කිරි සහ කැකිරි

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණකල ජනතාවට වෙඩිතබා මරාදැමීම ඡන්දයක් ළඟ එනවිට නොකළයුතු දෙයකි. එනිසාවෙන් ඇතිවූ ජනතා කම්පනය අමතකකිරීමට ඔවුන්ව ඊළඟ මාතෘකාවට යොමුකළ යුතුව ඇත. නිකම් මාතෘකාවකින් එය කළනොහැක. බඩට සහ හිතට එකවර පහරදියයුතුය. මුස්ලිම් ව්‍යාපරිකයින් මෙරටට ගෙන්වන කිරිවල වසවිස තිබීම එවැන්නකි.

මෙම කථාවේ විශාල අඩුලුහුඬුකම් ඇත. එමනිසාවෙන් මෙය තේරුම්ගැනීමට මට නොහැක. පහත සඳහන් කරුණු කිසිම පිළිවෙළක් නැතිව මා සිතට නැගුණුදෑය.

මාගේ මුහුණුපොතේ පහත ස්ටේටස් අප්ඩේට් දැමූවෙමි.:

Status 1:
නවසීලන්තයේ හරක් තණකොළ කනවිට ඒවායේ ඇති විෂ රසායන උන්ගේ ශරීරය හරහා උන්ගේ කිරිවලටද ඉන් අනතුරුව කිරිපිටිවලට යන මුත්, කිසිම පාලනයක් නොමැතිව කෘෂිරසායන පාවිච්චිකරන ලංකාවේ හරකුන්ගේ ශරීරය හරහා ලංකාවේ නිපදවන කිරිර්පිටිවලට විසරසායන ඇතුළු නොවන හේතුව කුමක්ද? (පිළිතුර ඊළඟ ස්ටේටස් අප්ඩේඑකෙන් බලාපොරොත්තුවන්න)
Status 2:
කාර්මික තාක්ෂණ ආයතනය (අයි.ටී.අයි.) තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ආයතනයකි. අලුත් තාක්ෂණ සහ පර්යේෂණ ඇමතිතුමා ජාතික හෙල උරුමයේ නායකතුමාය. එතුමාගේ පක්ෂයේ ලොකු කකුලක් කාර්මික තාක්ෂණ ආයතයේ නව සභාපතිතුමලෙස පත්වී සති දෙකකි. කාර්මික තාක්ෂණික ආයතනයට අනුව කිරිවල ඩී.සී.ඩී. ප්‍රමාණය තීරණය කිරීමට හයි පර්ෆොර්මන්ස් ළිකුයිඩ් ක්‍රොමැටොග්‍රැ‍ෆි (එච්.පී.එල්.සී) පාවිච්චිකර ඇත. එච්.පී.එල්.සී. සංඝටක වෙන්කර ගැනීමට පාවිච්චිකරන උපකරණයකි. එහි සංඝටක අඳුනාගැනීමේ හැකියාව පාවිච්චිකරන ලද ඩිටෙක්ටරය මත රඳා පවතී. එච්.පී.එල්.සී. භාවිතයෙන් සංඝටක පැහැදිලිව වෙන්කරගැනීම මතද ඩී.සී.ඩී. ප්‍රමාණයේ නිරවද්‍යතාවය රඳාපවතී. හාල්වල ආසනික් නැතිබව කීවේද කාර්මික තාක්ෂණ ආයතනයයි. හෙල උරුමයට අනුව හාල්වල ආසනික් ඇත. එසේනම් පිදුරුකන අපේ වැස්සියන්ගේ කිරිවල ආසනික් ඇතැයිකියා කාර්මික තාක්ෂණ ආයතනය දැන් කියයිද?
——
අඹෙවෙල කිරි සමාගමේ වෙබ් අඩවියට අනුව ඔවුන් කිරි ලීටර් මිලියන 2ක් දක්වා කිරිපිටිකිරීමට ඉලක්කයක් ඇත. නවසීලන්ත කිරි එලෙදෙනෙකු දිනකට කිරි ලීටර් 17ක් පමණ නිෂ්පාදනය කරයි. ඒ සඳහා තන්කොළ කිලෝ ග්‍රැම් 17ක් සහ වතුර ලීටර 50ක් පමණ පරිභෝජනය කරනුලැබේ. ලංකාවේ කිරි එළදෙනුන් සඳහ එම ඉලක්කම් මම නොදනිමි. තණකොළ වැවීමට මාස 3ක් අවශ්‍යය. මේ සියලු දත්ත සලකා බැලුකල ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණය නිපදවීමට එළදෙනුන් සහ තෘනභූමි අපට ඇතැයිද මම නොදනිමි.

නවසීලන්ත හරකුන්ගේ සහ ලාංකීය හරකුන්ගේ ජෛව රසායනය මහා විශාලවෙනස්කමක් නොමැත. ලංකාවේ ඩී.සී.ඩී. නොයොදනා බැවින් එය අපේ කිරිවල නැත. එනිසාවෙන් අපේ කිරිවල කිසිම අපද්‍රව්‍යක් නොමැතිලෙස හැසිරීම විද්‍යාත්මක හැසිරීමක් නොව දේශපාලනික හැසිරීමකි. කවදාත් සුපුරුදු දේශපාලඟයින්ට කිරි ජනතාවට කැකිරි මෙතනදීද ලැබීඇති බව පැහැදිලිය

එක් ප්‍රතිචාරයක්

Filed under දේශපාලනික, රසායනික, විද්‍යා, ශ්‍රි ලංකා රාජ්‍ය සේවය, සමාජීය, සිංහල, සෞඛ්‍ය

1 responses to “කිරි සහ කැකිරි

  1. ITI ඉදිරි සියළු පරීක්ෂාවන් තම යටතට බාර ගැනීමෙන් ඔවුන්ගේ බලය වැඩිකර ගැනීමත්, GMOA විසින් දියර කිරි ප්‍රමෝට් කරන්න ලබාගත් අවසරයෙන් ඔවුන්ගේ බලය වැඩිකර ගැනීමත් සමඟ ITI කරන ලද කිරිපිටි වල වසවිෂ පර්යේෂණය ගැන ඇත්ත නැත්ත විමසීම සියල්ලන් විසින් පාවා දුන්නා යැයි ප්‍රවෘත්ති වාර්තා කියවද්දී මගේ සිතට එන අදහසකි.

    වෙළඳපොල ක්‍රියාකාරීත්වය යනු ගෙදරක ළමයි දාගන්න සෙල්ලම් කඩයක් යැයි අර්ථ ශාස්ත්‍රය නොදන්නා රටේ දේශපාලනඥයන් සිතන බවක් පෙනේ. අම්මා ඇවිත් ආදරේට සල්ලි දීලා අම්මාම ගෙනැත් දීපු බඩු අරගෙන යන තැනකි බබාගේ සෙල්ලම් කඩය. සත්‍යය ලෝකයේ එහෙම කඩ කරගෙන යන අය නැත.

    වෙළඳපොල තරඟයක් නොමැති විට ආර්ථිකයක් වැඩ නොකරන හැටි නොදන්නා බහුතර වැසියන් විසින් “සිරිලක දේ සිරිසැප දේ,” යන මිථ්‍යාවේ යළි ගිලෙන්නට ඉතා ආශාවෙන් සිටින බව පෙනේ. එක්තරා යුගයක දී ආනයන එපා අපිට වවාගෙන කන්න පුළුවන් කියා පටන් ගත් මධ්‍යම සැලසුමේ දී බඩගින්නේ හිටපු අය ඔක්කොම දැන් ඉන්නේ පිටරට ද?!!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න