නිවස > අත්දැකීම් | Experience, මේ දවස් වල අහන සින්දු > හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

 

හීන විල මල් පිපී, මුදාහල සිරියාව

හෙමි හෙමින් ඇවිත්, හිත් මාලිගේ දොර ගාව

හමන විට ඒ සුවඳ ,ආදරේ නුඹ පෑව

වටෙන්න හිතයි, ආයෙමත් නුඹ ගාව

 

පිනි වැටී හිනාවෙන , මල දෙවැට අද්දරට

මගේ නෙතු පියාගෙන , හිදින්නන්ම් එනවාද?

තවත් එක වතාවක්,නුඹේ සුවඳ විදගන්න

හංසියේ එනවාද, ගුරුපාරේ ඇවිදින්න?

 

තාරුක නෙතු හරින, නිහඩ රෑ මැදියමක

ඈතටම දිව ගිහින් විත්, හිත මවයි මල හීන

නෙතු හරින එකම එක, ඇසිල්ලක නුඹ පැමිණ

දිග හරී සෙනෙහසින්, මගේ සමනල මතක.

 

ගීතය මෙතනින් අහන්න.



= සටහන =

මේ ගීතය අවුරුදු පහ හයකට වඩා පරණයි.

කාලෙකට පස්සේ ඊයේ පෙරේදා මතක් උනේ යාලුවෙක්,

“ඒ මොකක්ද බං අර,
උඹ කාලයක් රිංටෝන් එකට දාගෙන හිටපු,
උඹ විතරක් අහන,
පට්ට බූට් සින්දුව?”

කියල අහපු හින්දයි.

අතීතයට අයිති නිදන්ගත ප්‍රේමයේ,

එක්තරා scenario එකක් ,

‘මරුවට’ සටහන් කරගන්න මේ ගීතය සමත් වෙලා තියෙනවා.

ප්‍රේමයේ එක අවස්ථාවක් එනවා අත්හරිනු ලබන හෝ අත්හැරිය යුතු වන.

මෙය බොහෝවිට දෙපාර්ශවයටම හානිදායක විය හැකියි.

යුද්ධයෙන් පසුව සොල්දාදුවා/සතුරා පුනරුත්ථාපනය වන්නේ යම්සේද,

ප්‍රේම යුද්ධයෙන් අනතුරුව ප්‍රේමවන්තයාද

ජීවිතයේ ඉදිරියට යාමට පුනරුත්තාපනය විය යුතුවේ.

අතහැරීමට සිදුවූ අතීතයට අයිති සුන්දරත්වයට ලොබ බදින්නා,

යලිත් එක අවසන් වතාවක් එය විද ගැනීමට සිහින දකියි.

මේ ගීතය ගයනා කරන්නේ ‘ඉන්සිත්’ සංගීත කණ්ඩායම.

මට කිසිම අදහසක් නැහැ මේ ගීතය කොචර ජනප්‍රියද කියන එක.

මේ ගීතය එක්තරා සීමිත කණ්ඩායමක් අතරේ අතිශය ජනප්‍රියයි,

ඒකත් අමුතු විදියකට.

  1. අගෝස්තු 11, 2012 දින 8:11 පෙ.ව. ට

    සිංදුව අහන ගමන්!

  2. hare :-)
    අගෝස්තු 11, 2012 දින 12:55 ප.ව. ට

    කියල වැඩක් නෑ මචෝ. මමත් පට්ට ගහපු සින්දුවක් අවුරුදු 5-6කට විතර කලින්. ඉන්සිත් කට්ටිය මාර වැඩ ටිකක් කරයි කියල හිතුණ මේක ඇහුවම. ඒ වුණාට උන්ගෙ වෙන සින්දුවක් නැති තරම්. මේකත් සෙට් වුණේ කසුන්ගෙ මියුසික් නිසා. ආයෙත් මතක් කලාට තැංකිව් වේවා. ගී පැදුරට ගන්නවා ලිරික්ස් ටික හො‍ඳේ..

    මේග බාගන්න බෑ වගේ හිතෙනවනං මෙන්න ටියුබ්!

  3. සැප්තැම්බර් 12, 2012 දින 7:32 ප.ව. ට

    පලවෙනි වතාවට ඇහුවෙ ඉතාමත් ලස්සන සින්දුවක් !!!!

    මල් හතයි !!!!! 🙂

    ඔබට ජයෙන් ජය !!! :)D

  4. MENAKA
    ඔක්තෝබර් 3, 2012 දින 12:40 ප.ව. ට

    good

  5. MENAKA
    ඔක්තෝබර් 3, 2012 දින 12:41 ප.ව. ට

    i like

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න