නිවස > අත්දැකීම් | Experience > තිත්ත ඇත්ත! | the ugly truth

තිත්ත ඇත්ත! | the ugly truth

q

මේ ලඟදි ෆේස්බුක් එකේ I’m awsome cause I live in Sri Lanka සමුහය ඉහලින් තියෙන වීඩියෝ එක දාල ලස්සන පොස්ට් එකක් දාල තිබුනා.

ඒක කියෙව්වම මටත් මගේ පහුගිය අවුරුදු 4 ක මතකය ආයේ අලුත් වුනා.

ඉහත වීඩියෝ වලට සාපේක්ෂව මගේ කතාව කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ.

ඒ වුනාට නොකියා බැහැ.

ලංකාවෙන් උසස් අධ්‍යාපනය ලබන්න යන ශිෂ්‍ය-ශිෂ්‍යාවන්,වෘත්තීය අත්දැකීම් බහුල වෘත්තිකයන් බහුතරයකගේත් කතාවත් ඕකම තමා.හැමෝම නෙමෙයි! තමන්ගේ හීනවලට අමාරුවෙන් හරි යන අය ඕනේ තරම් ඉන්නවා.

ඕනෙම කතාවක දෙපැත්තක් තියෙනවනේ!

q

මන්ගේ තියෙන ප්‍රශ්න වලට මුදල් වලින් විසදුම් ලැබෙනවා නම් ,

ලංකාවේ තමාගේ වෘත්තියෙන් තමන්ට ලබන්න සුදුසු වැටුප ලැබෙන්නේ නැතිනම්,

ලංකාවෙ තමන්ගේ වෘත්තීය කරන්නේ නැතුව එංගලන්තේ සුපර් මාකට් එකක බඩු පුරවන එක හොඳයි කියල කාට හරි හිතෙන්න පුළුවන්.

q

ඒ වුනාට මම හිතන්නේ නැහැ කවුරුවත් රට යන්න දඟලන අය යතාර්ථය ස්පර්ශ කරලා ඇතියි කියල.

ඉහත කියපු අය අතරින් ශිෂ්‍යයන් ( සිරාවටම ශිෂ්‍යයන් ) තමන් ඉගෙන ගන්න කාලයේ තමන්ගේ වියදම් පියවාගන්නට මොන තාලේ රස්සාවක් කලත් කමක් නැහැ.

ඒක ඇත්තටම “පැහැදිලි හැකියාව”.නමුත් තමන් මහන්සියෙන් ලද අධ්‍යාපනය පැත්තකට දාල “වාත වීම” හොඳ දෙයන් නෙමෙයි!                                           ( ” වාත වීම ” ඇතුළු පාරිභාෂික වචන මාලාව මෙතනින් බලන්න)

” වාත වීම ” ගැන කියන්න තියෙන හොඳම උදාහරණය තමයි මේ කියන්න යන්නේ.

මම ඉගෙන ගන්න කාලේ අවුරුදු 2ක් ලන්ඩනයේ ප්‍රසිද්ධ අවන්හල් සමුහයක සේවය කලා.අධ්‍යාපන කටයුතු ඉවර උනාට පස්සේ ඉගෙන ගත්ත දේට හරියන රස්සාවක් හොයන්න නොදාපු සෙල්ලමක් නැහැ.ඒ කාලේ (2007 සිට අද දක්වා ) එංගලන්ත ආර්ථිකයේ කඩා වැටීම, සමාගම් බංකොලොත් වීම සහ පළපුරුදු වෘත්තිකයන් බුරුත් පිටින් රැකියා අහිමිවීම් එක්ක අධ්‍යාපන සුදුසුකම් වලට හරියන රස්සාවක් හොයාගන්න ඒක හීනයක්ම තමා.හම්බවෙන රස්සාවත් වියදම් පියවගන්නවත් ප්‍රමාණවත් නැහැ.කොහොමෙන් කොහොමෙන්හරි අවුරුදු 2 ක් එම අවන්හල් සමුහයේ කළමනාකරුවෙක් විදියට සැහෙන කාලයක් වැඩකලා.මාත් එක්ක වැඩ කලේ 99%ක් ශ්‍රී ලාංකිකයන්.

එංගලන්ත ආර්ථික කඩාවැටීම ගැන වැඩිදුර දැනගන්න පහත ලිපි කියවන්න.

ඉතින්,මගේ සහය කළමනාකරු, දෙවන වසර උපාධි අපේක්ෂකයෙක්,ඔහුගේ නමට පිටිපස්සෙ CCNA,CCNP,MCSE වගේ සුදුසුකම් 5 ක් විතර තියෙනවා.උදේ වරුවේ ඉස්සරහ වැඩ කරන ගෑනු ළමයා ලංකාවෙ “ව්‍යාපාර පරිපාලනය ” වසර 2 ක් හදාරලා, එංගලතේදී උපාධිය අවසන් කරලා දැන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පස්චාත් උපාධිය හදාරනවා.පිටිපස්සේ කුස්සියේ “ඒප්‍රන්” ඒක දාගෙන උයන එකා කැලණිය විශ්ව විද්‍යාලයේ උපධිධාරියෙක්.හවස ඉස්සරහ වැඩකරන මල්ලි දෙවන වසර පරිඝණක සහ ව්‍යාපාර කළමනාකරණ උපාධි අපේක්ෂකයෙක්.රෑ කුකා (cook), සංචාරක කර්මාන්තය සහ ව්‍යාපාර අධ්‍යනය පිලිබඳ උපාධි අපේක්ෂකයෙක්.

ඒ අන්තිම කාලේ එකට වැඩකරපු අය.අපි වැඩකරන්න පුරුදු කරපු අය අතරේ හිටිය මීගමුව කොමර්ෂල් බැංකුවේ හිටපු සහාය කළමනාකරු.ඌ දවසක් කියනවා, “අපි ලංකාවේ සුද්දෝ වගේ හිටපු අය අය්යා,මගේ ෆුවල් අලවන්චේ එකම 60,ක්”.”මොන බම්බුවකටද එහෙනං මෙහෙ ආවේ?” කියල ඇහුවම “දන්නැද්ද ඉතින් ලන්ඩන් කිව්වම ලංකාවේ මිනිස්සු කොරවෙනවනේ අය්යා,කව්ද හිතුවේ මෙහෙම කියල.”

කරන වැඩ,කරපු වැඩ කොච්චර අමාරුද,කොච්ච්ච්ර ශාරීරිකව වෙහෙසකාරීද කියල මම කියන්න යන්නේ නැහැ.ඒක දන්නෝ දනිති.ඒක කට්ට කාපු එකා විතරයි දන්නේ අමාරුව.එක සැරයක් අපි ළඟ පුහුණු වෙන්න ආවා,යුද්ධ හමුදාවේ අවුරුදු 5 ක් සේවය කරපු කෙනෙක්. (යුධ හමුදාවට අගෞරව කරනවා නෙමෙයි!) ඔහු අවුරුදු ගානක් දුෂ්කර ප්‍රදේශ වල සේවය කරපු, පාංශු දේහදාරී සෙබළෙක්. පලවෙනි දවසෙ පැය 8ක් වැඩ කරන්න තිබුන උදේ 10 ඉඳං, හවස 6 වෙනකන්.හවස් 3 ට විතර ඔහු අපට ගෙදර යනවා කියල ගෙදර ගියා.”ඇයි අය්යා, වැඩ අමාරුද?” කියල ඇහුවම ඔහු කියනවා, “මල්ලි මම කිලෝ 35 ක ඇමෝ උස්සගෙන කිලෝමේටර් 20-25 කට්ට අව්වේ ඇවිදලා තියෙනවා,ඒ වුනාට මේවා නං කරන්න බැහැ ” කියල.

මගෙත් එක්ක මුල් කාලේ වැඩ කරපු යාළුවා අවුරුදු 9ක් බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයේ සේවය කරපු merchadiser කෙනෙක්.(මම සිංහල  වචනේ දන්නේ නැහැ) ඔහුට 2006 දී ලබපු වැටුප රුපියල් 70,000 ක්  විතර.

q

q

තව කතාවේ හොඳම හරියට ආවේ නැහැ.

දවසක් යාලුවෙක් හම්බවෙන්න ස්ට්‍රැට්ෆ්ර්ඩ් ගිය වෙලාවක ළඟපාත තිබුන මැක්ඩොනල්ඩ්ස් එකකට ගියා මොනවා හරි කන්න.අම්මටසිරි!ලකාවේ තිබ්බ පලවෙනි සුපර් ස්ටාර් වැඩසටහනේ තුන්වෙනියා තමයි එතන බර්ගර් හදන්නේ.

තව මට හම්බවෙලා තියෙනවා කින්ග්ස්බරි වලදී  ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙකුගේ මාධ්‍ය ලේකම්තුමෙක්,ඒ කාලේ නම රට හොල්ලගෙන හිටියට දැන්නම්, බලු රේස් වලට ඔට්ටු දානවා.තව දවසක හම්බුනා සරේ වල සුපර් මාර්කට් එකක ,ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක්.         (විහිලු නෙමේ! )  මුලින්ම මම රස්සා හොයාගෙන යන දවස්වල හම්බ වුනා,ලංකාවේ හිටපු “ඇවිදීමේ ශුරයා”,ඛනිජ තෙල් සේවා සැපයුම් මධ්‍යස්ථානයක වැඩ.

ඕක තමයි යතාර්ථය.එක එක පුද්ගලයාගේ කතාව වෙනස් තමයි.සල්ලි හම්බ කරනවා තමයි.

ඒ වුනාට එකේ ගැබ්වෙලා තියෙන පසුතැවීම ගොඩ දෙනෙක්ට පොදුයි!

හිනාවෙන්නද අඩන්නද කියල වෙලාවකට හිතාගන්න බැහැ!

 

ප්‍රවර්ග:අත්දැකීම් | Experience
  1. සැප්තැම්බර් 20, 2011 දින 1:43 පෙ.ව. ට

    ඔය පැත්තෙන් කතන්දරය ඔහොම වෙත්දී තාමත් අපේ අය මෙහෙමයි

    “A Lankan visa applicant was arrested today (Sep. 19) for fraud after she had reportedly submitted a false education certificate along with her UK student visa application.

    The UK Border Agency referred the case to the Sri Lankan police, the British High Commission said in a statement released today.

    The applicant had claimed that she paid an agent to provide her with the false document.

    “Please do not submit false documents or listen to people who tell you to do so. We check documents thoroughly and, whenever we discover deception, we do not hesitate to take robust action against applicants and agents who supply false documents.” UK Border Agency’s Entry Clearance Manager, Claire Murray, said.

    In addition to the police investigation, the applicant also faces a ban of 10 years on all travel to the UK.

    “The UK Border Agency in Colombo has identified over 550 false documents submitted by Tier 4 student applicants so far this year.

    All applicants who have provided a false document as part of their student visa application have had their visa application refused. They have also been banned from travelling to the UK for ten years.” the release further read.

    – Ada Derana

    මේ ප්‍රවෘත්තිය තුල ඒ කථාව ලියවිලා තියෙයි නේ

    • සැප්තැම්බර් 20, 2011 දින 5:06 ප.ව. ට

      මමත් ඔය සිද්ධිය දැක්කා.
      මේකත් ඒ කතාවම තමයි.

      ඇත්තටම ඉගෙන ගන්න ආසාව තියෙන කෙනෙක් බොරු ලියවිලි දෙන්නේ නැහැනේ!
      මේකත් විහින් අමාරුවේ වැටීමක් ගැන කතාවක් තමයි!
      බුවාට ඉස්තුතියි!

  2. sameera
    සැප්තැම්බර් 20, 2011 දින 3:33 පෙ.ව. ට

    ඇත්ත කතාව මෙහේ ලොකු පඩි ගත්තු හොද ව්‍යාපාර කරපු මිනිස්සු UK , CANADA කීවාම ඇඹරෙනවා. මං කාලයක් STUDENT VISA කරපු OFFICE 1 ක ක වැඩ කල නිසා දන්නව ඔය රටවල තිත්ත ඇත්ත . අපි ලගට මිනිස්සු එන්නෙ හීන මාලිගා හදාගෙන ඇත්ත තත්වය කීවත් විශ්වාස කරන්නෙ නෑ….. හැබැයි ගියාට පස්සෙ අපිට බනිනව රවට්ටලා රට යැව්වා කියලා ඔන්න ඕකයි ලංකාවෙ තත්වෙ.

  3. KC
    සැප්තැම්බර් 20, 2011 දින 10:27 පෙ.ව. ට

    ලොකු අයියේ, ඔයාගේ බ්ලොග් 1 නියමයි. හුගක් ආසාවෙන් කියවන්නේ.

  4. BJ
    සැප්තැම්බර් 20, 2011 දින 10:41 පෙ.ව. ට

    සුපිරි පෝස්ට් එකක් මචන්. ගොඩක් ස්තුතියි මේක පල කලාට. මාත් UK ඉන්න කෙනෙක්. MSc and BSc තියෙනව. එක දවසයි ටෙස්කො එකේ වැඩ කලේ. එපාම වෙලා දාල ආව. මොකද සල්ලි වගෙ නෙවි අපි මහන්සිවෙල ඉගෙන ගත්තු දේවල් සහ ජීවිතෙ. ඒත් කියන්න දුකයි හොඳ උගත් කොල්ලො කෙල්ලො සල්ලි නිසා මේ වගෙ රස්සා කරනව. ලන්කාවට ගියාම අනාගතයක් නෑ. මෙහෙට එන්න දඟලන එඋන්ට කිව්වට තෙරෙන්නෙ නෑ. හිතන්නෙ ඉරිසියාවට කියන්නෙ කියල. Thanks again for posing machan.

    • සැප්තැම්බර් 20, 2011 දින 5:50 ප.ව. ට

      ඇත්ත කතාව මචන්!
      ලංකාවට ගියාම අනාගතයක් නැති කතාව සාපේක්ෂයි මචෝ!
      හුගක් එවුන්ට ලංකාවට යන්න බැරි,
      ඔහේ ටෙස්කෝ එකේ බඩු පුරවල වගේ ,
      ලංකාවට ගිහිල්ල කාගිල්ස් ෆුඩ් සිට් එකේ බඩු පිරෙව්වට සල්ලි හම්බවෙන්නේ නැති හින්ද.

      තමන් ඉගෙන ගත්ත දේ අමතක වෙන්න කලින් එක්කෝ රස්සාවක් හොයාගන්න ඕනේ!
      තමනේ ඔහේ “වාත” වෙන්න කලින් ලංකාවේ industry එක ඇතුලට යන්න ඕනේ!

      කවදාවත් තමන්ට ගැලපෙන රස්සාවක් හොයන එක අතාරින්න එපා!
      සුභ!

  5. සැප්තැම්බර් 20, 2011 දින 12:37 ප.ව. ට

    මේවා කියවනකොට නම හිතෙනවා රට යන්න ඕනෙම නෑ කියලා :/

    • සැප්තැම්බර් 20, 2011 දින 5:24 ප.ව. ට

      හැමදේම සාපේක්ෂයි Deeps!
      පිටරට ගිහින් සාර්ථක වෙච්ච චරිත ඕනේ තරම් අපි අතර ඉන්නවා.

      හැමදේම වගේ අපි අපිට ඇත්තටම ඕනේ දේ මොකක්ද කියල හොඳට කල්පනා කරලා බලන්න ඕනේ!
      එක අතකට ආර්ථික අපහසුතා එක්ක උගත්කම විතරක් තිබිලත් මොකටද?

  6. සැප්තැම්බර් 21, 2011 දින 12:51 පෙ.ව. ට

    පය ගහපු වත්තත් නෑ අල්ලපු වත්තත් නෑ. මොදැනුවත් කමද? මෝඩ කමද?

  7. Madusha
    සැප්තැම්බර් 21, 2011 දින 2:18 ප.ව. ට

    රට යන්න මගෙ වැඩි කැමැත්තක් නෑ කොහොමත්.. මෙහෙට වෙලා මොනා හරි කොරන් ජීවත් වෙන්නයි කල්පනාව..

  8. jayantha ashoka bandara
    සැප්තැම්බර් 21, 2011 දින 2:49 ප.ව. ට

    jayantha london 02/09/2011 bible say is psalm 91;7-8-9 a thousand may fall at your side,and ten thousend at your right hand but it shall not come near you, only with your eyes shall you look, and see the reward of the wicked, because you have made the lord,who is my refuge,even the most high,you dwelling place, read your any time

  9. සැප්තැම්බර් 24, 2011 දින 1:26 පෙ.ව. ට

    එක එක අය උත්සහකරන තරමට තමයි ප්‍රතිපල, මමත් උස්වටකෙය්යාවේ BEng Electrical Electronics කරපු එකෙක්. සිරාවට ඉගෙනගන්න ආවොත් වරදින්නේ නැහැ, කොහොමත් මෙහෙ ඉන්න මෝඩ සුද්දෝ පැටව් ඉංජිනේරු විෂයන් කරන්නේ නෑ.

    මම උපාදිය අවසන්කරේ 2010 නොවැම්බර් මම 2010 දෙසැම්බර් වෙනකල් ඉගෙනගන්න කාලයේ ඉඳන් කරපු බක්කරේ රස්සාවක් තමා කරේ ගිනි රස්නේ පාන් අච්චු අල්ලාගෙන පැයකට ලැබෙන සොච්චම් මුදලට.

    නමුත් මම මගේ සුදුසුකම් වලට සරිලන රැකියා වලට අයදුම් කරා, සමහර සම්මුඛ පරීක්ෂණ වලදී සමත් උනත් විසා තියෙන්නේ අවරුදු 2යි කියල ලැබුනේ නැහැ. බොහොමයකට පසුව එක ආයතනයකින් මට සරිලන රැකියාවක් ලැබුන අතර මම මගේ අයදුම් පත්‍රයේ දමා තිබුනු පෙර කල රැකියාව බක්කරේ වීම ඔඋන්ටත් පුදුමයක් උනා.

    මම හිතන්නේ උතසහ කරොත් වරදින එකක් නැහැ, නමුත් වාත වෙන්න ඇවිල්ල අර හොර සහතික කෙල්ල වගේ ලංකාවේ නම කතාකරන්න එන්නනම් එපා.

  10. සැප්තැම්බර් 24, 2011 දින 5:27 පෙ.ව. ට

    කතාව ඇත්ත!
    එකයි මම හැමවෙලේම කිව්වේ,”හැමෝම නෙමෙයි ,සාර්ථක වෙච්ච ය ඕනේ තරම් ඉන්නවා” කියල.
    ඔයාම එකට උදාහරයක්!
    ඉස්තුතියි!

  11. Ozura
    සැප්තැම්බර් 24, 2011 දින 6:11 පෙ.ව. ට

    මේ තත්වය දැක්කම හරිම දුකයි.මමත් ඉන්නේ පිට රටක.මෙහෙ ඇවිල්ල දුක් විඳින ගොඩක් අය දැකල තියෙනවා.රස්සා හොයාගෙන ඇවිල්ල අන්තිමට ගණිකාවෝ වෙච්ච ලංකාවේ ගැහැණු ළමයි ඉන්නවා..ඉගන ගන්න ඇවිල්ල කට්ටි පැන පැන ඉන්න ලංකාවේ මිනිස්සු ඉන්නවා..අන්තිමට වෙන්නේ රටේ නම කතා වෙන එකයි ..අවශ්‍යතාවයකට වීසා ගන්න යන යටත් එක බැරි වෙන විතරයි..කවුරු කොහොම කිව්වත් ලංකාවේ ඉන්නවා තරම් සතුටක් මට නං වෙන කොහේ හිටියත් නැ..

  12. නොවැම්බර් 14, 2011 දින 1:02 පෙ.ව. ට

    Yes, cool all the best

  1. මාර්තු 9, 2015 දින 3:00 ප.ව. ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න