Blog එකට Home Button එක දාගමු...

Blog එකට Home Button එක දාගමු...


මේත නම් ඉල්ලීම් පේජ් එකේ තිබුන එකකට තමයි දාන්නෙ. ඉල්ලීම කරලා තිබුනේ Mahesh Samantha Kumara කියන සහෝදරයා... මුලින්ම සමාව ඉල්ලනවා මේක දාන්න පරක්කු උන එකට. මොකද මවුස් එක කැඩිලා තිබුනෙ, අද තමයි එකක් ගත්තෙ. හරි එහෙනම් පටාාන් ගමු... ඊට ඉස්සර වෙලා කියන්න ඕනෙ.. හෙටින් පස්සෙ මට 18යි ඈ... ඔව් ඔව් හෙට උපන්දිනේ තමයි...

එහෙනම් වැ‍ඩේ ගැන බලමු. මේක ගැන කියනවා නම් අපිට බ්ලොග් එකක ටෙම්ප්ලේට් එක දාද්දිම මේක එනවා. එහෙම එන්නෙ නැත්තම් අපිට දාගන්න වෙනවා. අන්න ඒක ගැන තමයි කියලා දෙන්න යන්නෙ.

අපි අළුත් ටෙම්ප්ලේට් එකක් දැම්මම වෙන කරදරයක් තමයි මේක.

1. මුලින්ම අපි බ්ලොග් එකේ ‍Dashboard එකට යන්න ඕනෙ. දැන් ඩෑෂ්බෝර්ඩ් එකට ගියානම් ඒකෙ තියන Layout කියන එකට යන්න.

2. ඊළගට අපි එකේ අපේ Home Button එක දාගන්න ඕනෙ තැනට ගිහින් අළුත් විජට් එකක් (Add New Widget) දාන්න ඕනෙ.



Add New Widget ක්ලික් කරාම පොප්-අප් බොක්ස් එකක් එනවා.



3. අන්න ඒකෙන් Pages කියලා තියන එක ක්ලික් කරන්න. දැන් ඔතන අපේ Home එක පෙන්වනවා. සාමාන්‍යයෙන් ඒක ඇඩ් වෙලා තියෙන්නෙ. එහෙම වෙලා නැත්තම් ඒක ඇඩ් කරන්න ඕනෙ...


4. ඒකෙදි අපිට පේන්න තියනවා "+ Add external link" කියන එක. අන්න ඒක ක්ලික් කරන්න. දැන් ආපහු බොක්ස් එකක් ඕපන් වෙයි.



5. අන්න ඒකෙ Page Title කියන එකට අපිට ඕනෙ නම දාන්න. Web address (URL) කියන එකට බ්ලොග් එකේ Home Page එකේ ලින්ක් එක දාන්න.

හරි එහෙනම් දැන් ඕක සේව් කරලා හොම්පේජ් එකට ගිහින් බලන්න. එතන පේන්න තියෙයි Home Button එක... එහෙනම් මම ගිහින් එන්නම්... ආයෙ අළුත් වැඩකින් හෙට හම්බවෙමු....

යන ගමන් ඔන්න ඔය දාලා තියන ඇඩ් එකකුත් ක්ලික් කරගෙන යන්න හොදේ....
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
December 27, 2015 at 11:23 AM ×

ස්තුතියි මචෝ..

Reply
avatar
Unknown
admin
December 27, 2015 at 11:26 AM ×

පරක්කු වෙලා හරි දාපු එකට ස්තුතියි මචන්...

Reply
avatar
Mr Elite_x
admin
December 27, 2015 at 1:26 PM ×

වෙල්කම් සහෝ....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon