සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


සේයාරු ගූගල් වෙතිනි
සියලු තොරතුරු එක් රැස් කරමින් ඊයේ සවස් වරුවේ සිට බ්ලොග් සටහනක් සකස්කමින් සිටිය ද අද දුම්රියේ දී දුටු දසුනකින් ඒ ලිපිය අවසන් කිරීම පසෙක තබා මේ සටහන තබන්නට සිතුවෙමි.
තරමක් පමා වී අවදි වුණු මම කාර්යාලයට එන්නට මීරිගමින් රජරට රැජින දුමිරියට ගොඩවුණෙමි. වව්නියාව සිට මාතර බලා දිවෙන මෙම දුමිරිය පාසල් නිවාඩු කාලයේ දී  පිරි ඉතිරි යන බව අද්දැකීමෙන් දන්නා මම තුන්වැනි පන්තියේ මාසික වාර ප්‍රවේශ පත්‍රය තිබියදී දෙවැනි පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන එම මැදිරියකට ගොඩ වූයේ තරමක් හෝ තෙරපීමකින් තොරව ගමනාන්තයට ළගාවීම අරමුණෙනි.
මා සිතුවා නිවැරදි ය.

කිසිදු අසුනක් හිස්ව නොතිබිණි. එහෙත් තෙරපීමකින් තොරව හිටගන එන්නට හැකි විය.
දෙවැනි පන්තියේ මැදිරි තුළ දොර අසල ආසන පිහිටුවා තිබෙන්නේ එකිනෙකා මුහුණට මුහුණ සිටින සේය. අනිත් සියල්ල ඇත්තේ එක් දිසාවකට වන්නට ය. මෙම මුහුණට මුහුණ පිහිටි ආසන හතරේ සිටියේ කාන්තාවන් දෙදෙනෙකි. ඉන් එක් කාන්තාවකගේ අතේ හය හැවිරිදි වියේ පමණ පසුවන දරුවෙකි. අනිත් පස ඇගේ සැමියා හා තවත් පුද්ගලයෙකි. මේ අය දුර ගමනක් යන පවුලේ සාමාජිකයන් පිරිසකි.
දුමිරිය දෙමට ගොඩ ආසන්නයට එද්දී මරදානෙන් බසින මගි යෙකු සිටියෙන් ඉහත කී ආසන දෙකට පිටුපසින් වූ ආසනයක් මට ද ලැබිණි. එහි අනිත් අසුනේ සුරුපී (පොෂ්) යුවතියකි. දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්නා වගේ යැයි සිතමින් මම ද ඇය අසල අසුනේ අසුන් ගතිමි.
අල්ලපු අසුනේ යුවතිය දෙස මා බැල්මක් හෙලුව ද ඇය ගස්සා ඉවත බලා ගත්තාය. මේ වන විට දුම්රිය මරදානේ නැවැත්වූ අතර එහිදීත තරමක පිරිසක් මැදිරියට ගොඩ විය. ඒ සෙනග අතර, මැදි වියේ හාමුදුරුවරු දෙනමක් ද වූ අතර ඒ දෙනම කෙළින්ම ගියේ මා ඉහත කී පවුල සිටි ආසන ද්විත්වය වෙතට යි. එම ආසනයට ඉහළින් පොල් ගෙඩි අකුරෙන් ලියා තිබුණේ පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇත යන වැකිය යි. 
එක් හාමුදුරු නමක් කෙළින්ම අර කාන්තාවට ඒ වැකිය පෙන්වා ආසනය අවැසි බව පැවසී ය. මේ වන විට ඒ පවුලේ උදවිය මෙන්ම එය දුටු කීප දෙනකු ද තරමක අපහසුතාවට පත්ව සිටි බව හැම මුහුණකින්ම පාහේ දිස් විය.
ඉහත කි පවුලේ සැමියා වහා නැගිට හාමුදුරුවනේ අපි එන්නේ දුර ඉඳන් මාතරටම යන්නත් තියනවා ඒ නිසා ආසනය නම් පිරිනැමිය නොහැකි බව පැවසීය. ඒ වදන් සමගම හාමුදුරුවරු ද අසීරුතාවට පත් වූහ. අනෙක් අසුනේ සිටි පුද්ගලයා වහා නැගිට එක් හිමි නමකට එසැනින්ම අසුන පිරිනැමී ය.  එවිට  මම ද  නැගිට මා සිටි, එයිට පිටුපස වූ අසුන අනිත් හිමියන්ට පිදුවෙමි. උන් වහන්සේ මගේ අසුන ට පැමිණෙත්ම අසිරුතාවට පත් වුණේ මා අසල සිටි පොෂ් යුවතියයි. එක වරම ඈ මා දෙසට එල්ල කල වාග් ප්‍රහාරයෙන් මම අන්දුන් කුන්දුන් වී ගියෙමි.  

"ඔයා ඔය සීට් එක හාමුදුරුවන්ට දුන්නාම මං කොහොමද මෙතැන ඉඳගන ඉන්නේ".

මගේද මලේ හොඳම එක එළියට පැන්නේය. "එහෙනං ඔතන මට දීලා ඔහේ එනවා මගේ ඔඩොක්කුවට" වාචාල මගේ කටින් හයියෙන්ම පිටවුණි.

අවටින් සිනා හඩවල් ද රැවුම් ගෙරවුම් ද මා දෙසට එල්ලව ඇත. කිසිවක් නොදුටුවා සේ හාමුදුරුවනේ ඉඳගන්න යැයි කීවෙමි. උන් වහන්සේද වාඩි වූහ. දැන් අර යුවතිය ද ඇගේ අසුනේ සිට ජනේලයෙන් ඉවත බලා සිටි. දුම්රිය කොටුවට සේන්දු විය. මම විහසින් බැස ගතිමි.

මගේ හිතේ ගැටලු කීපයක් රැව් දෙයි.

1 තමන්ට හිමි වෙන්කළ අසුන සොයා හාමුදුරුවරු පැමිණීම හරි ද? වැරදි ද?
2 පූජ්‍ය පක්ෂයට වෙන්කළ අසුනක ගිහියන් වාඩි වීම  හරි ද? වැරදි ද? 
3 මගේ අසුන හාමුදුරුවන්ට දීමෙන් මම පොෂ් තරුණියට අදාධාරණයක් කළා ද?
4 මගේ අසුනේ හාමුදුරුවන් වාඩි වීමෙන්(කාන්තාවක් ළග) හාමුදුරුවන් වරදක් කළා ද?
5 හාමුදුරුවන් හා සම සමව වාඩී වී දිගටම යාමෙන් ඇය වරදක් කළා ද?

පසු ලිවීම

දුම්රිය මැදිරියේ එක් පසක ආසන පේළි 5කි. ඉන් දෙකක් පුජ්‍ය පක්ෂයට වෙන් කොට ඇත. එහි අනෙක් පස අසුන් දෙක ගැබිණි මවුවරුන්ට වෙන් කොට ඇත.
අනිත් කෙළවර අසුන් දෙකක් ආබාධිත අයට වෙන් කොට ඇත. එහිම අනිත් පස අසුන් දෙක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙන් කොට ඇත.  දැන් සාමාන්‍ය ජනතාවට ඉදගැන්මට ඇත්තේ අසුන් පේළි තුනක් පමණි. මා නම් දුරගමනක් යද්දී බොහෝ විට අසුන ලෙස තෝරාගන්නේ ඔය මැද හරියේ අසුනකි. තවද වැඩිම කාලයක් ඉරු එළිය පතිතවන දිසාව ගැනද සැලකිලිමත් වෙමි. සුළං හමන අත ගැනද සිත යොමු කරමි. ඒ අනුව අසුන තෝරාගන්නට වෙර දරමි.  ඒ තිස් වසරක පමණ කාලයක් දුම්රියේම ගමන් කොට ලද අද්දැකීමෙනි.

පසු පසු ලිවිම...

මෙන්න එක උත්තරයක් වැරැද්ද මහින්ද ගේ 


73 comments:

  1. තිස්වසරකට වඩා දුම්රියෙන් ගමන්කර ඇති මගේ අත්දැකීම් අනුව දුම්රියේ දෙවෙනි පන්තියට ගොඩවෙන ඔය හාමුදුරුවන්ද ඇතුළු වෙනත් මගීන් දෙවෙනි පංතියේ ප්‍රවේශ පත්‍ර අරගෙන ගමන් කරන අයද කියා මුලින්ම සොයාගත යුතුයි.බොහෝවිට තුන්වන පංතියේ ප්‍රවේශ පත් ලබාගන්නා මගීන් දුම්රියේ පංති ගැන කිසිම විචාරයකින් තොරව දකින දකින මැදිරියට නගිනවා නලින්ට නුපුරුදු දර්ශනයක් නොවන බව දනිමි.විචාරයකින් තොරව මැදිරිවලට නගිනවා පමණක් නොව ආසනවල වාඩිවෙන්නේද එසේමය.බොහෝවිට ගැබිණි මව්වරුන්ට ආසනයේ මහත්වරුන් ඉඳගෙන යද්දී ගැබිනියන්ට ආසනය දෙන්නට වෙන්නේ වෙනත් අයටය.මේ වගේ මොළේ කොලොප්පන් වැඩ මගේ දීර්ඝකාලීන දුම්රිය ගමනාගමනයේදී බොහෝසෙයින් අත්විඳ ඇත්තෙමි.ඔබත් එසේම බව මට විශ්වාසය.පළමුවෙන්ම ලංකාවේ ජනතාවගේ නිර්වින්දනය වී ඇති මනස යථා තත්වයට පත්කළ යුතුය.අනුකරණ වාදී අදහස් ඉවත්කළ යුතුය.එසේ නොමැතිව මෙවැනි සිදුවීම් ගැන කතා කර කිසිම වැඩක් නැත.දිගින් දිගට මේ වගේ දේවල් සිදුවේ.

    ReplyDelete
    Replies
    1. කොළඹ කොටුවෙදීම පරීක්ෂක කණ්ඩායමක් පැමිණ දෙවන පන්තියේ ටිකට් පරීක්ෂා කරනවා. ඒ වෙලාවට හිටගෙන සිටින බොහෝ අයට හිමි තැන ලැබෙනවා. මමත් දියණියත් ළඟදී නුවර යන්න දුම්රියට ගොඩ වුණා. දෙවෙනි පන්තියේ. මගේ දියණියට පොරකෑම නුහුරු නිසා අපි තරමක් ප්‍රමාද වුණා. මුළු මදිරියටම මගීන්ගෙන් පිරී ගිහිං. "හිටගෙන තමයි යන්න වෙන්නේ" මට ඉබේටම කියවුණා. එවිට ඒ අසලම සිටි යුවලක් නැගී සිට අප දෙදෙනාට අසුන් පරිත්‍යාග කර තුන්වෙනි පන්තිය දෙසට ගමන් ගත්තා. ඒ කාන්තාව ගැබිණියක් බව පැහැදිලි වුණා. අප දෙදෙනාට ආසන ලැබුණු විට, මගේ දියණිය දෙස බලා කෙනෙකු, ඇයට ටිකට් පතක් ගෙන ඇතිද වාගේ කථාවක් ඇසෙන්නට පැවසුවා. මා ඔවුන් සමග වාද කල යුතු නැති බව මා සිතා ගත්තා. මද වෙලාවකින් පරීක්ෂක වරුන් පැමිණියා. මම සම්පූර්ණ ටිකට් පත් දෙක දිගු කලේ, අර පුද්ගලාටද පෙනෙන්නට.

      රඹුක්කනට දුම්රිය ස්ථාන කිහිපයක් පෙර තැනකදී දරුවන් තිදෙනෙක් සහ මවක් දුම්රියට ගොඩ වූවා. "ස්ටේෂන් දෙකයිනේ හිටගෙන යමු" ඇය පැවසුවා. ඒ වනවිට ඇගේ අත, අතදරුවෙක්ද සිටියා. මා නැගී සිට අසුන පරිත්‍යාග කළා. දුම්රිය ස්ථාන දෙක පසු වුණා. මා අසුවුනාදැයි මගේ සිත කියන්න පටන් ගත්තා. හතරවැනි දුම්රිය ස්ථානය රඹුක්කන. එහිදී නැගී සිටි ඇය "ගොඩක් ස්තුතියි මහත්තයා" යනුවෙන් පවසා පිටවුණා. මා නැවතත් වාඩි වූ පසු හිටගෙන සිටි වෙනත් කාන්තාවක් මා දෙස රවා බැලුවා. ඇය සම්පූර්ණ විස්තරය දන්නේ නෑ.

      Delete
    2. සුදීක.. අනත්නයි අප්‍රමාණයි. ඔවැනි දේ දැක ඇත. හැබැයි උඹ වාසනාවන්තයි නැත්නං අර ගෑනු පරානේ සීට් එකට බඩු දෙනවා..

      Delete
    3. මම දවසක් කොටුවෙන් දුම්රියට නගලා ගෙදර එන්න පිටත් වුනා.. රාගමදී දරුවෙක් වඩා ගත්ත මවක් ගොඩ වුනා.. මම මගේ ආසනය දුන්නා... ගම්පහින් ගොඩවුන සෙනඟ නිසා මම සීට් දෙකක් පමණ පසුපසට යැවුනා. ඇය වෙයන්ගොඩින් බැහැල ගියේ තවත් කාන්තාවකට ආසනය දීලා.. මම ගෙදර යනකන් හිටගෙන!

      Delete
  2. 1. හරි. ඒවා වෙන්කරන්නේ ඔවුන්ට සමාජයේ ඇති පිළිගැනීම නිසා.
    2. හිස්ව ඇති විට පමණක් වාඩිවිය හැක.
    3. එය පළිගැනීමකි. (හැක් හැක්)
    4. කාන්තාවන් ළඟ වාඩිවීම වරදක්. නිදාගැනීම වරදක් නොවේ.
    5. හතරවන පිළිතුරු හා බැඳේ.
    (නලියයියගෙ පැණි මූණ දැක්කම කෙල්ල ගස්සලා අහක බලාගන්න ඇති හික් හික්)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට හාමුදුරුවො ආවෙ. නැත්තං එතනත් සෙල්ෆි ගහන්න ගිහිල්ල නලිය කනව සෙල්ෆි පොල්ල දෙකට කැඩෙනකල්. :D

      Delete
    2. /4. කාන්තාවන් ළඟ වාඩිවීම වරදක්. නිදාගැනීම වරදක් නොවේ./
      +++++++++

      Delete
    3. මම ලියන්න ආ උත්තරය මෙතැන තියෙනවා.

      Delete
    4. /4. කාන්තාවන් ළඟ වාඩිවීම වරදක්. නිදාගැනීම වරදක් නොවේ./+++++++++ × 2

      Delete
    5. ඔව් කාන්තාවක් සමග නිදාගැනීම වරදක් නොවේ , හැබැයි ඇහැරී සිටියාම තමයි වරදක් වෙන්න පුළුවන් හැක

      Delete
    6. මෙතන ප්‍රශ්නය තිබුනේ කෙල්ලටයි, සාදුට නොවේ, මතකද අර තරුණියක් කරේ තබාගෙන ගඟක් තරණය කළ සෙන් කතාව?

      Delete
  3. පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුන දිය යුතුයි , ඒත් තරගයක් දීල පොඩි එවුන් එක්ක අමාරුවෙන් අල්ලගන්න සීට් එක දෙන එක අමාරු කාරියක් නිසා ඉදගෙන ඉන්න කකුල් පන තියන නලින්ල වගේ කොල්ලො ආසනේ දෙන එක තමයි ප්‍රායෝගික.
    2 වෙනි පන්තියේ මාසික වාර ප්‍රවේශ පත්‍රයක් තමයි මම අරගෙන තියෙන්නෙ , ඒත් කවදාවත් ඉදගෙන යන්න නම් ලැබෙන්නෙ නෑ , කලාතුරකින් දවසක චෙක් කරනකොට සැපට ඉදගෙන ගිහින් තියෙන්නෙ 3 පංතියේ ටිකට් ගත්ත එවුන්.
    අර කෙල්ල ඔඩොක්කුවට ගන්න හදපු එක ඇත්තටම හොද දෙයක් : D සික් ... හොද සෙල්ෆියක් බලන්ඩ තිබුන

    ReplyDelete
    Replies
    1. ඔබට හිමි ගල් බෝතලය සහ චිකන් ඩෙවල් එක සතියේ දිනක ලේක් හවුස් ආයතනයට පැමිණ අනන්‍යතාව සහතික කර ලබාගන්න !!! :D

      Delete
    2. ත්‍යගය ළබා ගැනිමට තනියම යා නොහැකි නම් මෙන්ඩා අමතන්න.

      Delete
  4. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට කලින් 0. ප්‍රශ්නය ඇසිය යුතුයි.

    0. ආගමික පූජකයින්ට කියා ආසන වෙන් කළ යුතුද?

    මගේ අදහස නම් නැත යන්නයි. අප වෙසෙන්නේ වැඩවසම් සමාජයක නොවේ. ආසන වෙන් කරනවා නම් වෙන් කළ යුත්තේ (වෙනත් දියුණු රටවල කරන්නාක් සේ) ගමනාගමනයේදී දුෂ්කරතා විඳින මගීන් සඳහා පමණෙකි. කාන්තාවන් නැඟිටුවා ඔවුන්ගේ අසුනේ වාඩිවීම ගැන බෞද්ධ භික්ෂූන්, ක්‍රිස්තියානි පියතුමන් ඇතුළු පූජකයන් තමන් ගැනම ලජ්ජා විය යුතුයි. (පූජ්‍ය පක්ෂය කියා දෙයක් නැත. එය මිනිසුන් විසින් හදාගත් දෙයකි. පූජක පක්ෂය කියා නම් නිර්වචනය කළ හැකි පිරිස් සිටිති.)

    ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු.

    1. නෑ හා ඔව්. තමන්ට වෙන් කර ඇති ආසනයක් ඉල්ලීම නීතිය අනුව නිවැරදිය. නමුත් මානව සදාචාරය අනුව වැරදිය.
    2. නෑ හා ඔව්. පිළිතුරු කලින් ප්‍රශ්නයේ පිළිතුරු වලට සමානයි. කුඩා දරුවන් සමඟ දුර ගමන් යන පවුලක් වෙන ආසන නැතිනම් ඉතිරිව තියෙන වෙන්කළ ආසනයේ හිඳ ගැනීම ගැන කවුරු නම් වරදක් කියයිද?
    3. නැත. එය ඔබේ කැමැත්තයි.
    4. නෑ සහ සමහරවිට ඔව්. දුම්රියක මගියෙක් තවත් මගියකු අසල හිඳ ගැනීම වරදක් නොවේ. මේ ගැන අදාල පූජක තැනගේ ආගමෙන් තහනමක් ඇත්ද නොදනිමි.
    5. නැත. සමහරවිට ඇය අතවරයක් වේ යැයි බිය වූවා විය හැක. එහෙත් එනිසා ඇයට තමන් ළඟ කෙනෙකු වාඩි වීම ප්‍රතික්ෂේප කිරීමට නුපුළුවන.

    අවසාන වශයෙන් මේ ප්‍රශ්න සියල්ලම, යල් පැණ ගිය වැඩවසම් සිරිත් පවත්වාගෙන යාම නිසා අප විසින්ම නිර්මාණය කරගත් ඒවාය.

    ReplyDelete
    Replies
    1. 100% ම එකඟයි.

      එකතුකිරීම;
      //ඔහේ එනවා මගේ ඔඩොක්කුවට // හරිම කැත කතාවක්, ඒ නලීන් කිව් නිසා හෝ ලංකාවේ පිරිමියකුගේ කටින් කියවුනු නිසා නොවේ, ජනමාධ්‍ය වේදියකුගේ කටින් කියවුන නිසා.

      Delete
    2. ඇයත් විදිමත් විදියට එම අසුන පිරිනැමිම ගැන කතා කළානං එසේ නොකියා ඉන්න තිබ්බා. එය ඇය ඇසූ ආකාරය අනුවයි මගේ පිළිතුර එසේ වුණේ.

      Delete
    3. ජනමාධ්‍ය වේදියා කියන්නෙ අමුතු පොරක් නෙමෙයි. සාමාන්‍ය කන බොන තරහ යන මනුස්සයෙක්..!! ඔහුගේ මාධ්‍ය භාවිතාවයි පුද්ගලික ජීවිතයයි දෙකක්.

      Delete
    4. මට වෙච්ච වැරදීමක් බ්ලොග්වල ලියන එකත් ජනමාධ්‍ය භාවිතයක් කියලයි හිතාන උන්නේ. මොන මඟුලකට මේවට social media කියනවද මන්ද.

      Delete
    5. ඒක නෙවැ :D මොකෝ අලිය ගිනිපෙට්ටියෙ අලි ඉන්නවැයි ..ඒ තියා ගල් බලකායෙ අපි ගල් ගහනවැයි .…චැහ්
      ඒක නෙමෙයි මචෝ මං කීවෙ..සමාවෙයන්. Social media යම් නිර්ණායකයන්ට යටත්ව වඳුරගෙ දැලිපිහිය නොවී, ජනමාධ්ක් විදියට පිලිගත යුතුයි කියන තැන මාත් ඉන්නව...ඒත් මං දැක්ක අපේ කතන්දර බොසුත් කියල තිබ්බ ඔසී අගමැති පවා ඒකට සූදානම් නෑ කියල..

      මං කීවෙ ඔය කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි..එහෙම බැලුවොත් ජනමාධ්‍යවේදියෙක්,තරුණ වයසෙ දරුවො ඉන්න පියෙක්,පරිණත වැඩිහිටියෙක් ඔය සේරම ගත්තොත් මේකව එල්ලුං ගස් හතක ඇරල මදි නෙවැ අර කෙල්ලට කියපු කතාවට .. වාචිකව කාන්තා හිංසනය යටතේ අච්චු කරහැකි.:D නලින් වේවා මම වේවා ඒ වැරැද්දෙ අඩු වැඩියක් අවශ්‍ය නෑ කියන එකයි මම කිව්වෙ.

      Delete
    6. ලෝකෙ වැරදි හොනවා
      හරිදේ හොයාගන්නවා
      ඒත් වරද හරිය කරල දානවා
      ලොවට බනම කියනවා
      ආගම පෙරට දානවා
      වතුර යටින් ගිණි ගෙනියනවා...//

      පත්තරෙ පුම්බල දාලා
      බොරුවට නග්ගල ඇරලා
      හිතවතාව වැඞර් කරනවා
      නැති වැරදි ලියාලා
      දකෂයා අදක්ෂ කරලා
      නැගපු කෙනා බිමට දානවා...//

      ලෝකෙ වැරදි හොනවා..

      තමන් විෂය දන්නෙ නෑ
      කල දේ තේරෙන්නෑ
      විවේචනය කරල දානවා
      වැඩේ කෙරු කෙනා කැපිලා
      කපපු කෙනා HIT වෙලා
      අති පණ්ඩිත ලෙස වැජබෙනවා...//

      ලෝකෙ වැරදි හොනවා..

      (සන්ෆලවර්ස්)

      //ඒ තියා ගල් බලකායෙ අපි ගල් ගහනවැයි .…චැහ් //
      නෙදකින් තෝ ..හොරෙන් කියන්න ඕනෑ දේවල් මෙහෙම කියනවාද යකෝ ..අපේ බබලත් මෙව්වා එක ...

      Delete
    7. AnonymousAugust 28, 2015 at 1:10 PM

      තෝ නරුමයෙකි. එපමණයි.

      Delete
  5. ඕක හරි වැරැ්ද්ද කියන්න බැරි තරමේ අවුලක් බං.

    ReplyDelete
  6. ආසන වෙන් කරන එක හරි වෙතත් පොදු ප්‍රවාහන සේවයක් නිසා අදාල අවස්ථාවට අනුව කටයුතු කළයුතු වෙනව මොන පක්ෂය හෝ වේවා.

    ReplyDelete
  7. කෙල්ල හරි... හාන්දුරුවනුත් හරි.. අර මිනිස්සුත් හරි.. උඹත් හරි..

    අපි අම්මට සිරි ලංකාවේ මිනිස්සු බං

    ReplyDelete
    Replies
    1. පොඩි හාමුදුරුවන්ගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.

      Delete
    2. අපි රාග වයනවා අපි බයිලා නටනවා
      හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා
      දනුත් බෙදනවා මස් මාළුත් කනවා ...
      බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා ....
      මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
      දෙව් විමන් වලින් බැහැලා ...
      සිව් දිගන්තයෙන් එතලා ....
      අපි ආවේ නැනේ ......
      අපි සන්ඩු කරනවා සාමය සොයා දුවනවා ..
      වරදක් තේරුණාම හිසත් නමනවා .....
      අපි දුකත් විඳිනවා සමහරු සැපත් විඳිනවා ..
      ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා ...
      මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
      දෙව් විමන් වලින් බැහැලා ...
      සිව් දිගන්තයෙන් එතලා ....
      අපි ආවේ නැනේ ......
      අපි ප්‍රේම කරනවා අතරේ වෛය්ර කරනවා
      අඳුරේ වැටුනු වලේ දවල් වැටෙනවා
      කනුත් තියනවා හිතුනම ලනුත් අදිනවා
      බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා....
      මිනිස්සුනේ අපි මිනිස්සුනේ ...
      ඉරයි හඳයි පායන්නේ ...
      අපේ ලෝකේ පවතින්නේ ..
      අපේ මිනිස් හැඟුම් නිසානේ

      ගායනය -ක්ලැරන්ස් විජේවර්ධන

      Delete
  8. ආතර් සී ක්ලාක් 2001 පොතේ පෙරවදනට කියලා තියෙනවා, "මම ලියපු කතාවෙන් මම පුළුවන් තරම් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට උත්සාහ කළෙමි. කියවන්නන්ට මගේ පොතෙන් විසඳුම් ලැබී ඇත්නම්, මගේ වෑයම සාර්ථක වී නැත..." වගේ දෙයක්. නලීන් ගෙ පෝස්ටුවත් ඒ වගෙයි.

    මගෙ අදහස මේකයි.

    පූජ්‍ය පක්ෂය කියා පක්ෂයක් දකින්න ලැබෙන්නෙ ඉතාම කළාතුරකින්. මගේ ජීවිතේ වැදගත් අවස්ථා දෙකකදි මම පිරිත් කියන්න යොදාගත්තෙ ගොඩක්ම සිල්වත් ශ්‍රද්ධාවන්ත ගිහි මාමා කෙනෙක්. අපේ ගමේ හාමුදුරුවරු ළඟ පොඩි කාලෙ ගස් ගඳයි. ලොකු වෙනකොට ගල් ගඳයි.

    ලංකාවෙ පූජ්‍ය පක්ෂය තමන්ට හිමි ගෞරවය රැකගන්නවානම්, ඒ වගේම ගිහි මිනිස්සු තමන්ගෙ සදාචාරවත්බව පවත්වගන්නවානම්, පූජ්‍ය පක්ෂයට ආසන වෙන් කිරීම වැනි දේවල් අවශ්‍ය නෑ.

    අනික, ගෑණු අය හාමුදුරුවරු එක්ක එකට වාඩි උනාය කියලා හාමුදුරුවන්ට ඇවැතක් සිද්ධ වෙන්නෙත් නෑ. ඒ වගේම ඒ ගෑණු කෙනා 'වල්' කියලා බලං ඉන්න අය හිතන්නෙත් නෑ. ඕක ඔය දෙපාර්ශවයෙම ඔළුවෙ තියෙන මනස්ගාතයක් විතරයි.

    අර උඩින් මදාවියා කියල තියෙනව වගේ, "බුදිය ගන්ඩ හොඳයි. සිවුරු හෝදවගන්ඩත් හොඳයි. ඉඳගන්ඩ තමා නරක." අනේ අම්මප මයෙ කට...!!!

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන් ඉදගන්න අදි මදි කළේ නෑ ඒ ගැනු ළමය තමා විරෝධය පැවේ

      Delete
    2. අපි පිරිවෙන් යන කාලෙ, ගොඩක්ම කෙල්ලො ට්‍රයි කළේ හාමුදුරු කෙනෙක් එක්ක යාළු වෙන්න... උං හිතං ඉන්නෙ හාමුදුරු වරු හරි අහිංසකයි, අපිට වඩා කියලා. ගෑණු උදවියගෙ ප්‍රවණතාවයක් තියෙනවා කොටු පනිද්දි උනත් ගිහියන්ට වඩා පැවිදි පාර්ශවය තෝරගන්න...

      Delete
  9. අල්පෙනෙත්තක් වත් හදාගන්න ඔලුවක් නැති,අපේ රටේ මිනිස්සුන්ට වටිනා කියන දේකට තියෙන්නෙ,ඔය ගෝත්‍රික අදහස් විතරයි.

    ReplyDelete
  10. කෝච්චියේ හැමදාම යන එන හින්ද ඔය වගේ දේවල් නිතර දැකල තියනවා. හ්ම්ම්. ඒ ඒ මිනිස්සුන්ගේ කෝනෙන් බැලුවම ඒ මිනිස්සු ඔක්කොම හරි !!!!!!!

    ReplyDelete
  11. පැය ගනන් යන බස්ද, පාපුවරුවල වවුලන් සේ එල්ලියන දුම්රිය වෙනුවට ක්‍රමවත් සහ සුවපහසු ප්‍රවහන වැඩපිලිවෙලක් සකස්කර ගැනීමට අවශ්‍ය කටයුතු කලයුතුව ඇත.. නැතිනම් ඉතින් හමුදුරුවන්ට, අම්මලාට, වයසක අයට ආසන ලබාදී මිනිස්සු හොද මිනිසුන් වීමට උත්සහ කරනු ඇත.

    ReplyDelete
  12. //මෙන්න එක උත්තරයක් වැරැද්ද මහින්ද ගේ//

    නලින් මේකෙ තේරුම මොකද්ද? (ඊට පස්සෙ පෝස්ටුවට උත්තර දෙන්නං)

    ReplyDelete
    Replies
    1. හිතේ දුකට ලියවෙන ඒවා... රාජ්.. හැක්..

      Delete
    2. ඒක මං ජොලියට වගේ දාපු එකක්. වැඩිහිටි හා ආබාධිත අයට සිට් වෙන් කෙරුවේ මහින්ද යුගයෙනේ. පූජ්‍ය පක්ෂයට නම් අපි දන්න කාලේ ඉදන්ම වෙන් කරලා තිබුණා. ගැබිණි මවුවරුන්ට වෙන්කෙරුවේ ප්‍රේමදාස යුගයේ.

      Delete
    3. "පුජ්‍ය පක්‍ෂයට පමණයි. හිස්ව තිබෙන විට අන් අය අසුන් ගත්තාට කම් නැත" යන වාක්‍යයේ අකුරු හූරා වෙනත් අදහසක් ලැබෙන පරිදි වෙනස් කර තියෙනවා දැකලා නැද්ද?

      Delete
  13. පූජක පක්ෂයට අසුනක් පිදීම
    පෙන්වනවා කොයිකාගෙත් හැදීම
    වෙන්කර ඇති ආසනයක් පිදීම
    හොඳා මෙලෙස කල යුත්තකි සිතීම

    වෙන්කර මිසක් පූජා කොට නොමැති නිසා
    සෙසු අය ඉඳ ගත්තට මක් වෙයිද බොසා
    නිසි අය ආ විටදී නැගි සිටිනු හොඳා
    මේ ටික නොදත් මෝඩයො ඇත සතර දිසා

    තම යුතුකම ඉටුකොට හොඳහැටි මෙලෙස
    ලැබුවත් ගැරහුම් තරුණියගෙන් එලෙස
    උතුම් ක්‍රියාවක් ලෙස සිතුවොත් මිතුර
    දෙවියොත් වඳිනව සත්තයි ඔබෙ නමට

    ReplyDelete
  14. ඒකිත් බුකියෙ ඉන්න හුත්තියෙක් වෙන්ටෑ සුවල් එකට.....තෝ එක...ඒකිල & එකාල එක්ක පොල්ල දික් කරල ගහන පින්තුර දැකල ඇති.....උඹට ගූ මුණ දාන්න නම් ඇත්තෙ සෙල්පියක් ගහයි කියල....දෙන්න එකට.....ඔය තට්ට හුකන්නලට නම් ආසන නුදුන්නට කමක් නැහැ බං ....

    ReplyDelete
    Replies
    1. ශික් ! නොදකින් විතරක් ! මොනවද මනුස්සයෝ මේ අමු තිත්ත කුණුහරුප ලියන්නෙ? අමු හිරිකිතයි. මූසලයි ! මටනම් ඔක්කාරෙට එනව මේව දැක්කම. නොදකින් !

      අනේ නලින් අයිය ප්ලීස් මේ වගේ අමු තිත්ත කුණුහරුප නම් දාන්න එපා හරිම අප්‍රසන්නයි.

      Delete
  15. මාත් අද ඔය ට්‍රේන් එකේම තමයි ගියෙ කුරුනෑගල ඉඳලා. සීට් විතරක් නෙවෙයි පෙට්ටිත් ඔක්කොම ෆුල්. සකන්ඩ් ක්ලාස් අරන් හිටගෙන ආවා. හාමුදුරු නමක් නෙවෙයි බඩදරු අම්මෙක් ආවත් දැක්කෙ නෑ වගේ ඉන්න උන් තමයි වැඩි හරියක් ඉන්නෙ. ඇත්ත දුරටම යනකොට හිටගෙන ඉන්න බෑ තමයි. ඒත් මනුස්සකමක් කියන දේ හිතේ තියෙන්නෙ ඕනෙ නේද. හාමුදුරු නමක් සෙනග අස්සෙ හිටගෙන ඉන්නකොට ඒක අපහසුවක් කියන එකත් තේරුම් ගන්න ඕනෙ. ඔතන ඉතින් කවුරුවත් වැරදි කියන්නවත්, කවුරුවත් හරී කියන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. //මාත් අද ඔය ට්‍රේන් එකේම තමයි ගියෙ කුරුනෑගල ඉඳලා//

      නලින් අයියා පොෂ් කෙල්ලෙක්ගෙන් අම්බානකට කනව දැක්කෙ නැද්ද ?? හැක්

      Delete
    2. අනික් පෙට්ටියෙ ඉන්න ඇත්තෙ. අපරාදෙ එහෙනම් ගුටි කාපු හැටි ලස්සනට කියන්න තිබුණා.

      Delete
  16. මචං නලියා...............

    මේක බලන්න විධි ගොඩක් තියෙනවා.... ඒත් මනුස්සකම කියන කෝණයෙන් බැලුවා ම ගැටලු ගොඩක් තියෙනවා තමා... ඒත් ඔය ෂීට් ගැන කතා කරද්දි මෙහෙම දේකුත් තියෙනවා.... තමන්ට පොඩි ගමනක් යන්නත් දුර ඉදන් මිනිස්සු ඒන බසු ඒකක නැගලා නම ගහලා තියෙන ෂීට් ඒක හොයන පිරිසුත් ඉන්නවා..... මොනවා වුණත් වෙන කෙනෙක්ට හැකියාවක් තියෙනවානම් අර වෙන් කරන ලද අාසනයේම දිය යුතුයි කියලා දේකුත් නැහැනේ.... ඔය නම් ගැහිල්ල අයින් කරානම් ඉවරයි... ඒතකොට මේක කොහොමත් මනුස්සකම මත තීරණය වෙනවා.... දෙන්න බැරි කෙනා (මොන හේතුවකට හරි) දෙන්නෑ.. හැකි කෙනා දෙනවා..... නැත්තං අරක පුද්ගලික දේපළක් වගේ වෙනවා.....

    ReplyDelete
    Replies
    1. @ කුරුටු
      බලන්න අනුරාධපුරේට කොටුවෙ ඉඳන් යන කෝච්චිය. ඒකේ මුස්ලිම් ජාතිකයිනුත් හරි හරියට යනවා. එයාල අඳුනන්නෙ නැති වුනත් තවත් මුස්ලිම් ජාතිකයෙකුට කතා කරල මාරුවෙන් මාරුවට වාඩි වෙවී යනවා.

      සිංහල එකෙක් වත් අඬගහල දීම කෙසේ වෙතත් ඉල්ලුවත් ටිකකට දෙනවද සීටි එක? මේ අදහස ජාතිවාදී හැඟීමෙන් නොව ජාතියක එකමුතු කමේ හැඟීමෙන් බල්න්න. මහ ජාතිය යැයි උදම් අනන අපට ඔවුන්ගෙන් උගත යුතුදේ බොහෝයි.

      Delete
  17. වැ‍රැද්ද ආසන ගානට වඩා ටිකට් නිකුත් කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ. හැම ටිකට් එකටම ආසන අංකයක් තියෙනවා නම් මෙහෙම ප්‍රශ්ණ එනවද?

    හාමුදුවරු හෝ ගැබිණි මව්වරුන් හෝ ආබාධිත පුද්ගලයන් හෝ ජ්‍යේෂ්ඨ පුරවැසියෝ හෝ තමන්ට වෙන්කරලා තියෙන ආසනේකට එන එකේ වරදක් නෑ. අර කිව්ව විදියට ටිකට් වලට ආසන අංක දීලා තිබ්බානම් ඔහොම ගැටළු ඇතිවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ආසන අංක තියෙද්දිත් අනුන්ගෙ සීට් වල දපන උන් ඉන්න බව මට අමතක වුනා. අපේ උන් නිර්වින්දනය වෙලා ඉන්නේ. උන්ට කොතන හරි කමක් නෑ ගුදප්‍රදේශය පාක් කරගන්න තිබ්බනම් නොම්මර ඕනෙ නෑ.

      Delete
  18. අර ගෑණු ළමයා උඹේ ඔඩොක්කුවේ ඉඳගත්තාද නැද්ද කියන ප්‍රශ්ණෙ නිකම්ම විසඳුනා මචං. එහෙම වුනානම් අපිට මේ පෝස්ට් එක කියවන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  19. //"එහෙනං ඔතන මට දීලා ඔහේ එනවා මගේ ඔඩොක්කුවට"//
    උත්තර දෙන්නට පෙර හිනාව නවත්තා ගැනීමට සිදුවේ.

    ප්‍රශ්න ටික නම් පංකාදුය. ගැඹුරෙන් හිතන්නට බොහෝ දේ ඇති නිසා කෙටි උත්තර දීම පහසු නැත.

    1. පූජ්‍ය පක්ෂයට ආසන වෙන් කර තිබීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු දෙයකි. එය දැනට අමතක කර, කවර පදනමක් මත හෝ එසේ වෙන් කර ඇති තත්ත්වය සලකා බැලුවොත් තමන්ට වෙන්කළ අසුන සොයා හාමුදුරුවරු පැමිණීම නිවැරදිය.

    2. පූජ්‍ය පක්ෂයට, ආබාධිතයෙකුට, ගැබිණි මවකට හෝ කාන්තා පක්ෂයට වෙන්කළ අසුනක් හිස්ව ඇතිවිට වෙනත් අයෙක් වාඩි වීම නිවැරදිය. එහෙත්, අදාළ කණ්ඩායමේ කෙනෙක් පැමිණි විට අසුන ලබා දිය යුතුය.

    3. ඔබ ඇයට අසාධාරණයක් කළා විය හැකිය. එහෙත්, පසුව සිදු වී ඇති දෙය අනුව ඇයට සැලකිය යුතු හානියක් වී ඇති බවක් නොපෙනේ.

    4. නැත.

    5. නැත.

    ඇත්තටම මෙතැන මතුපිටින් දිස්වන්නේ යටින් ඇති මීට වඩා ගැඹුරු ප්‍රශ්න ටිකකි.
    - පූජ්‍ය පක්ෂයට ආසන වෙන් කළ යුත්තේ ඇයි?
    - පූජ්‍ය පක්ෂයට වෙන් කළ අසුන් ඔවුන්ට නොදීමට යමෙක් පෙළඹෙන්නේ ඇයි?
    - දුම්රිය ප්‍රවේශපතක් මිල දී ගැනීමෙන් පසු ආසනයක් ලබා ගැනීමට බලු පොරයකට යොමුවිය යුත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා ගේ ලිපිය - පූජ්‍ය පක්ෂයට පමණයි!
      http://economatta.blogspot.com.au/2015/08/blog-post_31.html

      Delete
    2. ලින්කුවට ස්තුතියි රසික

      Delete
  20. සීට් වෙන් කරල තියෙන්නෙත් නිකන් නෙමෙයි නෙ.කාලයක් බලන් ඉඳලා ඒ ඒ පුද්ගලයො අපහසුතාවයට පත්වීම වලක්වන්න සීට් වෙන්කරලම තියෙන්නෙ.අදාල කෙනාට ප්‍රමුඛත්වයක් හිමිවෙන්න ඕනෙ.එච්චරයි.අම්මලාට,ආබාධිතයින්ට එහෙම අසුනක් ලැබෙන්නෙ බොහොම අමාරුවෙන් මේ කාලෙ.අත්දැකීමෙන් කියන්නෙ.ප්ලාස්ටර් අනන් මනන් පෙනෙන්න තිබුනත් නොපෙනුනා වගේ ඉන්නවා.
    මේක නීති ගැන ප්‍රශ්නයක් නෙමෙයි.. ආකල්ප සහ තෙත්බව ගැන ගැටලුවක්..
    ජයවේවා..!!

    ReplyDelete
  21. 01 - සාකච්ඡා විය යුත්තේ වෙන් කල ආසනය සොයා පැමිණීට වඩා වෙන් කලේ ඇයි , එය කෙතරම් සාධාරණද හෝ එසේ විය යුතුද යන්නයි.

    02- වෙන් කරල තියනවනං ඒකට එකඟ වෙන එක ප්‍රායෝගිකයි.එහෙම නැතුව හිස් ආසනයක් තියාගෙන ගිටං යන්න පිස්සුයැ :D

    03- අනේ බං විකාර.එක ළඟ ඉඳං ගියා කියල පතිවත නැති වෙන්නෙ නෑ.

    04-නැත.. ඉස්සෙල්ල පොළවෙ පයගහල ඉන්න ඕන .ඒකෙන් සිල් බිඳෙන්නෙ නෑ මගේ අදහස. ( ඕං කට්ටඩියෙක් වාගෙ නං කිළි ද මක්කද ගන සැලකිලිමත් උනාට අවුලක් නෑ :D )

    05- ආයෙ ඉතිං එක ළඟ වාඩි උනා කියල විතරක් නෙවෙයි සද් භාවයෙන් කතාබහ කලාට උදව්වක් පදව්වක් කලාට උනත් කිසිම් වරදක් නෑ..

    ReplyDelete
    Replies
    1. උපංගෙයි මෝඩයා වෙච්චි මං ඉතිං මයෙ දැනුං තේරුං හැටියට නෙවැ ලීවෙ :D

      හැබැයි ඉතිං නලිය අර ගෑණු ළමයට එහෙම කියපු එකෙ අවුලක් මට නං නෑ.. ඒ ටෝන් එකෙන් එහෙම එකක් ඇහුවම ඉතිං වෙන කොහොම කියන්නද :Dමම කරන්නෙත් ඒකම තමයි.වැරදි ඇති කරන්න දෙයක් නෑ..එක එකා එක එක විදිය නෙවැ.

      කෙල්ලට හරම කියලා ""මා ඒ තරුණියට කාරුණිකව පැහැදිලි කර ආසනය ලබා දීමට කටයුතු කර වෙනත් තැනකින් ආසනයක් ලබා දීමට කටයුතු කළෙමි "" වගේ වැල් බයිලයක් හෝ පොර ටෝකක් බ්ලොගයේ නොලිවීම ගැන මෙන්න නලින් උඹට
      පත්තර මල්ලිගේ ආචාරය !!!

      Delete
    2. //""මා ඒ තරුණියට කාරුණිකව පැහැදිලි කර ආසනය ලබා දීමට කටයුතු කර වෙනත් තැනකින් ආසනයක් ලබා දීමට කටයුතු කළෙමි "" වගේ වැල් බයිලයක් හෝ පොර ටෝකක් බ්ලොගයේ නොලිවීම ගැන මෙන්න නලින් උඹට
      පත්තර මල්ලිගේ ආචාරය !!! //
      මෙන්න මගෙනුත්!!

      Delete
  22. අන්තිම ප්‍රශ්ණ හතරටම දෙන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්ණේට දෙන්න තියෙන උත්තරෙන්මයි..

    වෙන් කරලා තියෙන ආසනය ලගට පූජ්‍ය පක්ෂය එන එක හරි.. එහෙම නම් කිරීමක් කරලා තියෙන්නේ ඔය ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්ණ ඇති නොවෙන්නයි..

    ReplyDelete
  23. අර වෙලාවේ , හා අයියේ ඉන්න මම ඔඩොක්කුවට එන්නං කිව්වනං නලින් අයියා මොකෝ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. අසනීපයි… නිවාඩු දෙන්න.
      - නලීන් දිල්රුක්ෂ -

      කියලා මේලක් දානවා :D

      Delete
    2. නංගි පොඩ්ඩක් ඉන්න මගේ පොල්ල කෙලින් කරගන්න කල් .................................................................................................නැ මේ මන් කිවේ සෙල්ෆියක් ගන්න ..හැක්

      Delete
  24. අර වෙලාවේ , හා අයියේ ඉන්න මම ඔඩොක්කුවට එන්නං කිව්වනං නලින් අයියා මොකෝ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අම්මට හුඩු ආතර් කාරයත් පත්තරයාගේ යාලුවෙක්නෙ එතකොට , බලපන් දෙසැරයක් අහලත් මේ නලියට තාම ඇහිලා නෑනේ ,

      Delete
  25. 1.වෙන්කළ ආසන හොයා හාමුදුරුවරු පමණක් නොව වෙනත් පූජක වරුන් පවා එනවා. නමුත් මුස්ලිම් පූජක වරුන් හින්දු පූජක වරුන් හඳුනාගැනීම අපහසු නිසා ගැටළු ඇතිවෙනවා. තමන්ට ආසන වෙන්කර ඇති නිසා තමයි හොයාගෙන එන්නේ. සෑම ආගමික පූජක පක්ෂය වෙනුවෙන් තමයි ඒ ආසන තියෙන්නේ.

    2. ආසනය හිස්ව තිබේනම් එහි කවුරු වාඩිවුනත් කමක් නැත. නමුත් භික්ෂූන් වහන්සේට පමණක් නොව සෑම ආගමික පූජකයකුම පැමිණිවිට ඉඩ දියයුතුයි.

    3. අර තරුණිය දැනගත යුතුයි ඒ ආසනය වෙන් කර තිබෙන්නේ පූජක පක්‍ෂයට බව. නමුත් මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. හාමුදුරුවන්ගේ ඇඟේ හේත්තුවෙන ඇතිල්ලෙන තරමට වඩා ඈතින් ඉන්න පුළුවන් නම් ඒ තරුණිය ඒ ආසනයේ වාඩිවී යාම වැරැද්දක් නෙවෙයි.

    4. කවුරුහරි හාමුදුරු නමක් මේ පූර්වාදර්ශය දියයුතුයි.

    ReplyDelete
  26. කෝච්චියේ ගමන් සීමිත නිසා වැඩි අදහසක් ඒ ගැන නැහැ.හැබැයි ඔය දුර ගමන් යන බස් වලට මගින් හාමුදුරුවරු ගොඩ කරගන්නේ නැහැ.එක්කෝ දැක්කේ නැහැ වගේ යනවා.නැතිනම් ආසන නැහැ කියලා කියනවා.

    ReplyDelete
  27. හැම එකක්ම අවස්තනුකුලයි.. මාතරටම යන ළමයෙක් වඩා ගත්ත අම්මෙක් හාමුදුරුවන් නෙවෙයි බුදු හාමුදුරුවන් ආවත් සීට් එක දෙන්නේ කොහොමද? අනික බුදිය ගන්නේ නැත්නම් කෙල්ලක් ළඟ හාමුදුරුනමක් ඔය වගේ තැනක වාඩි වෙලා ගියයි කියල කසනවයි.. වෙන සීට් වල ඉඩ තියෙද්දී දෙන්න එක තැන ගුලිවෙලා මුකුළු කර කර යනවා නෙවෙයිනේ. මල පැන්න වෙලාවට මාත් ඉතින් ඔය වගේ හරුප නම් කියනවා..
    අපි බලන විදිය මත තමයි ඔය හැම එකක්ම රැඳෙන්නේ..

    ReplyDelete
  28. /* "ඔයා ඔය සීට් එක හාමුදුරුවන්ට දුන්නාම මං කොහොමද මෙතැන ඉඳගන ඉන්නේ". */

    මුලින් රැව්වාට ඒ ගෑල්ළමයාට නලීන් ලඟ දිගටම වාඩි වෙලා යන්න ඕනෑ කියන එක නේද මේකෙන් කියවෙන්නේ?

    ReplyDelete
  29. මගේ අදහස-

    1 තමන්ට හිමි වෙන්කළ අසුන සොයා හාමුදුරුවරු පැමිණීම හරි ද? වැරදි ද?

    වැරදියි. ඔවුන් සම්පත් අතහැර ගිහි ගෙයින් නික්මුණු අය. උස් ආසන, මහා ආසන හෙවත් වෙන් කළ ආසන සෙවීම පවක් වෙන්නත් ඉඩ තියෙනවා.

    2 පූජ්‍ය පක්ෂයට වෙන්කළ අසුනක ගිහියන් වාඩි වීම හරි ද? වැරදි ද?

    හිස්ව තිබියදී වාඩි විය හැකියි. සාදුලා පැමිණි පසු නොදී සිටීම වරදකි. නීතිය නොසලකා සිටීමකි.

    3 මගේ අසුන හාමුදුරුවන්ට දීමෙන් මම පොෂ් තරුණියට අදාධාරණයක් කළා ද?

    නැත. එය ඔබේ අයිතියයි. ලේක්හවුූසියේ සිට රිවිරට ආවොත් මරදාන ඔබේ ගමනාන්තය වෙන්නටත් ඉඩ තිබුණා නේද?

    4 මගේ අසුනේ හාමුදුරුවන් වාඩි වීමෙන්(කාන්තාවක් ළග) හාමුදුරුවන් වරදක් කළා ද?

    නැත. අහලා තියෙනවා නේද අර තරුණියක් වඩාගෙන ගඟෙන් එහොඩ කළ සාදු ගැන සෙන් කතාව?

    5 හාමුදුරුවන් හා සම සමව වාඩී වී දිගටම යාමෙන් ඇය වරදක් කළා ද?

    නැත. නීතිමය හෝ සමාජමය වරදක් කර නැත!

    ReplyDelete
  30. ගනරාලලා ( සමූහක ප්‍රධානියා යන ගෞරවාර්ථයෙන් ගනරාලලා කියමි ) බස්වල හිටගෙන යාමට පුරුදු විය යුතුය. ගිහියො කරන හැම වැඩේම කරනවානම් ගිහියො කන කට්ටත් හුරු වෙන්න ඕන.දේශපාලනය නොකර , රැකියා නොකර බණ භාවනා කරගෙන ඉන්නවානම් මාතරට නෙමේ තුත්තුකූඩියට ගියත් අපි හිටගෙන යනවා.මුන්ට අපි කරන ඔක්කොම කරන්ඩත් ඕන වැඩේ වැරදුනහම අපි හාමුදුරුවරු කියාගෙන ශේප් වෙනව. අපි කන කට්ටක් කන්න ගියාමත් අපි හමුදුරුවරු කියාගෙන කට්ට කන්නෙ නෑ. කට්ට කන්නෙ නැතිව පොත්ත කන්න විතරක් නම් දෙන්න බෑ.

    ReplyDelete
  31. ඔයා අර කෙල්ලට දුන්න උත්තරයටත්
    හාමදුරැවන්ට සිට් එක දුන්නටත්
    අත් දෙක උස්සලා රෙෂ්පට්...

    ReplyDelete
  32. හැදියාවෙ තරම තමයි......මොනා උනත් අයියා නියම උත්තරේ..... අම්මපා

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT