සුපිරි පාස්වර්ඩ් එකක් සාදන හැටි.


සුපිරි පාස්වර්ඩ් එකක් සාදන හැටි.

කොහොමද කට්ටියට මම අද අලුත් වැඩක් කියල දෙන්නයි යන්නේ. ඔයාලා දන්නවානේ ඔය එක එක එකවුන්ට් වලට දාන පාස්වර්ඩ් අන්න ඒවා සුපිරියටම හදන හැටි තමා මම අද කියල දෙන්න යන්නේ. ඔය පාස්වර්ඩ් හදන මෘදුකාංග කියල තියෙන ඒව හදන පාස්වර්ඩ් ලේසියෙන්ම පාස්වර්ඩ් ක්රැකර්ස් මෘදුකාංග
වලින් හොයා ගන්න පුලුවන්. ඒක නිසා අද මම කියල දෙන්න තමාටම ආවේණික ක්‍රමයකට පාස්වර්ඩ් හදන හැටි.හරි වැඩි කතා ඕනි නෑ අපි වැඩේට බහිමුකෝ. ඔන්න බලාගන්න....

පළමු පියවර - තමන්ට මතකයට එන වාක්‍යයක මුල් අකුරු මතක තියාගන්න.
උදා:-My name is kamal යන වාක්‍යයෙහි මුල් අකුරු mnik

දෙවනි පියවර - තමන්ට කැමති පරිදි හෝ තමගේ මතකයේ රැදෙන පරිදි මෙහි ඇති අකුරු කීපයකට වෙනත් අකුරු නැතිනම් සංකේත යොදන්න.
උදා:-'a'අකුරක් වේ නම් '@'සංකේතය යෙදිය හැක.'l'අකුරක් වේ නම් '1'ලෙසද යෙදිය හැක.'i'අකුරක් වේ නම් එය කනපිට හැරවූ ලෙස පෙනෙන විශ්මයාර්ථ ළකුණ'!'යෙදිය හැක.එවිට අපි ඉහතින් සෑදූ පාස්වර්ඩ් එක මෙසේ වෙනස් වේ. mn!k

තෙවන පියවර - දැන් මේ පාස්වර්ඩ් එක අපට තව ටිකක් සමීප කරමු.උදාහරණයක් ලෙස ඔබට අවුරුදු 15නම් මෙහි ඇති ඉලක්කම් අපේ පාස්වර්ඩ් එකටත් එක්කර ගන්න පුලුවන්.එවිට ඉහත අප සෑදූ පාස්වර්ඩ් එක මෙසේ වෙනස් කරන්න පුලුවන්. mn!k15 හා mn15!k...

සිව්වන පියවර - පාස්වර්ඩ් එක සංකීර්ණ කළ හැකි තවත් ක්‍රමයක් තමයි,මේ පාස්වර්ඩ් එක යොදා ගන්නා සේවයේ නමේ අකුරු මෙම පාස්වර්ඩ් එකට එකතු කිරීමයි.උදාහරණ ලෙස පාස්වර්ඩ් එක යොදා ගන්නේ gmail සේවයට නම් 'g'අකුරත් gmail යන වචනයට අකුරු 5 ක් තිබෙන නිසා අංක 5 ත් අපිට අපේ පාස්වර්ඩ් එකට යොදා ගන්න පුලුවන.එවිට ඉහත අප උදාහරණයට ගත් පාස්වර්ඩ් එක මෙසේ වෙනස් වේ. 5gmn!k15 

අම්මෝ දැන් ඉතින් අපේ පාස්වර්ඩ් එකනම් හදාගෙන අහවරයි. මේ වගේ අමුතු පාස්වර්ඩ් එකක් අමතක වෙන එකයි අවුල. මේ පාස්වර්ඩ් එක කොහෙවත් ලියාගන්න නම් එපා ඒ වෙනුවට මේක හදන්න යොදා ගත්ත ඉගිය සටහන් කර ගන්න (my name is kamal, 15, gmail). එතොකට පාස්වර්ඩ් එක අමතක උනොත් ඉගිය බලලා මතක් කර ගන්න බැරිය. එහෙනම් කට්ටිය මේ ලිපිය බලලා ලයික් පාරකුයි. අදහස් පාරකුයි දාලම යන්න. කැමතිනම් ඉතින් ෂෙයා පාරක් දැම්මත් අවුලක් නෑ. එහෙනම් මම ගියා. නැවත අලුත් ලිපියකින් හමුවෙමු...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon