නිවස > මේ දවස් වල අහන සින්දු > “වෙනස්වීමේ” සුළඟ | wind of change

“වෙනස්වීමේ” සුළඟ | wind of change

1

“වෙනස්වීමේ” සුළඟට කන්දෙමින්,

මම මොස්කොව් හි ගෝර්කි උද්‍යානය වෙත පිය නැගුවෙමි.

එය අගෝස්තුවේ ගිම්හාන රැයකි.

සොල්දාදුවන් අප පසුකර පියනගයි.

මම තවමත් වෙනස්වීමේ සුළඟට සවන්දෙමි.

ලෝකය අපි හිතනවාට වඩා අප ලඟට පැමිණ ඇත.

ඔබ කිසිදා නොසිතුවාට

අපිටත් සහෝදරයින් වගේ එකට ලංවී ඉන්නට පුළුවනි.

1

අනාගතයේ සුවඳ සුළගේ රැදී ඇත,

මට එය සැම දෙසින් දැනේ.

එය සුළඟේ පාවී යයි.

1

සුන්දර රාත්‍රියක,

ඒ චමත්කාර මොහොත වෙත මාව රැගෙන යන්න.

ඒ හෙට දවසේ දරුවන්

“වෙනස්වීමේ” සුළඟේ සිහින දකින මොහොතයි.

1

මම මාවත දිගේ ඇවිද යමි,

අතීතය නම් පොළොවේ වලලන ලද,

ඈත මතකයන් මට සිහියට නැගේ.

1

“වෙනස්වීමේ” සුළඟ හමන්නේ,

කාලය නම් මුහුණත ඉදිරියටය.

එය කුණාටුවකි.

එය නිවහල් සිතුවිලි පුබුදන,

නිදහස නම් සීනුව නාද කරනු ඇත.

1

ඔබේ බැලලයිකාව ගයන්න ඉඩදෙන්න,

ඔබේ ගිටාරය වයන්නට උවමනා ස්වරයට ඉඩ දෙන්න.

1

ප.ලි

1

මේ ගීතය ‘ස්කොර්පියන්ස් ‘ සන්ගාත් කණ්ඩායමේ ඉතාම පරණ ගීතයක්.

ඔවුන් මෙයට පාදක කරගෙන තියෙන්නෙ ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය අවසන් වීම සහ රුසියාවෙහි බිඳවැටීම මුල්කරගෙනයි.

ඇත්තටම මේක අදාළ ජර්මනිය සහ අනෙකුත් නෙගනහිර යුරෝපීය රටවල් වල ඉන පසුව ඇතිවූ වෙනස්කම් වලටයි.

1

මෙය අපේ රටට කොතරම් අදාලද කියන එක මම කියන්නේ නැහැ.

හැමදේම වගේ දේශපාලනික ඇස් කන්නාඩි දාල බලන අපේ වගේ සමාජයක,

අදහස් ප්‍රකාශ කරන එක එක්තරා විදිහක ලේබල් ගහ ගැනීමක්.

මට දේශපාලනික ලේබල් ගහගන්න ඕනේ නැහැ.

මේ බ්ලොග් අවකාශය විතරක් නෙමයි ෆේස්බුක් , ට්විටර් වුනත් ගොඩක් විට

පිරිලා ඉන්නේ ඒ වග කන්නාඩි දාල ඉන්න අයගෙන්.

1

එක අතකට ඒකෙ වැරද්දක් නැහැ.

අපේ සමාජයේ යතාර්ථය තේරුම ගන්න එක හරිම අමාරු වැඩක්.

අවුරුද් හාරසීයක්‌ යුරෝපීය ජාතින් 3 ක් යටතේ පාලනය වෙලා,

නිදහසෙන් අවුරුද් හැටක් ඇතුලත,

දකුණේ අවිගත් කැරලි 2ක් සහ

අවුරුදු 30 ක් තිස්සේ  දිග ඇදුනු උතුරේ  අවිගත් කැරැල්ලක්

ඊයේ පෙරේදා හමාරවෙච්ච රටක් අපි.

1

හුඟ දෙනෙක්ට මතක නැතිඋනාට,

මෙට අවුරුද් කකත කලින්,

සිංහල, මුස්‌ලිම්, දෙමල ජනතාව අනුකම්පා විරහිතව

කපා කොටා දමන ලද,

සියදිවි නසාගන්නා බෝම්බකරුවන්

සියක් දහසක් මිනිසුන් බිලිගත්ත රටක මේක.

අපි ඉස්කෝලේ යන කාලේ,

අපේ ඉස්කෝලෙ විදුහල්පතිට පොඩි පොඩි මිනී පෙට්ටි හදාගෙන

ලැස්ති වල හිටපන් කියල,

ලියුං ආපු කාලයක් තිබුනා.

1

අද තත්වය වෙනස්!

ඉතින්,

අපිටත් ඒ නිදහස සහ වෙනස පිලිබඳ සිහිනය

වෙන කවරදාකටත් වඩා තියෙනවා.

1

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න