මාර්තු 29 : චීනයේ ගොවීන් පිරිසකට වසර දෙදහසක් පැරණි ටෙරාකොටා හමුදා පිළිම හමු වේ


1974 වසරේ අද වැනි දවසක චීනයේ ගොවීන් පිරිසකට ටෙරාකොටා හමුදාව හෙවත් දම්මැටි පිළිම සේනාංකය හමු විය.
ළිඳක් කණිමින් සිටි ශාන්ෂී පළාතේ ගොවීන් පිරිසක් පළමුව මෙම දම්මැටි පිළිම රාශිය දැක තිබූ අතර ඔවුන් විසින් අදාල බලධාරීන් ව දැනුවත් කරන්නට යෙදුණහ. අනතුරුව කැණීම් මගින් අනාවරණ කරගත් පිළිම අතර 8,000 කට අධික සොල්දාදුවන් ද , අශ්ව කරත්ත 130 ක් ද, අශ්වයින් 520 ක් සහ අශ්වාරෝහකයින් 150 ක් ද වේ.


ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට මෙම දම්මැටි පිළිම නිර්මාණය කර ඇත්තේ අවමංගල්‍යයීය කලා කෘති ලෙසිනි. චීනයේ පළමු අධිරාජ්‍යවරයා වූ ක්වින් ෂී හුවෑං ගේ මෘතදේහය සමග මේ පිළිම හමුදාවද තැන්පත් කර ඇති අතර සෙබළ පිළිම ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් ය. අවමංගල්‍යයකට උචිත ආකාරයෙන් නිමවන ඒ පිළිම නිලය අනුව උසින් වෙනස් වෙන බවත් සෑම පිළිමයක්ම පාහේ සාමාන්‍ය මිනිස් උසට වඩා අඩියක් උසින් යුතුයැයි නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම පිළිම වල මුහුණේ සියුම් හැඟීම් ප්‍රකාශනය මෙන්ම එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෙස සෙබළ රූ නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.
වසර දෙදහස් දෙසියයකටත් වඩා පැරණි මේ මහඟු කලා නිමැවුම් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබේ.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. ස්තුතියි ලිපියට..

    බ්ලොගේ වැඩි ගැජට් බැජඩ් අඩු කරල ටිකක් සරල කරන්න පුතී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි !!!
      හ හා - පොඩි එකාගේ ආසාවනේ කියලා සිලිං බිලිං කූරු වළලු ටයිප් කළා :D

      Delete
  2. ස්තුතියි ලිපියට !

    ReplyDelete