“චූ පුතා” සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාද


ඉටි කිරිස් කෙලි පොඩ්ඩියෙක් ගෙන් නිකං හග් එකක් ගන්න තිබුනු චාන්ස් එක නැතිවෙච්ච හැටි කලින් පෝස්ට් එකෙන් කිව්වනේ.. ඒක බලන්න බැරි උන අයට මෙතැනින් ගිහින් බලන්න පුලුවන්… එතැන ඉඳලා තමයි අද කතාව..

මාස තුනකට වඩා මොකුත්ම ලිව්වේ නැති නිසා SUB සින්ඩියෙන් හැලිලා ගිහින්, ඒ නිසා මේ දවස් වල කට්ටිය එන්නේ ලාංකීය එකෙන් සහ කොත්තුවෙන් විතරයි. ආයේ ඇතුලත් කරගන්න කියලා දැම්මට තාම උනේ නෑ.. ඒ නිසා වෙනදා වගේ නෙවෙයි බලන ගාන සෑහෙන අඩු වෙලා.. කොහොමත් මේ දවස් වල ලියන ඒවත් මෙලෝ රහක් නැතුව ඇති…

බැක් ටු බ්‍රසල්ස්..

“චූ පුතා” ඉන්නේ ග්‍රෑන්ඩ් ප්ලේස් එකට ලඟින්මයි…

අපි චූ පුතා කියලා නෝන්ඩියට වගේ කිව්වට මේ පිළිමය දැන් බ්‍රසල්ස් වල සංකේතයක් බවට පත්වෙලා අවසානයි…

Mannekin Pis නමින් හඳුන්වන මේ ලෝකඩ ප්‍රතිමාවේ දැක්වෙන්නේ චූ කරමින් ඉන්න කුඩා දරුවෙක්. 1388 දී පමණ හදපු මේ පිළිමය, පසු කාලීනව විනාශවූ නිසා දැන් තියෙන්නේ 1619දී නැවත හදපු ප්‍රතිමාවක්.

පහතින් තියෙන්නේ ඒ චූ පුතා පිළිමයයි..

අපි හිතාගෙන ගියාට වඩා පිළිමය ගොඩක් කුඩා එකක්..

අපි යනකොට චූ පුතා අමු හෙලුවෙන් හිටියට කාලෙන් කාලෙට මිනිස්සුන්ට ලැජ්ජා හිතිලා ඌට එක එක ඇඳුම් අන්දනවා.

ඒ දවස් තුන්සිය හැට පහේම කුට්ටම එළියේ දාගෙන ඉන්න චූ පුතාට සංවරකම උගන්නන්න නම් නෙවෙයි.. බලන් ඉන්න අයට ලැජ්ජා හිතිලත් නෙවෙයි. උත්සව සමරන්න සහ වැදගත් දිනයන් වලදි තමයි මෙහෙම කෙරෙන්නේ…

පහතින් තියෙන්නේ ඒ වගේ චූ පුතාගේ අමු හෙලුව බලං ඉන්න බැරුව ඇඳුම් අන්දපු අවස්ථා කීපයක්.

පොර ජිම් පප්පාටත් ඇඳලා තියෙනවා..

පොරට අද වෙනකන් අන්දපු ඇඳුම් ඔක්කෝම බ්‍රසල්ස් සිටි මියුසියම් එකේ තියෙනවා..

*******

මේ චූ පුතා හැදුන හැටි පිළිබඳව ප්‍රසිද්ධ ජනප්‍රවාද කීපයක්ම තියෙනවා..

එකකින් කියැවෙන්නේ ඉස්සරම කාලේ ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ දරුවෙක් නැතිවෙලා තියෙනවා.. ලෝකේ හැම තැනම හොයලා හොයලා අන්තිමට ඒ දරුවාව හම්බුනේ මෙතැනදී. ඒ හම්බෙනකොට ළමයා හිටපු ඉරියව්වෙන් එතැන පිළිමයක් කරා කියල කියල තමයි කියන්නේ.

තවත් ජනප්‍රවාදකින් කියන්නේ 1140 වගේ ඩොටේ කාලෙකදි අවුරුදු 2ක් වයසැති එක්තරා රජතුමෙක්ගේ රාජ්‍යයකට සතුරු සේනාව පහර දුන්නාලු. යුද්ධය දරුණුවට යන අතරේ, මේ චූටි රජතුමාගේ සේනාව රජතුමාව කූඩෙක දාලා, උස ගහක බෙනයක් ඇතුලේ හැන්ගුවාලූ. කොහොමින් හරි ගේමක් දීලා මේ චූටි රජතුමාගේ සේනාව යුද්ධය දිනුවාලු. යුද්ධය යන අතර තුරේ, සතුරු සේනාව මේ රජ-පැටියා හංගපු ගහ යට ඉන්නකොට මේ රජ-පැටියා ඒ සේනාවට උඩ ඉඳන් චූ කරා කියලා තමයි කියන්නේ…

තවත් ජනප්‍රවාදකින් කියන්නේ එක්තරා කාලයක බ්‍රස්ල්ස් නුවරට සතුරෝ ඇටෑක් කරලා, තැන තැන බෝම්බ හයි කරලා තියේනවා.. ඒ කාලේ ඉතින් ඒවා පත්තු කරන්න රිමොට් එහෙම නෑ නේ.. වෙඩි ළණුව තමයි ඉතින්… මේ වගේ පත්තු කරපු වෙඩි ළණුවක් උඩට නගරයේ හිටපු පොඩි එකෙක් චූ කරලා එකෙන්ම බෝම්බේ පිපිරෙණ එක නැවැත්තුවාලු. ඒක සිහිවෙන්න නගරාධිපති කෙනෙක් මේක හැදෙව්වා කියලත් කියනවා…

ඔන්න ඔය වගේ මෙකී නොකී කතා ගොඩාක් තියෙනවා චූ පුතා ගැන..

*******

මේකේ හොඳම පාට් එක තමයි, සමහර උත්සව කාලෙට මේ පිළිමය චූ කරන්නේ වතුර නෙවෙයි බියර් !!  ඉතින් ඒ කාලෙට චූ පුතාගේ චූ බියර් බොන්න කට්ටිය පෝලිම් ගැහිලා ඉන්නවයි කියලා තමයි ආරංචිය.

*******

යුරෝපයේ ගොඩක් තැන්වල ඉන්නවා වගේ, බ්‍රස්ල්ස් වලත් ජීවමාන පිළිම වලින් නම් අඩුවක් නෑ..

මෙයාලා හෙලවෙනවා බලන්න නම් ඉතින් යූරෝ එකක් දාන්න වෙනවා…

*******

වැරදිලා හරි බ්‍රසල්ස් වලට ගියොත් ප්‍රසිද්ධ බෙල්ජියන් චොකලට් ටිකක් රස බලන්න අමතක කරන්න එපා..

ස්විට්සර්ලන්තයට පස්සේ ලෝකයේ වැඩිම සහ ප්‍රසිද්ධම චොකලට් හදන රට තමයි බෙල්ජියම… පහතින් තියෙන්නේ ප්‍රසිද්ධ ගොඩීවා චොකලට් අවුට්ලට් එකක්… ගනං රත්තරං වලට වඩා ටිකක් අඩුයි.. ඒත් මොකද ඉතින් බඩටනේ… (ඔය කිව්වට එච්චරම ගනං නෑ..)

ගොඩීවා චොකලට් කන්න හිතුනත් නැතත්, බ්‍රසල්ස් වලට ගියොත් චොකලට් වොෆල් එකක් කාලා බලන්න.. මේ පේනවා නේද රහ?

Images of Manneken Pis in costumes from:
1. http://www.flyyy.com/flyweb/cards/28280979.jpg
2.http://1.bp.blogspot.com/_bAIZPjDtT_Q/S8TOsXuJKfI/AAAAAAAAFL4/5nKwiVffiDs/s1600/obelixMannekenPis.jpg
3.http://www.chinadaily.com.cn/english/doc/2006-01/10/xin_46010310093502401161.jpg

14 responses to ““චූ පුතා” සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාද

  1. අර චූටි පුතාගේ කතා ටික නම් ලස්සනයි. 😀
    කිව්වත් වගේ ගණන් උනත්, චොක්ලට්නේ….

  2. මේ පිළිමෙ ලංකාවෙත් උද්‍යාන අලංකරණයට අනන්තවත් යොදාගන්නවනෙ. ඉතිහාසෙ දන්නෙ අදයි. ස්තුතියි සමීර. මේ ඒක නෙවෙයි. වැෆල් ද වොෆල් ත? අපි නම් කියන්නෙ වොෆල් කියලා.
    henryblogwalker the Dude

  3. වැෆල් වුනත් වොෆල් වුනත් කෑවොත් බඩේ

  4. සින්ඩි නැති වුනත් මගේ ලයිස්තුවේ සීත සමීරේ තියෙනවා.

    අර බබා චූ බබෙක් විතරක් නෙමේ වලිග බබෙකුත් නේද?

  5. ලියුම් පෙට්ටියේ මේ පෝස්ට් එක දැක්ක වේලේ කියවන්නෙ නැතුව නිකා හිටියා චූ කථා නිසා.අද නිකමටයි බැලුවේ. බලනකොට බොහොම වැදගත් විස්තරයක් නේ.

  6. මේ බ්ලොග ෆලෝ කරන්නේ කෝමෙයි.. අපරාදෙ කතා මිස් වෙනවා..

  7. Godiva beela nadda?
    Ice coffee ekak hadala ekata dala bonna puluwan. maru 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න