අනේ මමත් වැදි නායකයෙක් වුනානම්

 මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්‍රධානියායි. ඔහුට නායක කම උරුම වන්නේ පිය පරවෙිනියෙන.සියල්ලයටම ඉහලින් සිටින සර්ව බලධාරී  රැහේ නායකයා වන වැදි නායකයා නීතිය නිර්මාණය කරන්නාද වෙි. සාම්ප්‍රදායික වැදි රැහේ නිර්ලිඛිත නීතීන් අවශ්‍ය විට තමන්ට උචිත යැයි හැගෙන පරිදි වෙනස් කරන්නට වැදි නායකයාට බලයක් වේ. වැදි රැහේ ප්‍රජාතන්ත්‍රවාදය ජන සම්මතවාදය විපක්ෂය මානව අයිතිවාසිකමි මාධ්‍ය නිදහස වැනි දෑ නොවේ. බොහෝ විට රැහේ නායකයා තමන්ට උචිත යැයි හැගෙන පරිදි සිය සාමාජිකයන් පාලනය කරණු ලබන අතර රැහේ නීතිය කඩ කරන්නාට ශාරීරික දඩුවම් පමුණුවන්නට පමණක් නොව පාලනය කළ නොහැකි අයිතිවාසිකම් ගැන කථා කරණ නාහෙට නාහන නාම්බන් වැදි රැහෙන් පිටමං කිරීමේ බලයද වැදි නායකයා සතු වේ. ඒ අතින් වැදි නායකයා සතු බලය අති විශාලය. අනෙක් අතට වසර හයෙන් හයට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම වැනි දෑ මගින් නායකයා බලයෙන් පහ කරණ ක්‍රමවෙිදයක්ද වැදි රැහේ නැත. වැදි සමාජයට ජාත්‍යන්තර බලපෑම් වැනි බාහිර සතුරන්ද නොමැති නිසා වැදි සමාජය සාමකාමීය. පවතින ආණ්ඩුවත් වැද්දන්ට මිනිසස්සුන්ටත් වඩා හොදින් සලකන නිසා වැදි රැහේ නායකයා වීම යනු මාර ආතල් වැඩකි. තමාගේ නායක කම පසුව සිය පුතාට හෝ සහෝදරයාට පවරන්නට කිසිදු බාධාවක්ද නොවන නිසා වැදි නායකයාට තම පාඩුවේ පණ තියෙන තාක් රැහේ නායකයා වශයෙන් ජොලියේ ඉන්නට පුලුවන.

අහෝ නමුත් ජන නායකයෙකු වීම මොනතරම් නම් දුෂ්කර කර්ත්‍යව්‍යයක්ද? ජන නායකයා බලයට පත් වන්නේ ජනතාවගේ ඡන්දයෙනි. ඒ බලය ලැබෙන්නේත් වසර හයක කාලයකට පමණි වසර හයකින් මොන ඉටි ගෙඩියක් කරන්නද? උපරිම සිටියත් කාලය වසර දොලහකි. ජන නායකයා ජනතාවගේ නායකයා නොව සේවකයාය. භූමියේ අයිතිකරු නොව භාරකරුය. ජනනායකයාට ඉහලින් අධිකරණයක් ක්‍රියාත්මක වෙයි. රටේ මුල්‍ය පාලනය භාරකර ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ජන නායකයාත් මුදල් පාලනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පාලනය යටත්ය. ජන නායකයාට එරෛහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මගින් පාර්ලිමේන්තුවට ජන නායකයා බලයෙන් පහකළ හැකිය. ජන නායකයා කරන සියලු කටයුතු සම්බන්ධයෙන් ජනතාවට උත්තර දීමට බැදී සිටියි. සහෝදරයන්ට දරුවන්ට තනතුරු ලබාදුන් විට දාහක් ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවේ. කාලයෙන් කාලයට නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්ට ඔහුට වගකීමක් වේ. රටේ යහ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම කළ යුතුය. මානව අයිතිවාසිනම් වලට ගරුකළ යුතු අතර මානව අයිතිවාසිනම් සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතුය. මාධ්‍ය නිදහසට ගරුකළ යුතුය. ජනතාවගේ තොරතුරු දැන ගන්නට තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. විපක්ෂයට සමාන අවස්ථා ලබා දිය යුතු අතර විපක්ෂය විසින් නගන ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයිය යුතුය. ජාත්‍යයන්තර නීතිවලට හා ජාත්‍යන්තර ප්‍රජාවට සිය රටේ කටයුතු සමිබන්ධයෙන් උත්තර දීය යුතුය.

 තම රටේ සතුරන්ට එරෙහිව කරන යුද්ධයකදී වුවත් යුධ නීතියට ගරු කළ යුතුය. යුධ අපරාධ වර්ග ඝාතන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ආක්‍රමණකාරී අපරාධ නොකරන්නට සිය හමුදාවන් මෙහෙය විය යුතුය. තමන් එවැනි අපරාධ වලට සම්බන්ධ නොවුනත් තමන් ඒ සම්බන්ධයෙන් නොදැන සිටියත් රාජ්‍ය නායකයා වශයෙන් ඔහු පෞද්ගලිකව මෙිවාට උත්තර දීමට බැදී සිටියි.

අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත කාලයට පසු විශ්‍රාම යා යුතු අතර විශ්‍රාම යෑමෙන් පසුව පවා කෝටි ගණන් මුදල් ඔහු සතුව තිබෙන්නේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන්නට බලය සතු ප්‍රජාතන්ත්‍රවාදය නම් කරදරකාරී පාලන රාමුවකට ජන නායකයා කොටු වී සිටියි.

මේ නිසා වැදි නායකකම මෙන් නොව ජන නායකකම යනු දැලි පිහියෙන් කිරිකනවා වැනි අමාරු වැඩකි. එහෙම බලන කොට ජන නායකයාට වඩා වැදි නායකයා මොන තරම් නම් වාසනාවන්ත දැයි අපට සිතේ

3 Comments

  1. පවතින ආණ්ඩුවත් වැද්දන්ට මිනිසස්සුන්ටත් වඩා හොදින් සලකන නිසා වැදි රැහේ නායකයා වීම යනු මාර ආතල් වැඩකි.

    – waddo minissu newi da? dont become this much pathetic

    • සාමාන්‍යයෙන් ලංකාවේ ජන වහර අනුව වැද්දන් හා මිනිස්සු ලෙස හැදින්වීම තමයි කෙරෙන්නේ ඒ මගින් අදහස් වන්නේ වැද්දන් මිනිසුන් නොවන බව නෙමෙයි. භාෂාවේ ගැටලුවක් අල්ලා ගැනීම යනු ලිපියේ අන්තර්ගතය තේරුම් නොගැනීමයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී ගැහැනුන් හා මිනිසුන් ලෙස ව්‍යවහාර වීම මගින් ගැහැනුන් මිනිසුන් නොවන බව අර්ථ ගැන්වෙන්නේ නොමැති ලෙස මෙහිදීත් තත්ත්වය සමාන බව කිව යුතුය.

  2. පවතින තත්ත්වය ගැන ෙහාදට දැෙනන විදියට මතු කරල. එල


Comments RSS TrackBack Identifier URI

Leave a comment