නිවස > මේ දවස් වල අහන සින්දු > මට ඕනේ සාර්ථක වෙන්න විතරයි.| i just wanna be successful

මට ඕනේ සාර්ථක වෙන්න විතරයි.| i just wanna be successful


මම හිතන්නේ මට ඕනේ කරන තරම් සල්ලි,වාහන,සැප සම්පත් මට තියෙනවා.

මට ඕනේ තරම් අඳුරන මිනිස්සු ඉන්නවා,

මේ ලඟක් වෙනකන් එකෙක් දෙන්නෙක් බෙල්ලෙත් එල්ලිලා හිටියා.

මොනවා හරි දෙයක් කරගන්න ඕනේ නම මට කතා කරන්න.

හැබැයි හැමදාම කතාකරලා වදයක් වෙන්න එපා.

ඕනේ තරම් මිනිස්සු කියයි මේක කරන්නම්,අරක කරන්නම් කියල,

ඒ වුනාට ඇත්තටම තමන්ට උවමනා වෙලාවට යමක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතේ ඇඟිලි ගානට.


මට ඕනේ සාර්ථක වෙන්න විතරයි.


හිප්හොප් සංගීතය කියන දේ ජීවිතයේ පාසලයි,ඔව්! ඒක ඉගෙන ගන්න උනා.

තමන්ට  හිතෙන දේ කියන්නේ නැතුව ඉන්න එක බ්ලෑන්ක් ඩිස්ක් එකක් තියන ඉන්නවා වගෙයි.ඒක හින්ද හිතට එන දේ කියල ඩිස්ක් ඒක බර්න් කලා.

මිනිස්සු දැන් මට ගරු කරනවා,

ඒක නිකන්ම හම්බවෙච්ච දෙයක් නෙමෙයි.

මට ඒක හම්බකරගන්න උනා.

මම දැන් මේ දිනුම් කනුව වෙතට දුවන ගමන්,

දැන් යූ ටර්න් ගහන්න වෙලා නැහැ.


අද මට තේරෙනවා මම හිතපු තරම් “පරිපුර්ණ මිනිහෙක් ” නෙමෙයි කියල.

අපරාදේ!

මම අද ඉන්න තැනට එන්න මම කරපු දේවල්,ඇත්තටම වටින්නේ නැහැ.

ඇයි? මිනිස්සු මම කියන පුද්ගලයාට ඉහලට මතුවෙන්න ඉඩ දෙන්නේ නැත්තේ?

හත වතාවක් බිමට වැටුනට,අටවෙනි පාර කෙලින් නැගිටිනවා.


සැබෑ ජීවිතයේ සතුට ඇත්තටම තියෙන්නේ ඔබ ඇතුලේමයි!

හැමදාම ෂැම්පු දාල නානවා වගේ ,හැමදාම හදවතට මානසික ෂැම්පු එකක් දෙන්න.

කුරුල්ලෝ හොඳට සින්දු කියාවි,

ඒ වුනාට ඒ කුනාටුව අපව පහු කරලා ගියාට පස්සේ.


ඔබට සින්දුවක් කියන්න ඕනේ නම මේ සින්දුව කියන්න,

ඕනෙමනම් නං මේක රින්ග් ටෝන් එකටත් දාගන්න.

මම පුටුවේ වාඩිවෙලා ලියල,මේක ඉන්ටර්නෙට් එකේ දැම්මට පස්සේ ,

ඒක එකා එක එක දේවල් කියයි.

උන් මොනවද කියන්නේ කියලත් මම බලන්න ඕනේ නේ !

මම දන්නේ තරමට කට්ටියම බලනවා ඇත්තේ මම ලියන වාක්‍යයේ තේරුමට වඩා එහාට ගිය තේරුමක්.ඒකයි මම වාක්‍යය දෙකක් අතරතුර කණේ පාරකුත් එකතු කරලා තියෙන්නේ.


කියෙව්වට පස්සේ හිතෙනවා ඇති,

අම්මටසිරි!

මේක ලියන එකාට මාර ආවේගයක් තියෙන්නේ කියල.

මට නම හිහෙන්නේ මේක නිකම්ම පටන් ගැනීම විතරයි කියල.

ඇත්තටම මම යුද්ධයකට යන්නයි ලෑස්ති වෙන්නේ.

ජීවිතය මට ලබාදෙන්නේ “දෙහි” නම මම ලෙමනේඩ් හදන්න පටන් ගන්නවා.


මේ ලෝකේ ඉන්න කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අතීතය වෙනස් කරන්නට බැහැ.

නමුත් ලෝකේ ඉන්න සියලුම දෙනාට අද පටන් අරගෙන තමන්ගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්.

ඒක සිරාවටම සිරා!


ප.ලි.

මේ සින්දුවේ ගායකයාගේ නම “සෝල්ජ බෝයි -Souljah Boy”

මම ඇත්තටම දන්නේ ඔහුගේ සින්දු 2ක් විතරයි.

ඉහළින් තියෙන්නේ ඔහුගේ ගීතයේ පරිවර්තනයක් නෙමෙයි.

ඒක අනුවාදයක්!

ඒක තියෙන අදහසක් දෙකක් මගේ.

ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී හිතෙනවා,

ඉස්සර අපි සෑහෙන වටිනාකමක් දුන්න,

සෑහෙන කාලයක් කැප කරපු දේවල්,

අපි හිතන තරම් වටින්නේ නැහැ කියල!

  1. ජූනි 28, 2011 දින 10:03 පෙ.ව. ට

    හොඳ ලිපියක්

  2. ජූනි 28, 2011 දින 10:18 පෙ.ව. ට

    රොබින් ඉන් ද හුඩ්ට ඉස්තුතියි!

  3. ජූනි 28, 2011 දින 11:28 පෙ.ව. ට

    හොඳ ලිපියක්

  4. ජූනි 28, 2011 දින 2:19 ප.ව. ට

    මේ ලෝකේ ඉන්න කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අතීතය වෙනස් කරන්නට බැහැ.
    නමුත් ලෝකේ ඉන්න සියලුම දෙනාට අද පටන් අරගෙන තමන්ගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන්……

    මේ කතාවනම් උපරිමයි කියල වැඩක් නෑ!!

  5. ජූනි 28, 2011 දින 3:06 ප.ව. ට

    I dont like the song, but Love th lyrics ;), thnx mate!

  6. වෙනින් රාමුවේ එකෙක්
    ජූනි 29, 2011 දින 4:16 පෙ.ව. ට

    My Biography
    🙂

  7. ජූලි 10, 2011 දින 9:51 පෙ.ව. ට

    “ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී හිතෙනවා,

    ඉස්සර අපි සෑහෙන වටිනාකමක් දුන්න,

    සෑහෙන කාලයක් කැප කරපු දේවල්,

    අපි හිතන තරම් වටින්නේ නැහැ කියල!”

    ඒ කතාව නම් සම්පූර්න ඇත්ත . . .

    ගීතය පස්සේ වෙලාවක අහන්නම් . .

    ඒත් අර ගීතයේ අනුවාදය නම් පට්ට . .

  8. ජූලි 10, 2011 දින 2:29 ප.ව. ට

    දුකාට ආයේ ඉස්තුතියි!

  9. Shashika Priyankara
    අගෝස්තු 14, 2011 දින 12:08 ප.ව. ට

    සිරාවටම පට්ට අයියේ….. වැඩේ කියන්නෙ ඔයා මේක දාල තියෙන්නෙ මගේ උපන්දිනේ දවසේ….. ” හරියටම අවුරුදු 23 පස්සෙ ජීවිතේ ගැන හැරිල බැලුවෙ එදා… ඒක තවත් ලස්සනට වෙනස් කරනව කියල තීරනය කලෙත් එදා…” ඒක හරියටම මටම කියපු එකක් වගේ….. කෑල්ලක් දෙකක් කොපි කරගන්න අවසරයි නේද…. !!!

    • මාර්තු 11, 2012 දින 11:21 පෙ.ව. ට

      ආයෙත් අහල පොඩි එකා!
      සමාවෙන්න ඕනේ අවුරුද්දකට විතර පස්සේ උත්තර දෙනවට!
      අවසර දෙන්න දෙයක් නැහැ!
      සුභ උපන්දිනයක්!

  10. කොට මුදියන්සේ.....
    දෙසැම්බර් 23, 2011 දින 7:59 ප.ව. ට

    “ජීව්තේමොනව හරි කැපකරලා මොනවම හරි තැනකට ආපු අය කියනවා කරපු කැපකිරීම අපරාදෙ කියලා….මුකුත්ම කැපකරන්නේ නැතුව නිකන් ඉදලා දැන් නියමෙට චාටර් කන මං වගේ උං කියනවා කැපවීම්/කිරීම් තිබුනෙ නැති එක අපරාදෙ කියලා……”

    ඉතිං ඕක හරි සංකීර්ණයි නේද මචං…..

  11. මාර්තු 11, 2012 දින 11:23 පෙ.ව. ට

    ජීවිතේ හැමවිටම සංකීර්ණයි සහ සාපේක්ෂයි මචන්!
    සමහර වෙලාවට හැමෝම සාධාරණයි!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න