පස්සේ ඩිමාන්ඩ් එකත් එක්ක මෙයාලා ඉල්ලන ගාන සෑහෙන වැඩි උනා…

ඔන්න අපි දන්න කියන මනුස්සයෙකුත් ගියා ඩ්‍රයිවින්ග් ස්කූල්… හොඳ රස්සාවක් කරන පොඩ්ඩක් වයසක පහේ කෙනෙක්… සල්ලි ඉතුරු කරන එක තමා එකම ටාගට් එක. ඉතින් අහන්ඩ දෙයක් නෑනේ, අමතර සතයක් වත් විදයම් කරන්න පොර කැමැති නම් උනේ නෑ .

මිනිහගේ ඒකායන අරමුණ උනේ අර ඉන්ස්ට්‍රක්ටර්ට දෙන ගාන අඩු කරගන්න…

පොරත් ඉල්ලලා සෙට්කර ගත්ත ලංකාවේ ඉන්ස්ට්‍රක්ට කෙනෙක්ම, සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන් නිසා.

දැන් පලවෙනි දවසෙම පොර නැග්ග වාහනේට ඉන්ස්ට්‍රක්ට එක්ක.

ගොඩක් වෙලාවට ඉන්ස්ට්‍රක්ට ඩ්‍රයිව් කරන ගමන් තමන්ගේ දුක කියල කියල තමයි කීයක් හරි වැඩිපුර ඉල්ලන්නේ. අපේ පොරත් ඉතින් ඕක දැනගෙන වාඩි උන ගමන්ම පටන් ගත්ත මෙහෙම දෙබසක්…

”හොඳ වෙලාවට මම මේ ඩ්‍රයිවින්ග් ස්කූල් එකට ආවේ මල්ලි… අර ගල්ෆ් ඩ්‍රයිවින්ග් ස්කූල් එකේ ඉන්න එවුන් නම් එපාකරපු සෙට් එකක්.. ලංකාවේ කියල බලන්නේ නැතුව මුන් ජරාව ඉල්ලනවනේ අපෙන්…මහා කැත වැඩ නේද මල්ලි.. හොඳ වෙලාවට මල්ලි වගේ කෙනෙක් හම්බුනේ.. නැත්නම් අර උලමෝ ටික මගෙන් රියල් සීයක් ඉල්ලුව එක පාරක්.. මහ ලජ්ජා නැති හරක් මල්ලි… ඔය වගේ උන් නිසා තමයි මල්ලි අපේ රටට හරියන්නේ නැත්තේ..“

මෙහෙම කිය කිය බැන්නම ඉතින් අර අසරණයා කීයක් හරි ඉල්ලන්ඩ කියලද …

පව් අසරණ මිනිස්සු….

image: http://www.alkhebradriving.com/images/gallery/Al-Kebra10.jpg

2 responses to “ඩ්‍රයිවින්ග් ස්කූල්

  1. කතාව නම් අහලා පුරුදුයි, ඒත් කව්ද කියලා නම් ක්‌ලික්‌ වෙන්නෙ නැ…..ගොඩ දවසකින් ලස්‌සන කතාවක්‌ දැම්මට බොහොම ස්‌තූතියි අයියා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න