ආත්තම්මා සහ දොඩං


ඔන්න එකෝමත් එක රටක හිටියලු එක ගණිකාවක්, අපි කියමුකෝ ෂාෂා කියලා..
ෂාෂාට කාත් කවුරුවත් නැ.. ආච්චි අම්මා විතරයි ඉන්නේ..

නැති බැරි කමට අහවල් කාරිය කෙරුවට, ෂාෂා කැමති උනේ නෑ ආත්තම්මා මේක දැනගන්නවට.. ඒ නිසා උන්දෑට හොරෙන් තමයි කරන දේ කරේ…

ඔහොම යනකොට එක දවසක් පොලිසියෙන් පැනලා ඇල්ලුවා ගණිකාවෝ සෙට් එකක්ම… අපේ පොලිසිය වගේ තමයි ඉතින්, උන් අල්ලන්නේත් අර ස්ව්‍යං රැකියාවක් කරගෙන ඉන්න අහිංසක කෙල්ලෝ විතරයි. ඇයි උන්ව අල්ලන්න ලේසියි… ෆොන් කෝල් දෙක තුනකින් වැඩේ ගොඩ.. පබ්ලිසිටි එක වැඩියි..

හොරු අල්ලන්න, ග්‍රීස් යක්කු අල්ලන්න හෙන ගේමක් දෙන්න ඕන.. ඒ උනාට කිසිම වැදගැම්මක් නැති නිවුස් එකක් නේ ඒක…

ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලෝ සෙට් එකක්ම එක තැනකින් අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ලා පෝලිමට හිටෙව්වා.. ෂාෂාත් ඉන්නවා දැන් පෝලිමේ..

ඔහොම ඉන්න ගමන් ෂාෂාගේ ආත්තම්මා පාරේ යනකොට දැක්කා තමන්ගේ මිණිබිරිය ඉන්නවා පාරේ අනිත් පැත්තේ පෝලිමක…

ආත්තම්මත් ඉතින් ගියා ෂාෂා ලඟට මොකද මේ කියලා අහන්ඩ.

ආත්තම්මා වැඩේ දැනගන්නවට කැමති නැති නිසා කෙල්ල කිව්වා මෙන්න මෙහෙම..

“ආ..මේ..අද පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා මම මේ පෝලිමේ ඉන්නේ ඒවා ගන්ඩ.. ආත්තම්මා යන්ඩ ගෙදර.. මම එන්නම් .. ”

ඒක අහපු ආත්තම්මා, “අනේ දුවේ එහෙනම් මාත් දොඩම් ගන්න ඉන්නං පෝලිමේ..” කියලා පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු..

ඒත් එක්කම ආපු පොලිස් කාරයෙක් පෝලිම දිගට එක එක්කෙනාගේ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමටම ආවලු මේ ආත්තම්ම ගාවට.

පෝලිමේ අන්තිමටම ඉන්න මේ වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට විශ්මය, කේන්තිය, එක්ක පිළිකුලක් වගේ හැඟීමක් හිතට ආවලු…

“හහ්.. වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නේ.. කොහොමද තමුන් ඔය වයසට ඕවා කරන්නේ..” කියලා ටිකක් තදින් ඇහුවලු..

ආත්තම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු..

“අනේ පුතේ.. ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි මට.. මම මගේ දත් කුට්ටම පැත්තකින් තියලා. ඉස්සරහා හක්කෙන් පොත්ත පස්සට ඇදලා ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ….”

මේක අහපු පොලිස් කාරයා ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන ගියාලු යන්න..

මේක කියවපු කවුරු හරි , ” ඊර්යා… මෙන්න මෙයා කුණුහරුප ලියනවා” කියලා හිතනවානම් ආත්තම්මා කෙනෙක් දොඩං කන හැටි වෙන විදියකට හිතා ගත්තු පොලිස් කාරයාටත් වඩා වල් හිතක් තියෙන උන් වෙන්ඩ ඕන..

ප/ලි : මේක මම අන්තිම පේලියට ලියපු කතාවක්. කාලයක් තිස්සේ draft එකක් විදියට තිබ්බා..  මේ දවස් වල අලුතින් මොනවත් ලියන්න වස කම්මැලි නිසා, ඕ. පූ වෙච්චාවේ කියලා පබිලිස් කරා.

image:http://us.123rf.com/400wm/400/400/eskay/eskay0506/eskay050600277/203229-two-ladies-eating-oranges-in-the-kitchen.jpg

12 responses to “ආත්තම්මා සහ දොඩං

  1. මම මේක අන්තිම පේලියෙ බැලුව තමයි. ඔච්චර කම්මැලි වෙන්න එපා සමීර ඔය වයසට.

  2. he he he . . ela ela . . .niyamai ban . . ude paandara hinaa wena seen ekak . . he he he

  3. අහම්බෙන් දැක්කේ. සිනාසි මිය යමි.

  4. අදනෙ දන්නෙ මේ බ්ලොග් එක ගැන. මේ පොස්ට් එක අන්තිම පේලියෙන් කොපි කොරල කියල බනින්න හදනකොට මේකමනේ මේක අන්තිම පේලියේ දාල තියෙන්නෙත්…හෙහ්…හෙහ්..

  5. සෑමගේ බ්ලොගේ කමෙන්ටුවක් තිබ්බ නිසා හොයගෙන ආවේ..

    මේක ෆලෝ කරන්නේ කෝමද බොල… වර්ඩ් ප්‍රෙස් සීන් එකක් නේද ??

ප්‍රතිචාරයක් ලබාදෙන්න