2015 ක්‍රිකට් ලෝක කුසලානය සහ ලංකාව #Cricket #Srilanka

“මගේ ඉලක්කන් පිළිබඳ ආශාව සංසිඳවා ගැනීම සඳහා පමණී”

පසුගිය ලෝක කුසලාන දෙක (2007 සහ 2011) සඳහා කණ්ඩායම් ‍තෝරාගත් ආකාරය සැසදීම සඳහා ඊට පෙරාතුව අවසන්වූ ලෝක කුසලානයේ සිට ඒ තරඟාවලිය ආරම්භවනතුරු එක්දින තරඟවල තොරතුරු ‍රැස්කළෙමි. ඒ අනුව 2007 සඳහා 2003 මාර්තු 24දා සිට 2007 මාර්තු 12දා දක්වාද, 2011 සඳහා 2007 අප්‍රේල් 29දා සිට 2011 පෙබරවාරි 18දා දක්වාද යන කාල පරාසයන්හි ශ්‍රි ලංකා කණ්ඩායමේ එක්දින තරඟ පන්දුවට පහරදිමේ සහ පන්දු යැවීමේ දත්ත ‍රැස්කළෙමි. ඒ අනුව පළමු 10දෙනා පහත වගුවල ඇත.

2007 (2003 මාර්තු 24දා සිට 2007 මාර්තු 12දා දක්වා)

තද අකුරෙන් ඇත්තේ 2007 කණඩායමේ සාමජිකයන්ය (මහේල, මාවන්, ඩිල්ෂාන්, සනත්, රසල්, ඩිල්හාර, බන්ඩාර, නුවන්, මාලිංග, කුමාර්, මුරලි, චාමර, තරංග, වාස්, මහරූෆ්)

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
කුමාර් 97 88 11 3390 44.03 76.70
සනත් 81 78 5 2544 34.85 94.78
මහේල 94 86 11 2526 33.68 77.63
මාවන් 78 71 8 2183 34.65 66.86
ඩිල්ෂාන් 92 77 16 1810 29.67 78.80
තරංග 43 40 0 1416 35.40 74.88
රසල් 50 42 11 1035 33.39 71.68
චන්දන 43 31 7 569 23.71 71.48
මහරූෆ් 60 39 10 564 19.45 82.34
අවිශ්ක 19 19 1 486 27.00 63.53

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
මුරලි 3689 2368 100 23.68 3.85 36.9
වාස් 3432 2371 91 26.05 4.15 37.7
මහරූෆ් 2320 1857 71 26.15 4.80 32.7
ඩිල්හාර 2136 1909 54 35.35 5.36 39.6
චන්දන 1937 1573 53 29.68 4.87 36.5
සනත් 2414 1816 41 44.29 4.51 58.9
මාලිංග 1319 1052 39 26.97 4.79 33.8
ඩිල්ෂාන් 1942 1552 36 43.11 4.80 53.9
සොයිසා 1171 835 35 23.86 4.28 33.5

මේ අනුව කණ්ඩායමේ 15දෙනාගෙන් 12 දෙනෙක්ම තරඟාවලියට ප්‍රථම වසර හතරතුළදීම දස්කම් දැක්වූ අයයි.

2007 තරඟාවලියට මාස 6කට ප්‍රථම (2006 සැප්තැම්බර් 1දා සිට 2007 මාර්තු 12දා දක්වා) මුල් 10දෙනා මෙසේය.

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
කුමාර් 15 13 1 502 41.83 79.30
තරංග 14 13 0 470 36.15 72.42
සනත් 15 14 2 434 36.17 107.69
මාවන් 15 13 4 296 32.89 67.58
මහේල 15 14 2 268 22.33 70.71
ඩිල්ෂාන් 13 9 1 223 27.88 70.79
මහරූෆ් 14 10 1 160 17.78 70.48
චාමර 4 3 1 142 71.00 85.03
රසල් 4 3 1 95 47.50 70.90
වාස් 9 5 3 62 31.00 87.32

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
මහරූෆ් 456 419 19 22.05 5.51 24.0
මාලිංග 585 472 19 24.84 4.84 30.8
මුරලි 519 285 16 17.81 3.29 32.4
වාස් 444 276 16 17.25 3.73 27.8
ඩිල්හාර 388 327 10 32.70 5.06 38.8
සනත් 450 296 7 42.29 3.95 64.3
බන්ඩාර 144 119 3 39.67 4.96 48.0
රුචිර 66 64 3 21.33 5.82 22.0
ඩිල්ෂාන් 180 146 1 146.00 4.87 180.0
නුවන් 111 94 1 94.00 5.08 111.0

 

මෙම තරඟාවලියට මාස කිහිපයකට පෙරාතුව පැවති ඉන්දියානු සහ නවසීලන්ත සංචාරයන්හීදි රුචිර පෙරෙරාට වඩා නුවන් කුලසේකරදැක්වූ දස්කම් ඔහුගේ තේරීමට ඉවහල්වූවා හැකිය. චාමර සිල්වාද ඉන්දියානු සංචාරයේදී ශතකයක් ‍රැස්කළේය (ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරඟ ජීවිතයේ එකම ශතකය). මාලිංග බණ්ඩාරද ඉන්දියානු සංචාරයේදී හොඳින් පන්දුයැවීය.

කණ්ඩායම 2007 ලෝක කුසලාන තරඟාවලිය තුළදී දස්කම් දැක්වූ ආකරය මෙසේය.

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
මහේල 11 11 2 548 60.89 85.09
සනත් 11 11 1 467 46.70 98.32
චාමර 11 10 2 350 43.75 77.43
කුමාර් 11 11 1 350 35.00 75.27
ඩිල්ෂාන් 11 9 2 217 31.00 91.95
රසල් 11 9 5 118 29.50 81.94
තරංග 11 11 0 298 27.09 66.82
වාස් 10 4 2 34 17.00 87.18
බන්ඩාර 1 1 0 17 17.00 89.47
මහරූෆ් 6 3 0 39 13.00 108.33
මාලිංග 8 3 1 12 6.00 80.00
ඩිල්හාර 7 3 2 3 3.00 37.50
මුරලි 10 2 1 3 3.00 100.00
නුවන් 2 1 0 1 1.00 20.00

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
මුරලි 508 351 23 15.26 4.15 22.1
මාලිංග 350 284 18 15.78 4.87 19.4
වාස් 466 286 13 22.00 3.68 35.8
මහරූෆ් 264 198 9 22.00 4.50 29.3
සනත් 404 302 7 43.14 4.49 57.7
ඩිල්ෂාන් 221 158 5 31.60 4.29 44.2
ඩිල්හාර 290 278 5 55.60 5.75 58.0
රසල් 61 46 3 15.33 4.52 20.3
බන්ඩාර 58 53 1 53.00 5.48 58.0
නුවන් 66 30 0 2.73

 

තරඟාවලියේ විශේෂ සටහන්:

  1. මාවන් අතපත්තු කිසිම තරඟයක් ක්‍රීඩා නොකිරීම.
  2. මුරලිගේ විකට්‍ටුවකට සාමාන්‍ය සහ විකට් ලබාගැනීමට භාවිතාකල පන්දු ගණන පසුගිය වසර හතරටම සහ පෙර මාස 6 වඩා විශාලලෙස අඩුවීම.
  3. ඩිල්හාර ප්‍රනාන්දුගේ විකට් ලබාගැනීමේ සාමාන්‍ය, පන්දු වාරයකට දුන් ලකුණු ගණන සහ විකට්‍ටුවක් ලබාගැනීමට භාවිතාකල පන්දු ගණන පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉතා විශාලලෙස වැඩිවීම.
  4. ලසිත් මාලිංගගේ විකට් ලබාගැනීමේ සාමාන්‍ය, පන්දු වාරයකට දුන් ලකුණු ගණන සහ විකට්‍ටුවක් ලබාගැනීමට භාවිතාකල පන්දු ගණන පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉතා විශාලලෙස අඩුවීම.
  5. තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පසුගිය වසර හතරට (2003 – 2007) වඩා හොඳින් පන්දුයැවීම.
  6. පසුගිය කාලසීමාවට සාපේක්ෂව උපුල් තරංගගේ සහ කුමාර් සංඝක්කාරගේ ලකුණු ‍රැස්කිරීමේ සාමන්‍ය සහ වේගය දෙකම පහතවැටීම.
  7. පසුගිය කාලසීමාවට සාපේක්ෂව මහේලගේ ලකුණු සාමාන්‍ය දෙගුනවීම සහ ලකුණු ‍රැස්කිරීමේ වේගය වැඩිවීම.

 

2011 (2007 අප්‍රේල් 29දා සිට 2011 පෙබරවාරි 18දා දක්වා)

තද අකුරෙන් ඇත්තේ 2011 කණඩායමේ සාමජිකයන්ය (කුමාර්, මහේල, ඩිල්ෂාන්, ඩිල්හාර, නුවන්, මාලිංග, මුරලි, චාමර, තරංග, තිලාන්, මැතිව්ස්, තිසර, අජන්ත, හේරත්, කපුගෙදර, රන්දිව් – මැතිව්ස් වෙනුවට අවසාන තරඟයට)

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
කුමාර් 82 80 5 2873 38.31 76.98
ඩිල්ෂාන් 74 70 8 2647 42.69 96.22
මහේල 82 79 7 2169 30.13 78.50
තරංග 57 55 5 1779 35.58 72.70
සනත් 51 50 0 1385 27.70 96.31
කපුගෙදර 67 56 6 1237 24.74 71.26
චාමර සිල්වා 39 33 4 811 27.97 67.92
තිලිණ 29 27 6 791 37.67 72.37
මැතිව්ස් 35 27 7 702 35.10 83.08
තිලාන් 27 22 6 553 34.56 77.23

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
නුවන් 3027 2321 90 25.79 4.60 33.63
අජන්ත 2187 1607 82 19.60 4.41 26.67
මුරලි 2291 1714 64 26.78 4.49 35.80
මාලිංග 2087 1745 57 30.61 5.02 36.61
තුශාර 1676 1393 50 27.86 4.99 33.52
ඩිල්හාර 1401 1125 45 25.00 4.82 31.13
මහරූෆ් 1348 1078 41 26.29 4.80 32.88
සනත් 1042 862 27 31.93 4.96 38.59
මැතිව්ස් 1104 853 27 31.59 4.64 40.89
තිසර 592 518 25 20.72 5.25 23.68

 

මේ අනුව කණ්ඩායමේ 15දෙනාගෙන් 14 දෙනෙක්ම තරඟාවලියට ප්‍රථම වසර හතරතුළදීම දස්කම් දැක්වූ අයයි.

2011 තරඟාවලියට මාස 6කට ප්‍රථම (2010 අගෝස්තු 1දා සිට 2011 පෙබරවාරි 18දා දක්වා) මුල් 10දෙනා මෙසේය.

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
කුමාර් 11 10 1 363 40.33 78.91
තරංග 11 10 3 357 51.00 66.23
ඩිල්ෂාන් 11 10 0 335 33.50 88.39
මහේල 11 10 2 256 32.00 75.74
මැතිව්ස් 11 7 3 155 38.75 94.51
චාමර සිල්වා 6 4 2 104 52.00 65.82
රන්දිව් 6 4 0 64 16.00 67.37
මාලිංග 10 3 0 63 21.00 91.30
කපුගෙදර 8 4 1 48 16.00 75.00

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
තිසර 278 204 18 11.33 4.40 15.4
මාලිංග 472 324 15 21.60 4.12 31.5
නුවන් 415 321 9 35.67 4.64 46.1
මැතිව්ස් 312 224 7 32.00 4.31 44.6
ඩිල්හාර 156 125 6 20.83 4.81 26.0
රන්දිව් 212 177 6 29.50 5.01 35.3
අජන්ත 174 138 5 27.60 4.76 34.8
හේරත් 174 122 4 30.50 4.21 43.5
මුරලි 216 150 4 37.50 4.17 54.0
ඩිල්ෂාන් 96 88 0 5.50

 

කණ්ඩායම 2011 ලෝක කුසලාන තරඟාවලිය තුළදී දස්කම් දැක්වූ ආකරය මෙසේය.

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
ඩිල්ෂාන් 9 9 1 500 62.50 90.74
කුමාර් 9 8 3 465 93.00 83.78
තරංග 9 9 2 395 56.43 83.69
මහේල 9 7 1 304 50.67 100.00
තිලාන් 9 7 4 110 36.67 73.83
මැතිව්ස් 8 5 2 94 31.33 104.44
චාමර සිල්වා 7 4 0 77 19.25 70.00
නුවන් 6 4 1 64 21.33 120.75
තිසර 4 4 1 44 14.67 141.94
මුරලි 9 2 1 7 7.00 175.00
මාලිංග 7 1 0 6 6.00 150.00
හේරත් 4 1 1 4 40.00
කපුගෙදර 2 2 0 3 1.50 37.50
අජන්ත 6 1 1 0 0.00
රන්දිව් 1

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
මුරලි 426 291 15 19.40 4.10 28.4
මාලිංග 292 270 13 20.77 5.55 22.5
ඩිල්ෂාන් 186 126 8 15.75 4.06 23.3
අජන්ත 256 134 7 19.14 3.14 36.6
තිසර 186 174 7 24.86 5.61 26.6
මැතිව්ස් 216 171 6 28.50 4.75 36.0
නුවන් 290 214 5 42.80 4.43 58.0
හේරත් 174 124 3 41.33 4.28 58.0
තිලාන් 12 4 1 4.00 2.00 12.0
චාමර සිල්වා 18 12 0 4.00
රන්දිව් 54 43 0 4.78

 

තරඟාවලියේ විශේෂ සටහන් (කෙටියෙන්):

  1. මුරලිගේ පන්දු යැවීම
  2. ඩිල්ෂාන්ගේ තුන් ඉරි අව්වේ දස්කම්
  3. මාලිංගගේ පන්දු යැවීම
  4. කුමාර් සහ මහේලගේ පන්දුවට පහරදීම
  5. චාමර සිල්වා සහ චාමර කපුගෙදර අසාර්ථකවීම
  6. අවසාන තරඟයට මැතිව්ස් ඇතුළුව හතරදෙනෙකු වෙනස්කිරීම

 

2015 (2011 අප්‍රේල් 03දා සිට අද දක්වා) – අසම්පූර්ණ දත්ත

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
කුමාර් 89 85 6 3680 46.58 82.62
ඩිල්ෂාන් 85 84 10 3016 40.76 82.54
මහේල 82 77 4 2414 33.07 80.04
මැතිව්ස් 90 79 23 2217 39.59 83.69
චන්දිමාල් 81 73 10 1805 28.65 73.08
තිරිමාන්න 68 54 5 1459 29.78 67.64
තරංග 54 51 2 1413 28.84 73.52
කුසල් 33 31 3 736 26.29 86.28
තිසර 59 44 9 679 19.40 104.30
නුවන් 68 49 8 581 14.17 89.11

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
මාලිංග 4431 4025 144 27.95 5.45 30.8
තිසර 2211 2034 71 28.65 5.52 31.1
නුවන් 3051 2555 63 40.56 5.02 48.4
මැතිව්ස් 2472 1829 47 38.91 4.44 52.6
හේරත් 2031 1485 46 32.28 4.39 44.2
අජන්ත 1229 1004 46 21.83 4.90 26.7
සචිත්‍ර 1806 1393 40 34.83 4.63 45.2
ලක්මාල් 980 846 34 24.88 5.18 28.8
ජීවන් 779 652 19 34.32 5.02 41.0
ප්‍රසාද් 457 390 19 20.53 5.12 24.1

 

2015 තරඟාවලියට මාස 6කට ප්‍රථම (2014 අගෝස්තු 1දා සිට…..අසම්පූර්ණ දත්ත) මුල් 10දෙනා මෙසේය.

පන්දුවට පහරදීම

Player Mat Inns NO Runs Ave SR
මැතිව්ස් 3 3 1 182 91.00 90.55
මහේල 3 3 0 156 52.00 90.70
තිසර 3 2 0 78 39.00 169.57
ඩිල්ෂාන් 3 3 1 69 34.50 87.34
තරංග 3 3 0 59 19.67 84.29
ප්‍රියන්ජන් 3 2 1 42 42.00 190.91
කුමාර් 3 3 0 38 12.67 62.30
නුවන් 2 2 2 8 88.89
චන්දිමාල් 1 1 0 6 6.00 42.86
ප්‍රසන්න 2 1 0 1 1.00 16.67

 

පන්දු යැවීම

Player Balls Runs Wkts Ave Econ SR
තිසර 108 96 9 10.67 5.33 12.0
හේරත් 127 93 4 23.25 4.39 31.8
මාලිංග 137 133 4 33.25 5.82 34.3
ප්‍රසන්න 84 44 3 14.67 3.14 28.0
මැතිව්ස් 96 74 2 37.00 4.63 48.0
ප්‍රසාද් 36 25 2 12.50 4.17 18.0
ඩිල්ෂාන් 42 42 1 42.00 6.00 42.0
නුවන් 77 79 0 6.16
ප්‍රියන්ජන් 18 17 0 5.67

 

පසුගිය ලෝක කුසලාන තරඟාවලි 2 අනුව එයට පෙර ලෝක කුසලානයේ සිට ගතවුණු වසර හතර තුළදී මුල්තැනට පිතිකරුවන් 7 දෙනාද (2011 ට පෙර සනත් ජයසූරියඑක්දින තරඟවලින් විශ්‍රාම ගත්තා), පන්දු යවන්නන් 4දෙනාද තරඟාවලියේ සංචිතයට ඇතුළුවී ඇත. අනුව කුමාර්, ඩිල්ෂාන්, මහේල,මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න, තරංග, මාලිංග, තිසර සහ නුවන් යන ක්‍රීඩකයින් 10දෙනා සංචිතයට ඇතුළත් වීමේ ඉඩකඩ වැඩිය.

නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ තණතිලි වෙනස්යැයි කියවෙන බැවින් 1997 සිට අපේ තරඟකරුවන් ලෝකයේ අනිකුත් තරඟකරුවන්ට සාපේක්ෂව කුමන ස්ථානයක් ගනීවීදැයි සොයා බැලුවෙමි.

අනුව 1997 සිට ඔස්ට්‍රේලියාවෙදී (ඔස්ට්‍රෙලියානුවන් හැර) වැඩිම ලකුණු ‍රැස්කර ඇත්තේ කුමාර්, මහේල සහ ඩිල්ෂාන් අනුපිළිවෙලිනිඑලෙසම වැඩිම විකට් ‍රැගෙන ඇත්තේ මුරලි, ෂෝන් පොලොක්, මාලිංග, වාස්, අෆ්‍රිඩී සහ නුවන් අනුපිළිවෙළටය.

1997 සිට නවසීලන්තයේදී (නවසීලන්ත ජාතිකයින් හැර) වැඩිම ලකුණු ‍රැස්කර ඇති 10දෙනා අතරට ජයසූරිය සහ මාවන් ඇතුළත්වේ. එලෙසම වැඩිම විකට් ‍රැගෙන ඇත්තේ ශ්‍රිනාත්, වාස් සහ මුරලි අනුපිළිවෙළටය.

වැඩිම ලකුණු සහ වැඩිම විකට් තරඟ ගණන මත රඳාපවතින බැවින් ලකුණු සාමන්‍යය සහ විකට් සාමාන්‍යය පහත අයුරින් සසඳා බැලුවෙමි.

ඔස්ට්‍රේලියාව

1997 සිට අඩුමවශයෙන් එක්දින තරඟ ලකුණු 300ක්වත් ‍රැස්කල ක්‍රිඩකයින් 68ක් ඇත. ඔවුන් අතර සිටින ශ්‍රි ලාංකික ක්‍රිඩකයින් ලකුණු සාමන්‍යය අනුපිළිවෙලට මෙසේය. තදපාටින් ඇත්තේ විශ්‍රාම ගිය ක්‍රිඩකයින්ය. අවසාන කොලම එම 68දෙනා අතර අපගේ ක්‍රිඩකයින්ගේ ස්ථානය පෙන්වා ඇත.

Player Mat Inns NO Runs Ave SR Rank
චන්දිමාල් 14 13 3 498 49.80 79.05 8
මැතිව්ස් 16 13 4 388 43.11 91.29 14
කුමාර් 45 44 2 1705 40.60 80.31 19
රසල් 18 18 5 492 37.85 75.23 20
ඩිල්ෂාන් 38 37 6 1167 37.65 81.89 21
සනත් 32 31 1 1006 33.53 97.20 31
මහේල 55 53 4 1599 32.63 81.50 37
හශාන් 14 13 3 318 31.80 57.19 39
තිරිමාන්න 15 11 1 301 30.10 70.49 46
මාවන් 28 28 1 786 29.11 65.50 48
කලුවිතාරණ 12 12 0 349 29.08 78.25 49
තරංග 17 15 1 329 23.50 62.31 61

 

1997 සිට අඩුම වශයෙන් එක්දින තරඟ විකට් 10ක්වත් ලබාගත් ක්‍රිඩකයින් 61ක් සිටිති. ඔවුන් අතරින් ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් විකට් සාමාන්‍යය අනුපිළිවෙලට පහතින් ඇත. තදපාටින් ඇත්තේ තවදුරටත් කණ්ඩායමේ නොමැති ක්‍රීඩකයින්ය. අවසාන කොළමේ එම 61ක් දෙනා අතර එකී ක්‍රිඩකයාගේ ස්ථානය දක්වා ඇත.

ඉහත ලකුණුත් මෙම විකට්‍ටුත් ශ්‍රි ලාංකික කණ්ඩායම වෙනුයෙන්ම ලබාගත් ඒවා නොවේය. ආසියානු සහ අයි.සී.සී. කණ්ඩායම් වෙනුවෙන්ද ඔස්ට්‍රෙලියාවේදී ලබාගත් ලකුණු සහ විකට්ද මෙහි ඇත. 

Player Balls Runs Wkts Ave Econ SR Rank
බන්ඩාර 410 335 14 23.93 4.90 29.3 8
තිසර 556 539 21 25.67 5.82 26.5 15
මුරලි 2082 1605 54 29.72 4.63 38.6 33
මාලිංග 1451 1292 42 30.76 5.34 34.5 37
ඩිල්හාර 630 591 18 32.83 5.63 35.0 43
නුවන් 1499 1193 36 33.14 4.78 41.6 41
මහරූෆ් 553 455 13 35.00 4.94 42.5 50
මැතිව්ස් 532 410 11 37.27 4.62 48.4 55
වාස් 1980 1628 39 41.74 4.93 50.8 60
සනත් 993 832 16 52.00 5.03 62.1 61

 

නවසීලන්තය

ඉහත ආකාරයටම නවසීලන්ත ක්‍රීඩකයින් හැර 1997 සිට නවසීලන්තයේදී එක්දින ලකුණු 200ක්වත් ‍රැස්කල ක්‍රීඩකයින් 50ක් අතුරින් අප ක්‍රීඩකයින් ලකුණු සාමන්‍ය අනුව අනුපිළිවෙලින් මෙසේයතදපාටින් ඇත්තේ තවදුරටත් කණ්ඩායමේ නොමැති ක්‍රීඩකයින්ය.

Player Mat Inns NO Runs Ave SR Rank
රසල් 9 8 3 252 50.40 79.00 15
මාවන් 14 13 2 442 40.18 71.99 24
සනත් 14 13 0 516 39.69 101.98 26
තරංග 9 8 0 264 33.00 69.29 44
කුමාර් 15 14 1 425 32.69 76.44 45

 

මෙහිදී කැපීපෙනෙන දෙයක් වන්නේ තරඟ 15කින් මහේල ‍රැස්කර ඇත්තේ ලකුණු 192ක් වීමත්, තරඟ 8කින් ඩිල්ෂාන් ‍රැස්කර ඇත්තේ ලකුණු 186ක් වීමත්ය.

1997 සිට අවම වශයෙන් එක්දින කඩුලු 6ක්වත් දවාගත් ක්‍රීඩකයින් 65දෙනා අතර විකට් සාමාන්‍යය අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ ස්ථාන මෙසේයතදපාටින් ඇත්තේ තවදුරටත් කණ්ඩායමේ නොමැති ක්‍රීඩකයින්ය.

Player Balls Runs Wkts Ave Econ SR Rank
වාස් 590 408 25 16.32 4.15 23.6 6
සොයිසා 324 204 12 17.00 3.78 27.0 7
මුරලි 818 504 24 21.00 3.70 34.1 15
මාලිංග 204 177 6 29.50 5.21 34.0 42
මහරූෆ් 234 219 6 36.50 5.62 39.0 57
ඩිල්හාර 471 455 12 37.92 5.80 39.3 58

 

පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුයෙන් ක්‍රීඩාකළ කුසල්පෙරේරා, ප්‍රියන්ජන්, ප්‍රසන්න, දිමුත් කරුණාරත්න, චතුරංග ඩි සිල්වා, කිතුරුවන් විතානගේ, අජන්ත මෙන්ඩිස්, ලක්මාල්, ප්‍රසාද්, එරංග, රන්දිව්, නුවන් ප්‍රදීප්, සචිත්‍ර සහ හේරත් යන ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙක් සංචිතයට ඇතුළුවිය හැක.

ලෝක කුසලානයට ප්‍රථමයෙන් තවත් එක්දින තරඟ 10ක් ක්‍රිඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්කර ඇතඉන් 5ක් ලංකාවේදී එන්ගලන්තය සමගත්, ඉතිරි 5 නවසීලන්තයේදී නවසීලන්තය සමගත්යසංචිතයේ අවසාන කිහිපදෙනා තීරණය කිරීම මෙහිදී සිදුවෙනු ඇත. නවසීලන්තයේ තරඟවලට සහභාගිවී නොමැති නායක මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයින් බොහොමයකට මෙය ඉතා හොඳ අවස්ථාවක්වනු නියතය. නවසීලන්තයේ තරඟ 5න් 2ක් ලෝක කුසලාන තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනවලදී පැවැත්වේ

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉතා වැදගත් කාරණා දෙකක් මම දකිමි. එනම් අවශ්‍ය දක්ෂතා සහිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචිතයක් තිබීම සහ මුළු සංචිතයම එකම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමත්ය. මේ සඳහා ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා පාලකයින්ගෙන්ද ඉ‍ටුවියයුතු යුතුකම් රාශියක් ඇත.

දෙවරක් පිට පිටම ලෝක කුසලාන අවසාන තරඟයට ගිය ශ්‍රී ලාංකික කණ්ඩායමට අවශ්‍ය දක්ෂතා ඇති ක්‍රීඩකයින් සිටින බව රහසක් නොවේ. නමුත් එම ක්‍රීඩකයින් සංචිතයට ඇතුළුවේද යන්න ක්‍රීඩා පාලයකින් මත රඳා පවති. ඇතුළුවූ පසු කණ්ඩායමක් ලෙස ක්‍රිඩාකිරීම සියලුම ක්‍රීඩකයින්ගේ යුතුකමකි. නායකයා සහ ජේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම් හැඟීම පවත්වා ගැනීම මෙන්ම නවක ක්‍රීඩකයින් සියල්ලම සඳහා උපකාර කිරීමද ඉතාමත් වැදගත්ය.

කණ්ඩායම් හැඟීම පවත්වාගැනීම සඳහා ක්‍රීඩා පාලයකයින්ගේ ඇඟිලිගැසීම් අවම වියයුතුය. දක්ෂ ක්‍රීඩකයින් අතකොලු ලෙස පාවිච්චිකිරිමෙන් එම දක්ෂතා විනාශ වියහැක. නවක ක්‍රීඩකයින් තම දක්ෂතා නිසා ඔළුව උදුම්මවා ගැනීමද හොඳ කරුණක් නොවේ. කලක් එකට ක්‍රිඩා කිරිමේදී යම් යම් අඩුලුහුඬුතා ඇතිවී සිත් රිදීම් විය හැකිය. එවා “I am sorry guysකිවීමෙන් අමතකකර දැමිය හැකි ඒවායසමාව ඉල්ලිමත්, සමාව දීමත් දෙකම ඉතා උතුම් මනුෂ්‍ය ගතිවේ.

ක්‍රිකට් නරඹන්නෙකු හැටියට මට කිව හැක්කේ එදා වේල කන්නනැති මිනිසුන් පවා ඔබලාගෙන් (ක්‍රීඩකයින් සහ ක්‍රීඩා පාලකයින්ගෙන්බලාපොරුත්තුවන්නේ වෘතීමය (professional) ලෙස ක්‍රියාකරනු ඇතැයි කියාය. ලෝක කුසලාන කාලයේදී රටෙහි සියලුම ප්‍රශ්න (ආර්ථික, ජාතික සහ ජාතිවාදී) මිනිසුන්ට අමතකවේ. කණ්ඩායමේ සංයුතිය බැලුවිට මෙම අවස්ථාව කාලයකට එන අවසාන අවස්ථාව වියහැක (මෙය බොහෝ දක්ෂ ක්‍රීඩකයින්ගේ අවසාන ලෝක කුසලානය වියහැකි නිසා).

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා ඉක්මනින් පුහුණුකරුවෙකු පත්කර ගැනීම, ඔහුට වෘතීමය ලෙස සැලකීම, ක්‍රීඩකයින්ගේ ශරීර සෞඛ්‍ය මෙන්ම ශාරිරික යෝග්‍යතාවය (physical fitness) ඉහළ මට්ටමක පවත්වා ගැනීම, ක්‍රීඩකයින් මහන්සිනොවී තබාගැනීම, අවශ්‍ය පුහුණු කටයුතු ලබාදීම (නවසීලන්ත, ඔස්ට්‍රෙලියානු තත්ව යටතේ), කණ්ඩායමෙ ක්‍රිඩකයින්ට සමසේ සැලකීම, දේශපාලන ඇඟිලිගැසීම් නැවතීම ආදී කර්තව්‍යන් රාශියක් එම වෘතීමය ආකාරයට හැසිරීමට අයත්වේ.

අවසාන වශයෙන් අවුරුදු 19කට පසු ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ‍රැගෙන ඒමට ඔබ සියළුදෙනාට හැකිවේවා යැයි මම ඉතසිතින් ප්‍රාර්ථනාකරමි. ඔබලාට ජය!

දත්ත ලබාගැනීම ක්‍රික් ඉන්ෆො මගින්

එක් ප්‍රතිචාරයක්

Filed under ක්‍රිකට්, ක්‍රීඩා, ශ්‍රී ලංකාව, සිංහල

1 responses to “2015 ක්‍රිකට් ලෝක කුසලානය සහ ලංකාව #Cricket #Srilanka

  1. හොඳ සටහනක්. අන්තිම සංචාරය නවසීලන්තය සමඟ වීම සෑහෙන්න වාසියක්. හරියට T20 ට කලින් බංග්ලාදේශයට ගියා වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න