Free Hug සහ බ්‍රසල්ස් වල තවත් දේ…


පහුගිය අවුරුද්දේ යුරෝපයේ වටේ පොඩි සංචාරයක් යනින් ගමනේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ දැකපු දේවල් ටිකක් තමයි අද ලියවෙන්නේ…

බ්‍රසල්ස් කියන්නේ යුරෝපීය සංගමයේ මූලස්ථානය පිහිටා තියෙන බෙල්ජියමේ අග නුවරයි. අගනුවර තියෙන ප්‍රධාන සංකේතය තමයි පහතින් තියෙන 1958 Expo World Fair එක වෙනුවෙන් හදපු Atomium එක. යකඩ ක්‍රිස්ටල් එකක ඒකක අණුවක් බිලියන 165 ගුණයකින් විශාල කරාම දැක්වෙන විදියට තමයි Atomium එක හදලා තියෙන්නේ.

මුලින්ම කියන්න ඕන යුරොපයේ අනෙක් නගර වලට වඩා සංචාරකයන්ට අඩු ආරක්ෂාවක් තියෙන නගරයක් තමයි බ්‍රසල්ස් කියන්නේ…ටිකක් හොරකම් එහෙම වැඩියි.. අමු අමුවේ පොකට් එකට විදලා දුවගෙන යන එකට අමතරව පොඩි පොඩි සොඳුරු විදියට කරන හොරකමුත් සිද්දවෙනවා බ්‍රසල්ස් වල…

මගේ හිත ගිය ඒ වගේ සොඳුරු හොරකමක් තමයි ෆ්රී හග් [free hug] එක. ඒක කෙරෙන්නේ මෙහෙමයි… ඔන්න ඔය පහලින් දාලා තියෙන්නා වගේ හොඳට කොටට ඇඳගෙන free hug කියලා ටී ෂර්ට් එක ගහගෙන ඉන්නවා ලස්සන කෙලි පැංචො…

මෙහෙම දකින කාට උනත් හිතෙනවනේ ගිහින් නිකන් දෙන හග් එක ගන්න.. නැද්ද මං අහන්නේ.. ඔහොම කටේ කෙල පෙරාගෙන යන පිරිමි එන්නේ තමන්ගේ පර්ස් එක හරි ඔරලොසුව හරි මාලේ හරි නැතුව තමයි.. මේ කෙලි පැටික්කියෝ කොහොම හරි විදිනවා මොකකට හරි.. ඉස්සර යුරෝපයේ දයානුග්රහය [charity] පිණිස කරපු free hug campaigns වලින් බිඳිල ආපු පොඩි හොරකමක් තමයි මේක.

මේ ගැන කලින් කියවලා දැනගෙන හිටපු හන්දා මම නම් බ්‍රසල්ස් වලට ඇවිදින්න යනකොට පර්ස් එකයි, ඔරලෝසුවයි, මාලෙයි ඔක්කොම ගලවලා වාහනේ තියලා දත කට මැදගෙන ගියේ ෆ්රී හග් එකක් ගන්න… අතේ තියෙන සල්ලි ටිකත් දුන්නා හාමිනේට..

මගේ කරුමෙ කියන්නේ එක දැරිවියෙක් හිට්යෙ නෑනේ ෆ්රී හග් දෙන්න… එක්කො දැන් පොලිසියෙන් වටලනවා, නැත්නං අපේ හාමිනේ මට ඒ පාරවල් වලින් යන්න දුන්නේ නෑ.. මට ලාවට වගේ මතකයි අපේ හාමිනේ කියනවා ඔහෙන් නෙවේයි මෙහෙන් යං කියලා…. කරුමේ… කරුමේ… කොහොම නමුත්, කොහේ ගියත් තමන්ගේ වටිනා කියන දේවල් පරිස්සං කරගන්න එක අපේ වගකීම..

අපේ උන්නැහෙත් ඒක තමයි කරලා තියෙන්නේ බලං ගියාම..

******

බ්‍රසල්ස් වල බලන්න වටිනාම දේ තමයි Grand Place එක. 17වැනි සියවසේ හදපු සජාතීය රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලි ටිකක් තමයි Grand Place වල තියෙන්නේ.. එතැන විහිදා දැක්වෙන ගෘහ නිර්මාණ ශිල්පය සහ කලාකාමීත්වය නිසාම Grand Place එක UNESCO විසින් ලෝක උරුමයක් විදියට හඳුනාගේන් තියෙනවා..

******

බ්‍රසල්ස් වල ග්‍රෑන්ඩ් ප්ලේස් එක අසලම තියෙන ලෝකඩ පිලිමයක් තමයි පහල පින්තූරයේ තියෙන්නේ..

ප්‍රසිද්ධ මතයක් තියෙනවා මේ Dying man ප්‍රතිමාවේ හිසේ සිට පාදාන්තය දක්වා ස්පර්ශ කරලා යම් කෙනෙක් යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කලොත් ඒ දේ ඉටු වෙනවා කියලා..

මමත් ඉතින් ඕ.පූ කියලා කරා කිව්ව විදියටම.

අපිත් එක්ක හිටපු ටුවර් ගයිඩ් නම් කිව්වේ මිනිහා දැන් සිය වතාවකට වැඩිය ඕක කරලා තියෙනවා, තාම මිනිහා ටුවර් ගයිඩ් කෙනෙක් විතරයි කියලා… :ඩ්

******

ඔක්කොම එකෙන් ලියල ඉවර කරන්න හිතුවත්, දිග වැඩි වෙන නිසා අනෙක් කොටස තව දින කීපයකින් දාන්නම්…

ප/ලි: අර ෆ්‍රී-හග් දෙන නංගී ඉන්න පිතූරය ඇරෙන්න අනෙක්වා මගේ. ඒ පිතූරය ගත්තේ මෙතැනින් (http://woody.typepad.com/.a/6a00e554ad492488330115701ba724970c-800wi)

8 responses to “Free Hug සහ බ්‍රසල්ස් වල තවත් දේ…

  1. ෆ්‍රී හග්ස් ගන්න හාමිනේ නැතුව යන්න තිබ්බෙ. පිංතුර ටික හොඳයි.

  2. හාමිනේ තමයි වැඩේ කඩා කප්පල් කලේ! මගේ විරෝධය!
    henryblogwalker the Dude

  3. යාන්තම් නුවැණැති හාමිනේ කෙනෙක් හිටි හන්දා බේරිලා. 🙂

  4. පින්ග්කිරීම: “චූ පුතා” සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාද | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න