හෙළුවෙන් නානවා පේනවා..


ඔන්න එකෝමත් එක රටක පදිංචියට ටිකක් තරුණ ඒත් තනිකඩ ගෑණු කෙනෙක් ආවාලු. ඇවිත් ඔය නගරේ මැද්දේ තියෙන උස තට්ටු ගොඩනැඟිල්ලක ගෙයක් එහෙම ගත්තලු…

දන්නවානේ ඔය ජනාකීර්ණ නගර වල එක ළඟ එක ළඟ නේ බිල්ඩින් හදලා තියෙන්නේ.. ඉතින් ජනේල වලින් ඔලුව දැම්මම, අනික් බිල්ඩිමේ ගෙවල් එහෙමත් යහමින් පේනවාලූ…

ඔය තට්ටු ගෙවල් වල ඉන්න වල් කොල්ලෝ එහෙම තමයි ඔය දුර දක්න එහෙම සෙට් කරගෙන අනික් ගෙවල් දිහා “ජංගල්” පාර දාගෙන ඉන්නේ.. අල්ලපු ගෙවල් වල ඉන්න සුකුමාල ගෑණු ළමයින්ට ඉතින් නිදහසේ ඇඳුමක් වත් මාරු කරගන්න නෑ මේ ජංගල් කාරයෝ නිසා…

අර කිව්ව නෝනත් ඉතිං මාසයක් වගේ ඒ අලුත ගත්තු ගෙදර ඉන්නකොට ඒ ගෙදර අයිතිකාර කොම්පැනියට කෝල් එකක් එනවලු ඒ නෝනාගේන්…මෙන්න මෙහෙම.

නෝනා: හලෝ,.. මම ඔහේලාගේ බිල්ඩින් එකේ 599 ෆැලැට් එකෙන් කතා කරන්නේ.. මට තවත් මේ ගෙදර ඉන්න බෑ.. මට මෙතන හරිම කරදරයි.. මට වහාම මෙතනින් යන්න ඕන…

මේක අහලා අයිතිකාර කොම්පැනියෙ බුවා පුදුම උනාලු.. මෙච්චර පහසුකම් තියෙන ගෙදර මොකද ඉන්න බෑ කියන්නේ කියලා..

බුවා: ඇයි මැඩම්, මොකද්ද ප්‍රශ්නේ.. අපිට විසඳලා දෙන්න පුළුවන් දෙයක් නම් කියන්න…

නෝනා: නෑ.. මගේ කාමරේ ජනේලේ එහාපැත්තේ තියෙන ෆ්ලැට් එකේ පිරිමි අයගේ බෝඩිමක නාන තොටුපලක් තියෙනවා.. එතන හැම වෙලාවෙම පිරිමි අය හෙළුවෙන් නානවයි එහේ මෙහේ යනවයි…. මට ඒක හරිම කරදරයක්..මට මෙතන ඉන්න බෑ…

බුවා: ඒක ලොකු ප්‍රශ්නයක් නේ මැඩම්. ඉන්න මම ඉන්වෙස්ටිගේෂන් ටීම් එකක් එවන්නම් පොලීසියටත් දන්වලා..

තමන්ගේ ටෙනන්ට් ලාගේ පහසුව ගැන හොයලා බලන කොම්පැනියක් විදියට පොර පොලීසියටත් කෝල් කරලා, වෙනම ඉන්වෙස්ටිගේෂන් ටීම් එකකුත් එක්ක ගියාලු නෝනා ඉන්න ෆැලැට් එකට.

එහෙම ගිහින් කාරිය, සෙට් එකම අර කිව්ව ජනේලෙන් එකා එකා ඔලුව දාලා බැලුවලු.. ඒත් කාටවත් එහෙම පිරිමි නාන පොට් එකක් පේන්නේ නැතිලු… කට්ටියට දැන් හෙන අප්සට් ලු.

බැරිම තැන, පස්සේ එක බුවෙක් අර මැඩම්ව කාමරේට එක්කගෙන ආවලු.

පොර දැන් අර නෝනාවත් එක්කගෙන ජනේලේ ලඟට ගිහින් පෙන්නලා කිව්වලු…

බුවා: අනේ සොරි මැඩම් අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ…

නෝනා: අයියෝ මෙහෙම බැලුවම පේන්නේ නෑ තමයි…

“මෙන්න මේ කබඩ් එක උඩ නැගලා බැලුවාම තමයි පේන්නේ…”

කියලා ජනේලේ ලඟ තිබ්බ උස කබඩ් එකක් පෙන්නුවාලු.

ප/ලි: හිනා ගියෙ නැත්තං වගකීම බාරගනු නොලැබේ.

15 responses to “හෙළුවෙන් නානවා පේනවා..

  1. මේවට හිනා යන්නැතුව තියෙනවා යෑ. නොනට අර කව්ලුව පහලින් එයිකරලා දුන්නා නම් කරදරේ ඉවරයි.

  2. හෆොයි . . නෝනා තමයි නෝනා . . .

    කස්ටිය නෝනට පොඩි ඉනිමඟක් අරන් දුන්නනම් බඩුම තමයි . .

  3. මාර නෝනා කෙනෙක් තමා.. හි හිහ්

    අදයි මේ පැත්තේ ආවේ.. ලස්සන බ්ලොග් එකක්.. ගොඩක් දේවල් තියෙනවා කියවන්න..

  4. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    නෝන පව්. අර කොල්ලො ටිකට නෝනගෙ ෆ්ලැට් එකෙන් ඇවිත් පදින්චි වෙන්න කියන්න තිබ්බ. එතකොට ඉතින් කබඩ් උඩ නගින්න ඕනේ නෑ නේ

  5. ඔය වගෙ තව පොඩි කතාවක් මතක් උනා….හෙහ්…..හෙහ්,

    ඔන්න ගෙදර පූර්ණ ආරස්සාව පිට මලක් වගෙ හැදිච්චි කෙල්ලෙක් බන්දල දුන්නයි කියමුකො,

    දවස් දෙකයි ගියෙ, මෙන්න කෙල්ල එනව අඬාගෙන ගෙදර,

    ” අනේ අම්මෙ, මට නම් බෑ ඒ මිනිහ එක්ක ඉන්න, ඒ යකා දන්නෙම මහ අමු කුණුහරුප සිංදුනෙ ”

    අම්මට ඉහිලුං නැතුව ගියා මේක ඇහුවම, ” අනේ මගෙ අහිංසක කෙල්ල, මූව උල තියන්ඩ එපාය, ඉතිං ඔයාටත් ඇහෙන්ඩම ඕක ඔව්ව කියනවද?”

    ” නෑ අම්මෙ,කියන්නෙ නං නෑ, උරුහං බානව විතරයි” කෙල්ල ඇඬූ කඳුලෙං කිව්වා.

    -Ravi

  6. තේ බිබී මේක කියවලා හිනා වෙච්ච පාර..තේක හැලිලා මාව පිච්චුනා ..!

    කවුද ඒවට වග කියන්නේ ?

    එල කතාව ..

  7. මේකත් ටිකක් ඒ වගේ තමයි. බිරිඳ සැමියට කිව්වලු, අර කවුළුව වහන්න අනේ අපි කතා කරන ඒව සේරම අල්ලපු ගෙදර ගෑනි අහන් ඉන්නව කියල. සැමියත් සෑහෙන ගානක් වියදම් කරල මහන්සි වෙල කවුළුව වැහුවලු.
    දවස් කීපයකට පස්සෙ බිරිඳ කියනවලු අනේ අර කවුළුව තිබුන විදිහට ඇරල දාන්න කියල .සැමියට මළ පැනල ඇහුවලු ඒ පාර මොකද කියල. අනේ අල්ලපු ගෙදර කතා වෙන කිසි දෙයක මට ඇහෙන්නෙ නෑනෙ කියල බිරිඳ කිව්වලු

  8. තව පොඩ්ඩෙන් නෝනා නානු නාන්නේ!

    නෝනා, නාන්න නන් නාන්න නෝනා
    නොනා නොනා නේන්න නෝනා

  9. වල් හිත තිබුණාම ඔහොම තමා 🙂

  10. කතාවයි රවි ගේ කතාවයි දෙකම පට්ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න