නිවස > "කවි" ( ලියන්න ට්‍රයි කරපු ) > = ඔබගේ දැනගැනීම පිණිසයි! =

= ඔබගේ දැනගැනීම පිණිසයි! =

*

මම යහළුවෙකු නොවන,

ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිලයෙන්

එවන ලද පණිවුඩය ලදිමි.

එසේනම් පිළිතුරු නැතිවුවද,

මවිසින් එවන ලද,

අනන්තවූ පණිවිඩද ඔබට ලැබෙන්නට ඇත.

මා ලියන ලද කවි සියල්ලද ඔබ විසින් කියවා ඇත.

*

‘ඔබේ සැමියා දකීවි’යි යන බිය මත,

ඔබගේ ඉල්ලීම පරිදි,

මගේ බ්ලොග් සටහනෙන් ඔබේ ජායාරූපය,

ඉවත් කලෙමි.

මොනවා කෙලෙස සඟවනු,සොරාගනු ලැබුවද,

මසිත හැගීම්, මතකයන්

ඔබට කිසිදින උදුරාගත් නොහැකි බව,

කරුණාවෙන් මතක් කර දෙමි.

*

  1. ජූනි 21, 2012 දින 7:08 ප.ව. ට

    තහනම් ගහේ ගෙඩි කැම ඇගට ගුණ නෑ සහෝ

  2. ජූනි 22, 2012 දින 5:04 ප.ව. ට

    ගහ තහනම් කිරීමට පෙර වතුර දාපු මිනිස්සු අමතක කරන එක වැරදියි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න