හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම )


දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සෙල්ලා මම සිංහලෙන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අහම්බෙන් වගේ හම්බවෙලා කියවන්න ගත්තු බ්ලොග් දෙකක් නිසා… ඒ බ්ලොග් දෙකේ තිබ්බ අදහස් සහ රචනා ශෛලීන් වල ආකර්ශණය නිසාම මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලිව්වොත් හොඳයි කියලා.. ඒ බ්ලොග් දෙක දැනට සිංහල බ්ලොග් අවකාශයේ විශිෂ්ඨතම බ්ලොග් දෙකක් වන කතන්දර ශූරීන් ගේ “කතන්දර” බ්ලොග් එක සහ දුකාගේ “දුකා” කියන බ්ලොග් එකයි.

අද මේ ලියැවෙන්නේ මේ බ්ලොග් අඩවියේ සියවැනි බ්ලොග් පෝස්ට් එක වීම නිසා ඒ ඇරඹුම ගැන සටහන් කිරීම වටිනවා ඒ බ්ලොග්කරුවන් දෙන්නාටත් කෙරෙන ස්තූතියක් විදියට.

බ්ලොග් පෝස්ට් සීයක් ලියන එක මගේ චක්කරේට අනුව නම් ලේසි වැඩක් නෙවේ. ඒ ගැන විෂේශ කැප කිරීමක් අවශ්‍යයි. ඔෆිස් එකයි, ගෙදරයි, විභාගයි, අතරේ බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්න හරි අමාරුයි… බැඳපු උන් දන්නවා ඇති ගෙදරදී බ්ලොග් ලියන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා.. ඒ නිසා මම නම් හැම එකක්ම ලියන්නේ ඔෆිස් එකේ වැඩක් නැති වෙලාවට, ටික ටික…. ඒ අතින් මේ මෑතකදී අරඹලා බ්ලොග් පෝස්ට් 250ක් වගේ ලියැවෙලා තියෙන රංග – මගේ ලෝකය වගේ බ්ලොග් අඩවි වලට වෙනම සම්මානයක් දෙන්න ඕන ඒ කැපකිරීමටම.

මේ බ්ලොග් ලිවිල්ල අතරේ මම වැඩිම ආසාවකින් කියවපු බ්ලොග් අඩවි කීපයක් මතක් කිරීම වටිනවා. මොකද සිංහලෙන් බ්ලොග් ලියන මේ කාණ්ඩේ නිසා තමයි කාටත් බ්ලොග් ලියන්න කියවන්න ඇල්මක් ආසාවක් එන්නේ.

උඩින් සටහන් කරපු දුකා සහ කතන්දරට අමතරව, “බුද්ධිගේ සයිබර් යාය“, “දුමී ගේ කට කහන කතා” සහ “බ්ලොග් ගඩොල්” බ්ලොග් එකත් දැනට කියවපු හොඳම විනෝදාත්මක බ්ලොග් විදියට මතක් කරලා දෙන්න ඕන.  ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකත් මම නිතරම කියවූ එකක්. මත බේද මොනවා උනත් ඒය ඉතාම උසස් ගනයේ බ්ලොග් අඩවියක් බව සඳහන් කිරීම වටිනවා.

ඊට අමතරව වෙනස්ම වෙනස් පාරක ගිය බ්ලොග් අඩවියක් වන “ගැමියා” බ්ලොග් එකත් ඉතාම රසවත්. ඒක අනිවා කියවියයුතු බ්ලොග් එකක්..

උඩින් කියපු ඒවාට අමතරව පහතින් ලියැවිලා තියෙන බ්ලොග් වලටත් මම නිතර යනවා එනවා..

අතීතයෙන් ගඟ ගලා බසි, අන්තර්ජාලයේ මගේ බිත්තිය..  ,අරුණි ශපීරෝ‍ වෙතින් , ආගිය කතා , ඇල්කෙමියාගේ දිනපොත , උන්නැහේ (පිලේ පැදුර) , ඕනයා , ගෝල්ඩ් ‍ෆිශ් ගෙ බ්ලොග් ටැංකිය, චේජනාගේ පි‍ටුව, ජීවිතේ මල්, ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න,ඩුබායි වට්ටක්කා,  ත්‍රිපිටකය සිංහලෙන්, නදීගේ සිතුවිලි, නිදහස් සිතුවිලි, පිණිපළස, පිස්සාගේ ලෝකයපිස්සිගෙ ලෝකෙ, බයිස්කෝප් සිංහලෙන්, බිඟු නද , බීට්ල් ලියන අකුරු, මකර රජදහන, මගේ මතක, මනුශාන්ගේ සයිබර් අවකාශය ,මාරයාගේ හෝරාව, රත්ගමයා, ලංකා ජ්‍යොතිෂ අරණ, වැප් වැම්පයර්, වෙද ගෙදර, සමනලීට හිතෙන හැටි…, සිතුවිලි මණ්ඩිය, සොඳුරු සිත, හිස් අහස, One | Zero | Zero, Podi Kumarihami, RearGate , Taboo Subjects ,The Last Row | අන්තිම පේලිය ,W3 Lanka ,

ඔය ලිස්ට් එකම මේ බ්ලොග් එකේ හැම පිටුවකම පේන විදියට විජට් එකක් විදියට හදලා දකුණු අත පැත්තට පොඩ්ඩක් බෙල්ල හරවපු ගමන්  පේන විදියට දාලා තියෙන්නේ ( මෙතන → ) බ්ලොග් ලියන අයට පොඩි තල්ලුවක් විදියට.  නිකම්ම නිකන් මම පෝස්ට් සීයක් ලිව්වා කියලා ලියලා යන්නේ නැතුව මේ වගේ අනිත් බ්ලොග් වල පොඩි ඇඩ් එකක් පෝස්ට් එකට දැම්මේ ඒ අයට තව තවත් හිට්ස් අරං දෙන්න..

මගේ බ්ලොග් එක කියවන්න එන මගේ යාලුවෝ ඔතනින් ගිහින් සමහර බ්ලොග් වල යාව ජීව රසිකයෝ වෙලා ඉවරයි.

කොහොමත් පුරුද්දක් විදියට පුලුවන් හැම වෙලාවෙම මම අනික් බ්ලොග් වලට ලින්ක් දානව බ්ලොග් පෝස්ට් ඇතුලේ… හරියට මේ වගේ

එහෙම කරන්නේ ලින්ක් වැඩි තරමට තමයි බ්ලොග් කරනය ජනප්‍රිය වෙන්නේ…අනික අපේ අතින් යනවැ කියලද.. ඒ නිසා කාගේ හරි බ්ලොග් එකක් ඔතෙන්ට ඇතුලත් වෙලා නැත්නම් මම ඕන වෙලාවක රෙඩි ඒක ඇතුල් කරන්න.

උඩ ලිව්ව ඒවා අතරින්  පිස්සාගේ ලෝකය, ,ඩුබායි වට්ටක්කා, උන්නැහේ (පිලේ පැදුර) , යන බ්ලොග් දැන් සෑහෙන කාලෙකින් ලියැවිලා නෑ.. දන්න කවුරු හරි ඉන්නවා නම් උන්නැහේයි, පිස්සායි, ඩුබායි වට්ටක්කා ගැන කියපු පුතා යි යහතින් ඉන්නවද කියන එක ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවනං..

හරි එහෙනං…. අද වෙනකං මම ලියන කුනුහරුප සියක්වාරයක් කියෙව්වා වූද… පුලු පුලුවන් විදියට කමෙන්ට් කරාවූද සකළ විද බ්ලොග් කරුවන්ට මගේ ස්තූතිය..

ඒ වගේම, සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටයි, ලාංකීය සිතුවිලි කට්ටියටයි, කොත්තු අඩවියටයි, අඹ ගහ යට සහ අනික් හැම සින්ඩිකේටරයකටයිත් තැන්ක්යූ වේවා…

යනිං ගමන තව පොඩි ඇඩ් එකක් දාලා යන්න හිතුනා….

මේ ළඟකදී පටන්ගත්තු තවත් සුවිශේෂ බ්ලොග් එකක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන ලියැවෙන. ඉගෙන ගන්න, දැනගන්න දේවල් බොහෝමයි… ඒ බ්ලොග් එක ලියන වෙද ගෙදර මහා වෙදනාත් ඒ  ගැන පර තෙරට උගත් කෙනෙක්…. ගිහින් බලන්න ” වෙද ගෙදරට” !

පින්තූරෙ ඉස්සුවේ මෙතැනින්… ( http://2.bp.blogspot.com/-efr74JFQBuk/TbilyOvDq4I/AAAAAAAAARs/ukUQbMerByg/s1600/winter_party.jpg )

30 responses to “හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම )

  1. සුභ පැතුම්…..!!!!!!!!!!!
    ඇඩ් එකටත් ස්තූතියි 🙂

  2. suba pathum. mamath blog ekak liyanava. mage ekath danna. hondanam vitharai.

    dushantech.blogspot.com

  3. එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!!
    සීය නෙවෙයි සීය වරක් බරගානක් බ්ලොග් ලියවේවා.!!!!!

  4. ඔන්න මම නම් ආවේ අද…. ඒ කියන්නේ ඒ 100ක් ලිවට පස්සේ නේ… ඔන්න මම සුභ පතනවා ඔන්න… ඇඩ් එකක් ඉල්ලන්නත් බැනේ කාලයක් නොලිය ඉදලා අලුතෙන් එකක් පටන් අරන් මාසයයි දවස් 10යි හැබැයි ටෙක් කතා එක්ක පොස්ට් 45ක් විතර දාලා තියනවා.. ඔන්න මමත් මටම පොඩි ඇඩ් එකක් දාගෙන කමෙන්ට් කලා.. කැමතිනම් ඔයාත් ඇඩ් කරලා උදව් කරන්නකෝ.. ඔයාගේ වචන වලින් කියනවා නම් අපේ අතින් පයින් යන්නේ නැනේ
    මෙන්න මගේ එක
    http://sadaru-world.blogspot.com/

  5. තව ලියන්න සුබ පැතුම්….
    ඇඩ් එකටත් ස්තුතියි….

  6. සිංහල බ්ලොග්කරණයේ තවත් දිගු ගමනකට සුභ පැතුම් 🙂

  7. අපිට ඇඩ් නැද්දෝ 🙂
    සෙන්ච්රියට සුභ පැතුම් . .

  8. අප්පච්චියේ සංතෝසයි සංතෝසයි උඹේ බ්ලොග් එක පටන් ගන්න මගේ බ්ලොග් එකත් හේතුවක් උනු එක ගැන අප්‍රමාන සංතෝසයි . . ..
    ලඟදී දවස හැබෑවටම අඳුන ගන්න ලැබුනු එකත් ඒ වගේම සංතෝසයි . .
    දිගටම පියපන් මචෝ . . . හැකි හැමවෙලාවෙම ඇවිත් කියවන්නම් . .
    සුභ පැතුම් ලිපි සීයට . . .
    ජය වේවා . .

  9. අප්පච්චියේ සංතෝසයි සංතෝසයි උඹේ බ්ලොග් එක පටන් ගන්න මගේ බ්ලොග් එකත් හේතුවක් උනු එක ගැන අප්‍රමාන සංතෝසයි . . ..
    ලඟදී දවස හැබෑවටම අඳුන ගන්න ලැබුනු එකත් ඒ වගේම සංතෝසයි . .
    දිගටම ලියපන් මචෝ . . . හැකි හැමවෙලාවෙම ඇවිත් කියවන්නම් . .
    සුභ පැතුම් ලිපි සීයට . . .
    ජය වේවා . .

  10. හෙමින් හෙමින් යන එක තමයි මල්ලි හොඳ, දන්නවනෙ ඉබ්බගෙයි හාවගෙයි කතාව…..දිග ගමනක් යනවනම් හෙමින් හෙමින් යන එක තමයි ඇඟට ගුණ,

    මගේ සුබ පැතුම් මල්ලි,

  11. සුභ පැතුම් සහෝ… මමත් අද මේ පැත්තේ එන්නේ… පෝස්ට් 100 ක් ලියනවා කියන්නේ කට්ට කාලා ඩිග්රියක් ගත්තා වගේ වැඩක් තමා. ඉතින් ඔයා අනෙක් බ්ලොග් කරුවන්ට දෙන සහයෝගයටත් ගොඩක් පිං. පුළුවන් කමක් ඇතොත් අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න. ජයවේවා!!!

  12. අදමයි මම මේ පැත්තේ ආවේ.. සුභ පැතුම් ඔන්න මගෙනුත්…

  13. බොහොම ඉස්තරම්. මමත් දැන් හැට පැනල.

  14. සුභ පැතුම් සමීර… එහෙනම් දාහක් ලියන්ට කාලය, අදහස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කොලා එහෙනම්… 🙂

  15. මට මේ පෝස්ට් එක අත් ඇරුනෙ කොහොමද? පමාවෙලා හරි සුභ පැතුම්…. ජය වේවා… ඇඩ් එකට ස්තූතියි සහෝ…

  16. නියමයි අයියා…..සුභ පැතුම්…..!!

  17. එල බ්ලොග් ටික සමීර මලයෝ..තව තවත් බ්ලොග් ලියන්න කාලය, වාසනාව සහ අවසරය ලැබේවා කියා පතනවා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න