What have we done? We've done nothing! So what we've become............? Come on, deny Come on, reply sometimes Your thoughts are clear But you're not here. Right? Come on and laugh Come and pass that grass When the mist appears No conscious, no fear. Right? But you complain about it all But you should close your mouth Close your mouth What have we done? We've done nothing So what we've become? Become nothing What have we done? We've done nothing So what we've become? Become nothing Come on, deny Come on, reply sometimes Your thoughts are clear But you're not here. Right? Come on and laugh Come and pass that grass When the mist appears No conscious, no fear. Right? But you complain about it all But you should close your mouth Close your mouth What have we done? We've done nothing So what we've become? Become nothing What have we done? We've done nothing So what we've become? Become nothing (ah) Become nothing (ah) Become nothing (ah) Become nothing (ah
හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ!
Filed under Music
Pingback: හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය
What came into my mind was this Beatles song Nowhere Man
He’s a real nowhere man
Sitting in his nowhere land
Making all his nowhere plans, for nobody.
Doesn’t have a point of view
Knows not where he’s going to
Isn’t he a bit like you and me?
Nowhere man please listen
You don’t know what you’re missing
Nowhere man, the world is at your command.
He’s as blind as he can be
Just sees what he wants to see
Nowhere man, can you see me at all?
Nowhere man, don’t worry
Take your time, don’t hurry
Leave it all till somebody else
Lends you a hand
Ah, la, la, la, la
He’s a real nowhere man
Sitting in his nowhere land
Making all his nowhere plans, for nobody.
බිට්ල්ලගේ සිංදුව මගේ කතාව වෙනස් තලයකට ගෙන යනවා. ඇත්තටම මේ ගීතය මා දැමුවේ, එවෙලේ ලියන්න ආපු මගේ කලින් සටහනේ ඉතිරි කොටස ලියන්නට පෙර කියවපු බ්ලොග් සටහනක, එක ප්‍රතිචාරයක් දුටු විට සිතට දැනුන කාලකන්ණි හැඟීම් නිසා. දැන් මා ලංකාවේ තියන මැතිවරණයේදී මිනිසුන් තමන්ගේ චන්දය දෙන්න ඕනේ කොහොමද කියල සටහන් ලියන්න, උපදෙස් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
විශේෂයෙන් මේ බ්ලොග් කියනවන්න තරම් ආර්ථික තත්වයක් හා අධ්‍යාපනයක් තියන මිනිසුන්ට ඒ වගේ දේවල් ගැන උපදෙස් දෙන එකත් මහා ගොං පාර්ට් එකක්. අනික මා වගේ විදේශිකයන්, ඔය වගේ උපදෙස් දීම කවුන්ටර් ප්‍රොඩක්ට්ටිව් කියලත් මා සිතනවා. ඒ සියල්ලටම වඩා, ලංකාවේ අනාගතය තීරණය කරන්න ඕනේ, පිටරටවල ඉන්න පිරිස් නොවේ, ලංකාවේ ඉන්න අයයි (කුඩා රටවල අනාගතය ගැන වඩාත් බලපෑමක් කරන්නේ, මහබලවතුන් යන්න වෙන සත්‍යයක් වන නමුත්, මේ රටවල ජනතාවටත් තමන්ගේ අනාගතය ගැන විශාල බලපෑමක් කරන්න හැකි වගත් ඒ වගේම සත්‍යයක්).
ඉහත ගීතය එහි වීඩියෝපටය සමග අහන විට, ඔබට එහි කියන ඇත්තම තේරුම ගැන අවබෝධයක් ගන්න හැකියි. හැබැයි සමාජයේ ඉන්නා බොහෝ ඇය කුඩු ගසා මත්වී ඉන්නන් කියා මට සිතෙනවා. මෙන්න මා දුටු අර කියපු කොමෙන්ටුව: //පරාජයෙන් වියරු වැටී සිටින එජාපය තජුදීන් නැමැත්තාගේ මිනිය ගොඩගෙන අලුත් නාඩගමක් නටා ඇත. සියල්ලන්ට අමතක වී තිබූ මෙම පරණ සිද්ධිය ඇවිස්සීම නිසා එය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වීමෙන් ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක්වන මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට වන තර්ජනය ගැන එජාපයේි සිටින ආර්ථික ඔස්තාද්ලාට නොතේරේද?//
මෙය දමපු කෙනා එතරම් වැදගත් කමක් නැහැ. මොකද 1971 සිට ලංකාවේ ප්‍රධාන ධාරාවේ මතය මෙයයි. //සියල්ලන්ට අමතක වී තිබූ මෙම පරණ සිද්ධිය// ඔව් “සියල්ලන්ටම අමතකයි”. අතුරුදහන්කරපු, වධ බන්ධන වලට ලක්කර මරපු, දුෂණය කර මරපු, වෙච්ච දෙයක් දන්නේ නැති දහස් ගණනක ජිවිත “සියල්ලන්ටම අමතකයි”. චන්දයක් ආපු වෙලාවට, බලයේ ඉන්න පිරිස අනුව “හාරන වලවල්” වෙනස් වෙනවා. නමුත් චන්දය ඉවර වුන විට ආයිත් “සියල්ලන්ටම අමතකයි”. සමාජයේ බහුතරයක් මේ සිද්දි වලට බඳුන් වෙච්ච අයගේ ජිවිත ගැන කිසි හැඟීමක් නැහැ. මොකද “සියල්ලන්ටම ඔවුන් අමතකයි”.
හැබැයි මේ ම්ලේච්චකම් ගැන අමතක නැති පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා. එයාල නම් තාජුදින් ගේ සමීපතමයන්, සන්ද්‍යා වගේ කාන්තාවන් හා තවත් දහස් ගණන් පිරිස්. ඔවුන්වත් “සියල්ලන්ටම අමතකයි” මොකද ඔවුන් බහුතරය නොවේ. වලවල් හාරන විට මතකයට එනවා. ඉන්පසු ආයිත් “සියල්ලන්ටම අමතකයි”. ඔවුන්ගේ කඳුළු අනික් පිරිස් දකින්නේ නාඩගම් ලෙස.
ලංකාවේ අනාගතය කොයිවගේ එකක් විය යුතුද යන්න එහි ජනතාවම තීරණය කර ගනීවි. හැබැයි ලංකාවට වඩාත්ම අවශ්‍ය දෙය ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග, රැකියා, විදේශ ආයෝජන වැනි කිසිවක් නොවේ, සමාජයේ සිදුවුණ හා දැනටත් සිදුවන ම්ලේච්ච කම් දකින පිරිස්, ඒවා ගැන සංවේදී පිරිස්, ඒවාට අසුවී වේදනාවෙන් මිරිකෙම් නොමැරී-මැරී ජිවත් වන මිනිසුන් දකින පිරිස්. අන්න එදාට මේ ම්ලේච්චකම් දිගින් දිගටම රිපීට් වීම නතර වේවි.
එවැනි දිනයක් එනකම් සන්ද්‍යා, මා ඔබ වෙනුවෙන් පොල් ගෙඩියක් ගහන්නම්!