#PresPollSL හම්බන්තොටින් මහින්ද ජනාධිපතිතුමාට විශිෂ්ඨ ජයක් ලැබුණාද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයෙන් පසුව ඔහු බැලීමට පැමිණ හඬා වැලපෙමින් සිටි ජනතාවට කියා සිටියේ ඔහුට හම්බන්තොට විශිෂ්ඨ ජයක් හිමිවී ඇතිබවයි. එයට අමතරව උතුරු නැගෙනහිර වෙනම කොටස් ඉල්ලන සුළු ජාතික ජන කොටස් මෛත්‍රී ජනාධිපතිතුමා පත්කර ගත් බවට ජාතිවාදී නැඹුරුවකින් යුතුව කෙරෙන ප්‍රකාශවලට ඉලක්ම් සම්බන්ධකර ගන්නා බැවින් මම ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයකි මෙය.

2012 ජන හා සංඛ්‍යාලේඛන දත්ත අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහනය 596,617කි. ඉන් 97.07%ක්ම සිංහලය. ආගම වශයෙන් ගත්කල ඉන් 96.74%ක්ම බුද්ධාගමේය. මෙම ජන අනුපාතය ඡන්ද දායකයන් තුල පැවතුනායැයි උපකල්පනය කිරීමේ වරදක් නොමැත.

පහත වගුවේ ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මහින්ද මහතා මෙවර වැඩි චන්ද 104,587 ලභා ඇත. එය 2010 ට සාපේක්ෂව 16,964ක අඩුවීමකි. 2010ට වඩා වැඩි පිරිසක් (49,645ක් – 14.6%ක්) මෙවර හම්බන්තොටින් චන්දය ප්‍රකාශකර ඇත. ඉන් 67.2%ක්ම වැටී ඇත්තේ මෛත්‍රීපාල මහතාටය. එනම් 2015දී වැඩිවූ හැම චන්ද 3කින් දෙකක්ම වැටි ඇත්තේ මෛත්‍රීපාල මහතාටය. මුල්කිරිගලදී විපක්ශයට 56.8ක්ද, මහින්ද මහතාට 45%ක්ද, බෙලිඅත්තේදී විපක්ශයට 72.4%ක්ද, මහින්ද මහතාට 26.75%ක්ද, තංගල්ලේදි විපක්ෂයට 77.%ක්ද,  මහින්ද මහතාට 23%ක්ද, තිස්සමහාරාමයේදී විපක්ෂයට 66.3%ක්ද, මහින්ද මහතාට 34%ක්ද වැඩිවූ චන්දවලින් ලැබිණි.

1999 සිට පැවති සියළුම මැතිවරණවලින් වැඩිම ප්‍රතිශතයක් චන්දය ප්‍රකාශකල මැතිවරණයද මෙයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේදී එම ප්‍රතිශතය 84% ඉක්මවා ඇත.

මේවා සුළුජාතික චන්ද නොවනබව ඉහත දැක්වූ දත්ත ඒබව මානාව පැහැදිය. මෙවැඩිවීම සිදුවූයේ ජාතික රූපවාහිනිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්ක ඒ.ජා.ප. මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ආංඩුවට එක්වූ බවට ප්‍රකාශකරන ලද පසුබිමකය.

 

2010 % 2015 % වැඩිවීම
ප්‍රතිවාදියා 105,336 31.20 138,708 35.93 33,372
MR 226,887 67.21 243,295 63.02 16,408
වැඩි චන්ද 121,551   104,587    
මුළු චන්ද 339,782   389,427   49,645
ලියාපදිංචි 421,186   462,911   41,725

 

එසේනම් මෙය හුදෙක් සුළුජාතීන්ගේ ක්‍රියාවක්යැයි කියා ජාතිවාදය අවුස්සා නැවත රට අස්ථාවර කිරීමට උත්සාහකරන සුළුතරයකගේ ක්‍රියාවන්ට නො‍රැවටී තමා ඉදිරියේ ඇති දත්ත බලා තීරණයකට එලැඹෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.

ඉදිරියේදි අනිකුත් දිස්ත්‍රික්ක ගැනද සටහන් ලියන්නට අදහස් කරමි.

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, මහින්ද රාජපක්ශ, ශ්‍රී ලංකාව, සමාජීය, සිංහල

1 responses to “#PresPollSL හම්බන්තොටින් මහින්ද ජනාධිපතිතුමාට විශිෂ්ඨ ජයක් ලැබුණාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න