සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

බුකියේ වත් පොතේ මං සෑහෙන කාලෙක ඉදන් හිටියත් එහි යාව ජීව සාමාජිකයෙක් වෙලා හිටියේ නෑ. වැඩිපුරම මං ගැවසුණේ බ්ලොග් එක්ක. ඔය අතරේ දවසක තමා මට ඇරියුමක් ආවේ කැලුම් බණ්ඩාර මලයගෙන්. අයියේ අපි පැදුරු සාජ්ජයක් කරනවා අපේ ගෙදර කියන ගෘපයෙන් ඒකට වරෙන් කියලා... ගෘප් ගැන මෙලෝ හසරක් නොදන්න මං එදා ගියා දෙහිවල තිබ්බ ඒ සාජ්ජෙට. අදටත් හුගාක් හිතවත්ව ඉන්න මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මං අඳුන ගත්තේ එදා තමා. එතැනට ගිය ගමන් සුප් කෝප්පයක් දීලා ඔයා සාමාජිකයෙක්ද කියල ඇහුවේ නෙත් නගයි සුනාලි නගයි.. අද වගේ මට මතකයි. කම්බා ඇඳපු සෙට් එක.
ඊට පස්සේ තමා කැවුමව හමුවුණේ..
කිසිදාක දැක නැතත් නිර්මාණ හරහා හදුණගත්තු ඒ කැවුමා මට දක්වපු ලෙංගතුකම හන්දම අද මට මිතුරු මිතුරියන් විශාල පිරිසක් ඉන්නවා.
එදා ඒ අවස්ථාව උදාකර දුන්නු කැවුමට ස්තුතියි..
එයින් කාලෙකට පස්සේ මට ආයිමත් ආරාධනයක් ආවා කැවුමගෙන්ම අපි පොලොන්නරු යනවා අයියත් එන්න බ්ලොග් කරුවන් හැටියට අයියටයි ඕනයටයි ආරාධනා කරනවා කියලා. ඒකටත් එක් වුණා. එදා තමා සහෘදයෝ කියන සමූහයට මං එකතු වුණේ. තවත් හුගක් යාළුවන් හමු වුණේ එදා. 
ඒ කැලුමට පින් සිදුවෙන්න...
ඉන් පස්සේ මං දායකත්වය දක්වපු ඉවෙන්ට් දෙකකට කැලුමට මාත් ආරාධනා කළා. ඒ දෙකටම ඌත් ආවා.....ලෙංගතුකම දෝරේ ගලා ගියා...
තාමත් ගෘප් තියනවා ඒත් කැලුමා ඒවයේ නෑ... මට මේක දරාගන්න හුගක් අමාරුයි......
උඹ සුන්දර මනුස්සයෙක් මලයා තව වචන ගොඩාක් හිතට ආවත් මං ඒවා කොටන්නේ නෑ... 
අදටත් මං උඹ එක්ක ඉන්නවා කැවුමෝ.... උඹේ ලස්සන නිර්මාණ මං තාමත් එදා වගේම රස විඳිනවා මලයා
උඹට ගොඩක් ස්තුතියි.........

9 comments:

  1. නලියෝ. ඔය පාප මිත්තරයෙක්. උඹව අමාරුවේ දාලා පැනල ගිහිල්ලා.. හැක්.. ජය වේවා. කැවුමගේ වැඩ නං මාත් බලනවා.

    ReplyDelete
  2. කැවුමගේ බ්ලොග් දෙකක් තියෙනවා 'කතන්දර' හා 'කවිය' කියලා.. එකක් 2011න් පස්සේ අනික 2012න් පස්සේ අප්ඩේට් වෙලා නෑ. පුළුවන්නම් පොළඹවමු ආපහු බ්ලොග් එක ලියවන්ඩ.. ඌ ගැන වැඩිය නොදන්නව උනාට උගේ නිර්මාණ අඳුනනව..

    ReplyDelete
  3. මේ බ්ලොග් එක මම අදමයි දැක්කෙ

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක මම අදමයි දැක්කෙ
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. කැලුම් ගේ බුකියේ නිර්මාන නම් මමත් රස විදිනවා බොලොග් ගැන නම් අද දන්නෙ,

    ReplyDelete
  5. කැවුමෝ අපිත් සෙට් වෙන්නම්... ජය

    ReplyDelete
  6. ලස්සන බ්ලොග් එකක් .අදමයි දැක්කේ .දිගටම ලියන්න .අර සෙල්පි නලින් ෆොටෝ අල්ලනවා වාගේ බ්ලොග් පොස්ට් වැටෙවා ....හැක් හැක්

    ReplyDelete
  7. අපේ කැළුම් මල්ලිට හදවතින්ම ජය..!

    ReplyDelete
  8. Yako mechchara magulak liyalath uuwa warnana karalath daapiya ban ube blog eke link eka.. Ubala hodai hondai kiwwata apitath balanta hekine hitan ethakota..

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT