කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි..


මේ බ්ලොග් එක ලියන පොර ඉන්නවා නේද..? කාටවත් නොකිව්වට පොර පොඩි කාලෙ ඉඳලා, ඒ කිව්වේ කිරි බොන කාලේ ඉඳලම මහින්ද චින්තනය අනුව තිතට මත තිබ්බ පොරක්…

වයස අවුරුද්දක් විතර වෙනකොටම වාගේ තමයි පොර බොන්න පුරුදු වෙලා තියෙන්නේ.. ඒකත් එසේ මෙසේ බීමක් නෙවෙයි.. ලොකු එව්වෝ බොනවා වගේ නප්පියටම ගහලා තමයි පොර ඉන්නේ..

ඒ උනාට ඔය අනිත් බී ගත්තු ඩයල් වගේ නම් නහැ හරිම සාමකාමීයි බිව්වම… පොඩි එකා කාලේ නිසා බිව්වම කරන්නේ හොඬට නිදාගන්න එක… ආයේ කාටවත් කිසිම කරදරයක් නෑ.. අනික් පොඩිඋන් වගේ කිරි ඉල්ල ඉල්ල අඬන්නේ නෑ…

වයස අවුරුද්දක් විතර කාලේ මෙහෙම බිව්වානම් දැං කොහොම බොනවා ඇද්ද කියලා කට්ටියටම කල්පනා කරනවා ඇති… අනේ දෙමාපියන්ගේ සල්ලි නේද? ඒ එක්කම එන අනිත් ප්‍රශ්නේ තමයි මේ බඩගාන වයසේදිම මූ කොහොමද මේ බොන්න පුරුදු උනේ කියන එක…

සිද්දිය මෙන්න මෙහෙමයි.. දෙමාපියෝ දෙන්නම රජයේ සේවකයෝ වෙච්චි නිසා මට අවුරුද්දක් පිරෙනකොටම වගේ අම්මාට ආපහු වැඩට යන්න සිද්ද උනා.. ටික කාලයක් ආච්චි අම්මලා නැන්දලා ඇවිල්ලා මං කොළුවව බලා ගත්තාට, පස්සේ පස්සේ වැඩකාරයෙක් ගන්න උනා මාව බලාගන්න.. පොඩි කාලේ ඉඳන් මාර විසයක් තිබුන නිසා ඒක අනිවා වෙලා තමයි තිබුනේ…

කොහොම හරි වෙනදා දුවන පනින කොල්ලා වැඩකාරයා ආවම තමයි කරටි කැඩෙන්න බීලා නිදාගන්න සෙට් උනේ..

අපේ ගෙදර ඒ කාලේ වැඩට හිටපු කෙල්ල අපේ පැත්තේ පාන් කාරයා එක්ක සෙට් වෙලා ඉඳලා තියෙන්නේ.. මේ මං කියන්නේ අසූව දශකයේ මුල් බාගේ වගේ කාලේ සිද්දියක්.. ඒ කාලේ ලව් එකක් කරගෙන යන්න ඉතින් දෙන්නා හම්බුවෙන්නම වෙනව.. නෝ ෆේස්බුක්, නෝ කෝල්ස්, නෝ SMS, නෝ ඊමේල්.. ඉතින් කොහොමද ලව් එකක් ගෙනියන්නේ…කොල්ලා මීට් වෙන්න යන්න බෑ මාව තනියෙන් ගෙදර දාලා…ඉතින් කෙල්ලගේ පරම පිවිතුරු ආලයට ඉන්න එකම බකට් එක තමයි මං කොල්ලා…

තමන්ගේ පරම පිවිතුරු ආදරය කරගෙන යන්න කෙල්ල ගැහුවා මාර ප්ලෑනක්,  පාං කාරයා එක්ක එකතු වෙලා..

මේ ප්ලෑනෙන් පස්සේ වැඩේ උපරිම සාර්ථක උනා..

ප්ලෑන තමයි මට කිරි දෙන වෙලාවට කිරි බෝතලයට ඕඩ් ක්ලෝන් ටිකක් දැමීම!!

ඕඩි ක්ලෝන් කියන්නේ මධ්‍යසාරයක්.. ඉතින්, මං කොල්ලා හැමදාම කිරි එක්ක සැන්ඩි කරලා නප්පියටම ඇල්කොහොල් ගහලා දවස පුරාම දොයි !!

අරහේ ලව් එක නැගලා යනවා..

ඔහොම තමයි කටේ කිරි සුවඳ යන්න ඉස්සෙල්ලා මම බොන්න පුරුදු උනේ…

පස්සේ පස්සේ මාව වැඩියෙන් නිදිකරවන්න, කිරිත් එක්ක සැන්ඩි වෙන ඕඩි ක්ලෝන් ප්‍රමාණය වැඩි වෙලා… අපේ අම්මාට මේ ගැන පොඩ්ඩක් සැක හිතිලා නිකමට වගේ කිරිබෝතලය ඉඹලා බලද්දි තමයි වැඩේ මීටර් වෙලා තියෙන්නේ..

කෙල්ලට ගහලා පන්නපු නිසා ඒකිගේ ආදරයත් සුන් වෙලා..

ඒක නිසා වෙච්ච දේවල් දෙකයි.

පළවෙනි එක, මම කවදාවත් ඉන් පසු කිරි බොන්න කැමති නොවීම. අදටත්, මම උදේ පාන්දරටත් කිරි තේ බොන්නේ නම් නෑ…හොඳ වෙලාවට අපේ හාමිනේත් කිරිතේ බොන්න කැමති නෑ..

දෙවැනි එක තමයි, එදා ඉඳන් කවදාවත් ඇල්කොහොල් ගත්තේත් නැති වීම… අර ජිම් පප්පා පොඩි කාලේ අරිෂ්ඨ කල්දේරමට වැටුන නිසා ආයේ අරිෂ්ඨ ඕනි උනේ නෑ වගේ, මටත් පොඩි කාලේ අවුරුද්දක් වගේ බීපු නිසා ලොකු උනාම බොන්න ඕනේ උනේ නෑ…

චියර්ස් !!

Image: http://www.joy2day.com/fun-hi-fun/funny-pictures/images/fully-drunk-child-funny-pix.jpg

7 responses to “කිරි බොන වයසේදීම තිතට මත තිබ්බෙමි..

  1. උඹව පොඩි කාලෙ බලාගත්තු කෙනාට බැරිද දන්නෙ නෑ මාව බලාගන්න නේද?… ඒයාට වයස වැඩීනම් එයාගෙ දුවෙක් වුනත් කමක් නෑ…. 😉

  2. ඔන්න කරනවානම් වැඩක් තියනවා.ඉස්සෙල්ලම කාල තරණ යන්ත්‍රයක් හදා ගන්න ඕනැ.පස්සේ බේබද්දන්ගේ බීම නවත්තල දෙන බිස්නස් එකක් පටන් ගන්නවා.උන්ගේ පොඩි කාලෙට ගිහින් ඕඩික්ලෝන් ටිකක් පොවලා එනවා කිරිවලට දාලා.පොඩි වියදමයි යන්නේ.බිස්නස් එක නැගල යයි.

  3. නියම කතාව, ඒත් කියවද්දි නම් දුකත් හිතෙනවා ළමයි ගැන……මේ දවස් ටිකේ අය්යට වෙලාවක් තියනවද බ්ලොග් ලියන්න, හොඳයි හොඳයි දෙන්නම පරිස්සමට ගමන ගිහින් එන්නකෝ…… 🙂

  4. පිරිටන් වලට වඩා ලාබ ඇති ඕඩිකොලෝන්.

  5. පුදුම කොල්ලෙක් නේ !!!!!
    පොඩි කාලේ ඔය බීපු බීම තමයි වෙන්ටෑ තාමත් බොන්නේ. හොදා හොදා ඔහොම බීගෙනම යන්කෝ !!!!! 🙂
    මාත් ඕඩිකොලොන් එකක් හලාගෙන බීලා බලන්න ඕනා. නිකන් අත්හදාබැලීමක් වශයෙන්වත්.

  6. ඔය ඇත්තමද සමීරයො කියන්නෙ? මේක ලමා අපචාරයක්නෙ. මුන්ව තියන්න වටින්නෙ නෑ!!
    henryblogwalker aka Dude

  7. සමීර ලමය එහෙම කිව්වට වැඩකාරිගෙ පිටින් දාල මෙයා කිරි එකට ඔඩිකොලොන් හලා ගත්තද දන්නෙ නැ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න