සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]

සීතල උඳුවප් මාසය ගෙවියන්නේ සාමයේ පණිවුඩය රැගත් නත්තලත් සමගම යි. ලොව පුරා සිටින කිතුණු බැතිමතුන් මේ මාසය සමරන්නේ අති මහත් වූ බැති සිතකිනි. 
පුණ්‍ය කටයුතු, බැති ගී යාතිකා, කැරොල්, ආදී විවිධාකාර වූ දේ මගින් නත්තල අර්ථවත් කරන්නට බාල මහලු කොයි කවුරුත් එක් රොක් වෙති. පොඩිත්තෝ නත්තල් ගස සෙවණට වී නත්තල් සීයාගෙන් තෑගි ලැබෙන තුරු බලා සිටිති. මේ කුමන දේ තුළින් වුව කිතුණුවෝ සොයන්නේ සතුටයි සැනසුමයි. මේ මාසය පුරාම අප දෙසවන් තුළ රැව් දෙන්නේ ඒ සාමයේ යාතිකාවයි.


ඒ සතුට සැනසුම ලැබ ගන්නට නම්  මේ  උදාවන නත්තලේ අපේ අරමුණු කවරාකාර විය යුතුදැයි දැනගන්නට අප මුණගැසුණේ මීගමුව පිටිපන දේවස්ථානයේ මීසම සේවක එල්මෝ රාජ් ප්‍රනාන්දු පියතුමන්වයි. උදාවන නත්තල පිළිබඳව උන්වහන්සේ දරණ්නේ මෙවන් අදහසකි.
නත්තල සාමයේ මංගල්‍යයයි. ජේසු සමිඳානන් මේ ලෝකයට පහළ වූයේ දෙවියන් හා මිනිසුන් අතර පළුදු වූ ප්‍රේමය ගොඩනගන්නයි. උන්වහන්සේ එම ශුද්ධ වූ කර්තව්‍යය නොපිරි හෙලා ඉටු කළා. එනිසාම මේ නත්තල සාමයේ මංගල්‍යය ලෙස නම්කරනවා. 

අද සමාජය දෙස බැලීමේ දී පෙනියන කරුණක් තමයි නොයෙක් හේතූන් මත සාමය නැති වී තිබෙන ආකාරය. අපරාධ, මිනී මැරුම්, කොල්ලකෑම්, මං පැහැරීම්, මේ ආදී දේ නිසා  සමාජයෙන් සාමය නැති වී තිබෙනවා.
ජේසු තුමන් ගේ උපත වෙනුවෙන් මේ නත්තලේ දී අපට හැකිනම් සාමයේ සිතක් අප හදවත් තුළ ඇතිකර ගන්නට එයයි සැබෑ නත්තලක් වන්නේ. මේ සඳහා අප, චංචල වූ අපගේ සිත් සතන් හා ආකල්පවල වෙනසක් ඇතිකරගත යුතුයි.
සෑම මිනිසෙකුම දෙවි කෙනකු ලෙස සිතන්නට අප උත්සාහ දැරිය යුතුයි. එවිට අපට දෙවියන්ට ගරු කරනවා සේම අන්‍යයන් සැමට ම ගරු කරන්නට, ප්‍රේම කරන්නට, ආදරය කරන්නට, හැකියි. 

අද නුතන පරපුර ජීවත් වෙන්නේ එඬේරෙකු නැති බැටලුවන් රංචුවක් වගෙයි. ඔවුන්ව යම් යම් ක්‍රියාකාරකම්වලට යොදවාගන්නව මිසක් (දේශපාලන, අපරාධ වැනි) ඒ අයට හරි මඟ කියාදෙන්නට කෙනෙක් නෑ. 

වැඩිහිටියන් ආගමික නියෝජිතයන් හැටියට අප ට හැකිනම් ඔවුනට නිසි මඟ පෙන්වීමක් කරන්නට, ක්‍රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණ මිනිසා පාපයෙන් මුදවාගන්නට මග පෙන්නුවා සේම නූතන පරපුරත් යහමගට යොමු කිරීමට අපට අවස්ථාව සැලසෙනවා.

වත්මන් පරපුර මේවන විට අති නූතන තාක්ෂණය ඔස්සේ ගමන් කිරීමට සැහැදී පැහැදී සිටිනවා. මේ තාක්ෂණයේ හොඳ වගේම නරක පැතිද අපමණව තිබෙනවා. තාක්ෂණය තුළ වුවත් ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියනවා. අපට හැකිනම් තාක්ෂණය ධර්මය හා යා කරන්නට, ධර්මය තුළින් තාක්ෂණය භාවිත කරන්න ට අපේ ජීවිතවල පැහැදිලි වෙනසක් ඇතිකර ගන්නට පුළුවන්.

එදා ක්‍රිස්තුස්වහන්සේ පර්සිවරුන් ගේ අක්‍රමිකතා බිඳ දැමීමට කටයුතු කළ සිද්ධිය සිතට ගන්න. ඒ කැප කිරීම උන්වහන්සේ කළේ සමාජ යහපත උදෙසායි. මේ සිද්ධියෙන් අප උගත යුත්තේ යහපත් දේ වෙනුවෙන් අප එක් රොක් විය යුතු ය යන්නයි. සැබෑ කිතුණුවෝ යහපත වෙනුවෙන් එක් වෙති. යහපත වෙනුවෙන් හැමෝම කටයුතු කරන්නේ නම් කිසිවකුගේ මග පෙන්වීමක් නොමැතිව වුව සමාජයම යහපත් වේ. එසේම අයහපත් දේ කරන්නන් ට නිසි මග පෙන්වා ඔවුන් ද සමාජ යහපතට යොමු කරගැන්ම ට අප සැවොම මේ නත්තලේ අදිටන් කරගැනීම වැදගත් වෙනවා.

සමාජයේ පවතින බොහෝ හර සුන් දේ වෙනුවට ධර්මය තුළින් හරවත් දේ කෙරෙහි යොමු වීමෙන් වඩාත් සාමකාමී සැමට සුව ගෙනෙන සමාජයක් නිර්මාණය කරගන්නට හැකියි. එවිට ය ලෝකය වඩාත්ම සුන්දර වන්නේ. 

එදා ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට පහළ වූ බව පෙන්වූයේ වල්ගා තරුවක් මගින්. එලෙසම අපිත් ජමාජයේ  යහපත උදෙසා වැඩකරන වල්ගාතරු බවට මේ නත්තලේ දී පත්වෙන්න ට වෙර දරමු. 

ජේසු තුමා මෙලොව ජනිත වීමට තෝරාගත්තේ ගවහලකි. කිතු දහමේ සැබෑ සත්‍යය ජීරණය වී ඇත්තේ ගව හලෙහි ය. අප දැන හෝ නොදැන ඒ පරම සත්‍යය තවම සැබෑ ලෙස උකහාගන තිබේ ද යන්න සිහිපත් කළ යුතු ය. ගවයන් ලගිනා ගවහල, සමාජයේ අන්ත දිලින්දන් වූ සමාජයෙන් කොන් කරන ලද එඬේරුන් පිරිවරාගන විශ්වයේ මහා මැවුම්කරුවානන්ගේ පුත්‍රයාණන් වූ කිතු සමිඳුන් ලොව බිහිවන්නට තෝරාගත්තේ කුමක් අරබයාද යන්න විමසිල්ලට ගන්න.

කිතු සමිදුන් ගේ මනු උපතේ මංගල පණිවුඩය ලැබුණේ කාට ද? ගවයන්ට තණ කවා වෙහෙසී බෙත්ලෙහෙම් කඳු මිටියාවතේ නිදා සිටි දූගී එඬේර ජනතාව අවදි කරවා ස්වරගයෙන් පැමිණි සුර දූතයන් ඒ උත්තරිතර ශුද්ධ වූ පණිවිඩය ප්‍රකාශකළා නොවෙ ද? මේ සියලු දේ තුළින් දෙව් පියාණන් ලොවට දුන් ආදර්ශය නිරන්තර හදවතේ රඳවාගන්න ට මේ නත්තලේ සිට අදිටන් කරගන්න. ගව හලේ උපතේ පණිවුඩය ඉතා පැහැදිලි ය. එම පණිවුඩය සමස්ථ සමාජය පුරා පතුරුවාලන්නට හැකිනම් එය ම නොවෙද සැබෑ කිතුණුවාගේ වගකිම හා යුතුකම. පුද්ගලයන් වශයෙන් තම තමන් මේ යුතුකම සමාජය වෙනුවෙන් ඉටු කරන්නේ නම් අප ඉදිරියේ ඇති ලෝකය කෙතරම් සුන්දර වන්නේද යන්න හදවතට ගන්න.

එබැවින් අපිත් මෙවර නත්තලේ දී ජේසු තුමා ව අපගේ හදවත නැමැති ගව ලෙන තුළ සොයන්නට උත්සාහ කරමු. ඔබ සැමට සිරි සුබ නත්තලක් වේවා.


16 comments:

  1. ඔබටත් එසේම ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා !

    ReplyDelete
  3. සුබ නත්තලක් වේවා !!!

    ReplyDelete
  4. සුබ නත්තලක් වේවා ඔබටත්.

    ReplyDelete
  5. එසේම වේවා ඔබටත් ! :D
    නියම නත්තල ජනවාරි අටෙන් පස්සේ හේ හේ..

    ReplyDelete
  6. සුභ නත්තලක් නලින් අයියා .!!

    ReplyDelete
  7. ඔබටත් සුබ නත්තලක් වේවා!!!

    ReplyDelete
  8. අපට නම් ඉතින් හැමදාම නත්තල්...

    ReplyDelete
  9. ඔබටත්.. සැමටත් සාමය ආදරය පිරුණු සුබ නත්තලක්...

    ReplyDelete
  10. ඒසේම වේවා නලියා.................. මේ දවස් ටිකේ මොකක් හරි ලොකු වැඩක ද ඉන්නේ??? අැයි සද්ධ නැත්තේ??????

    ReplyDelete
  11. ඔබටත් එසේම වේවා....!!

    ReplyDelete
  12. එබැවින් අපිත් මෙවර නත්තලේ දී ජේසු තුමා ව අපගේ හදවත නැමැති ගව ලෙන තුළ සොයන්නට උත්සාහ කරමු

    ඔන්න ඕක කරගන්න පුළුවන් වෙච්ච දවසට තමයි හැබෑම නත්තල උදාවෙන්නේ.

    එහෙනම්,

    නලීන් අයියටත් සුබම සුබ නත්තලක් වේවා...

    පෙර පරිදිම බ්ලොග් ලෝකේ කරක් ගහන්න ඉක්මනට,ම එන්න පුළුවන් වෙආ කියලත් ඒ එක්කම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  13. සුබ නත්තලක් වේවා නලින් අයියා...

    ReplyDelete
  14. ඔබටත් එසේම වේවා....!!

    ReplyDelete
  15. සුභ නත්තලක් වේවා! :)

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT