Tuesday, May 1, 2012

- පොළව යට පිහිටි ලෝකයේ ගැඹුරුම හෝටල් සංකීර්ණය -

The eerie hotel suite accommodates two and is situated 155 meters (509 ft) below the earth...ලෝකයේ නොයෙකුත් ස්ථානයන්හි පිහිටි නොයෙකුත් ආකාරයේ හෝටල් සංකීර්ණ ගැන ඔබ අසා ඇති. මුහුදු වෙරළ, කඳු වැටි, හුදකලා දූපත්, තට්ටු ගණන් උස මහල් ගොඩනැගිලි මෙන්ම මුහුද යට ද තැනූ විවිධාකාරයේ හෝටල් සංකීර්ණ තිබුණත් මේ කියන්නට යන්නේ පොලොව යට පිහිටි අපූර්ව හෝටලයක් ගැනයි. මේ හෝටලය තියෙන්නේ පොළොව මතුපිට නම් නෙවෙයි. විශේෂත්වය නම් මෙය ලෝකයේ ගැඹුරුම හෝටලය ලෙස වාර්තා වීමයි.


ස්වීඩනයේ පිහිටි පැරණි රිදී ආකරයක, භූගත පතලක් නවීකරණය කර ඉදිකර ඇති මේ හෝටල් පද්ධතිය ඉතාම චමත්කාරජනක අත්දැකීමක්. අඳුරු ගුහා හා දෝනා වලින් පිරුණු අන්ධකාර පතලක් තුල රැය පහන් කිරීමේ දුර්ලභ අවස්ථාව මෙහි පැමිණෙන අමුත්තන්ට ලබා ගත හැකියි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සිට කිලෝමීටර් 120 ක් ඈතින් පිහිටි මේ Sala රිදී පතලේ ඉතිහාසය මධ්‍යකාලීන යුගය දක්වාම ඈතට විහිදෙනවා. මේ රිදී පතල දීර්ඝ කාලයක් පුරාවටම ස්වීඩනයේ විශාලතම හා ප්‍රමුඛතම රිදී ආකරය බවට පත්ව තිබිණි. වර්තමානයේ එය ලෝකයේ ගැඹුරුතම හෝටල් සංකීර්ණය බවට පරිවර්තනය කර තිබේ.



 මේ පාතාල හෝටලය සතුව පොළොව යට පිහිටි හෝටල් කාමර, භෝජනාගාර, පතල් කෞතුකාගාරයක්කලාගාරයක් හා තවත් විස්මිත අත්දැකීම් රාශියක් සතුයි. පොළාව මතුපිට සිට මීටර 155 ක් ගැඹුරෙහි පිහිටි මේ හෝටල් සංකීර්ණය ආවෘති භීතිකාවෙන් පෙලෙන්නන්ට නම් සුදුසු තැනක් නොවන බව නම් සඳහන් කළ යුතුයි. නිදන කාමර ලෙස පතලේ අඳුරු කුහර යොදා ගෙන ඇති අතර එහි ඇති විශාල සයනය පාෂාන බිත්ති තුනකින් වටවී තිබේ. පෞරාණික සිරි ගෙන දීමට නිදන කාමර ආලෝකකරණය සඳහා විශාල ඉටිපන්දම් යොදා ගෙන තිබේ. නිදන කාමරය තුල ආසනයක් හැරුණු විට ඇත්තේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයකි.



මෙහි පැමිණෙන අමුත්තන් හට පතල තුල පරිසරයට හුරු කරවීම සඳහා විශේෂ මග පෙන්වන්නෙක් සමග පෙරහුරුවක් සිදු කෙරේ. එයින් පසුව අන්ධකාර රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන් තනිවම පතල තුල ඇති නිදන කුටියට යා යුතුයි. එහිදී අමුත්තන් වෙත වෙනමම හෝටල් සේවකයෙක් වෙන් කරන අතර ඔහු පොලොව මතුපිට පිහිටි ප්‍රධාන හෝටල් සංකීර්ණයේ සිට ඉන්ටර්කොම් සම්බන්ධතාවය ඔස්සේ පතල තුල සිටිනා අමුත්තන් සමග පැය 24 පුරාවටම සම්බන්ධතාවය තබා ගනී. පතලේ ගැඹුර වැඩි නිසා සංඥා දුර්වල වීම හේතුවෙන් එය තුල ජංගම දුරකථන භාවිතය අපහසුයි. වැසිකිලි අවශ්‍යතා සඳහා අමුත්තන් පතලේ මැද හරියට පැමිණිය යුතුයි. පොළෝ මට්ටමෙන් මීටර 50 ක් පහත ස්ථානයක ඒ සඳහා පහසුකම් සපයා තිබේ. කෙසේ වුවත් සුවපහසු නාන කාමර පහසුකම් සඳහා නම් ඔවුන්ට පොලොව මතුපිට ඇති ප්‍රධාන හෝටල සංකීර්ණයට පැමිණීමට සිදුවෙනවා. මේ සඳහා කේබල් යෙදූ සෝපාන පද්ධතියක් ක්‍රියාත්මකයි.

Sala Silvermine is home to an underground hotel room, dining experience, museum, live thea...

මෙම හෝටල් සංකීර්ණයට අන්තර්-භෞම භෝජනාගාර දෙකකුත් අයත් වෙනවා. මේ හෝටලයට පමණක් ආවේනික වූ විශේෂ වටපිටාවක සිට රාජකීය භෝජනාගාරයක අසිරිය සමගින් සිය රාත්‍රී ආහාරය ලබාගන්නට මෙහි පැමිණෙන අමුත්තන්ට පහසුකම් සලසා දී තිබේ. එසේම වීර ක්‍රියා සඳහා කැමැත්තක් දක්වන්නන් හට විශේෂයෙන් සැකසූ වික්‍රමාන්විත ක්‍රියාදාම රැසක් පොලොව මතුපිට පිහිටි පතලේ දකුණු ප්‍රදේශයේදී අත්විඳින්නට පුළුවන්. එල්ලෙන පාලම් මතින් ගැඹුරු පතලට උඩින් ඇවිදීමට හෝ ලනු මතින් ඇවිද යාමට හා ගස් මත කෙරෙන විවිධ ක්‍රියාදාමයන් මීට අයත් වෙනවා.

In the southern area of the mine lies several thrilling high wire adventure tracks (image:...

පොළොව මතට වඩා පතලේ අඳුරු ගුහා වලටම කැමැත්තක් දක්වන අය සඳහාම සැකසූ විශේෂ සවාරි ද මෙහි සංවිධානය කර තිබෙනවා. ඒ යටතේ පතල යට පිහිටි අඳුරු දෝනා ගවේෂණය කිරීමත්, ඒ වගේම පොලොව යට පිහිටි ජලයෙන් පිරි ගුහා වල කිමිදීමත් දක්වන්නට පුළුවන්. සෙල්සියස් අංශක 2 ක් පමණ වන දැඩි ශීත ජලයේ පීඩාව ඉවසාගෙන කිමිදෙන්නට හැකි නම් දිය යට පරිසරයේ අපූර්ව චමත්කාරය විඳගන්නටත් පුළුවනි.


මේ අපූරු පහසුකම් සියල්ලම ඔබට ලැබෙන්නේ Sala රිදී පතලේ භූගත හෝටලයේදී පමණයි. ජීවිතයේ ලබන සොඳුරුතම අත්දැකීම් අතරට එකතුවන විශිෂ්ඨතම අත්දැකීමක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ පාතාල හෝටලයේ අඳුරු නිදන කාමරයක රැය ගත කරන්නට ඇමරිකන් ඩොලර් 580 ක මුදලක් ගෙවිය යුතු වෙනවා.





21 comments:

  1. ඉතාමත් ලස්සන ලිපියක් යුරෝපයේ සිටින මටත්
    අලුත් දැනගැනීමක්

    ReplyDelete
  2. ලස්සන වැදගත් ලිපියක්..බලන්න යන්න ආශ හිතුනා....ස්තූතියි.

    ReplyDelete
  3. @ Ano :
    ස්තුතියි ඔබට...

    @ වින්චැට්කිරිල්ලි :
    යුරෝපයේ ඉන්නවා නම් නිවාඩු වෙලාවක යන්න බැරියෑ... ස්තුතියි ප්‍රතිචාරයට...!

    ReplyDelete
  4. නියම හෝටලයක් නේ. ලංකාවෙත් මෙහෙම තැනක් තිබ්බා නම්...

    අම්මෝ මේ බ්ලොග් එකේ කමෙන්ට් කරන්ඩ මාරම අමාරුයි නේ. බ්ලොග් එක ලෝඩ් වෙලා ටික වෙලාවකින් බ්ලෑන්ක් පේජ් එකක් වෙනවා. ආයෙම ලෝඩ් වෙන්නේ නෑ.

    ReplyDelete
  5. @ මධූ :
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ...

    ඔයා කියපු කාරණය ගැන මීට කලින් නම් චෝදනාවක් ඇවිත් නෑ... මම චෙක් කරලා බැලුවත් එහෙම වෙනසක් වුනේ නෑ... මේක කියවන වෙන කෙනෙක් කරුණාකරලා වෙනසක් තියේ නම් කියලා යනවා නම් ලොකු උදව්වක්... කොහොම වුනත් මේ ගැන දැනුවත් කලාට මධුරංග සහෝට ස්තුතියි...

    ReplyDelete
  6. මචන් උබේ ඊලඟ උපන්දිනේ අපි මේකෙ සමරමු...හොඳයි නේද????

    ReplyDelete
  7. අපූරු නිර්මාණයක්...ඒත් අච්චර ගානක් දීලා ඒ වගේ කාමරේක ඉන්න මටනම් ආසාවක් ආවේ නෑ. මේක හිරි ගල් ගුහාවක් වෙන්න ඇති මම හිතන්නේ.

    ReplyDelete
  8. නිම හෝටලයක්නෙ...කවදහරි යන්න තියනම්..

    ReplyDelete
  9. ලස්සනයි . ටිකක් බයයි වගේ නේද . මධුරංග කියූ ප්‍රශ්නය මට කලින් තිබුනා . දැන් අලුත් ලැප් ඒක නිසා අවුලක් නැහැ වගේ

    ReplyDelete
  10. මොනවා උනත් මේ හෝටලේ ගැන ආපු අදහසනම් නියමයි.. මොකද කාටවත් හිතෙන්නේ නැති වැඩක් නේ..

    ReplyDelete
  11. මරු හෝටලයක්නේ ඒක. හැබැයි පුතෝ කඩන් වැටුනොත් ඉතින් සෙත්තපෝcච්චි තමා.

    ස්තූතියි කවදාවත් අහලා නොතිබුනු හෝටලයක් ගැන කිව්වට.

    මටනම් කමෙන්ට් කරන්න කිසිම ගැටලුවක් නෑ..

    ReplyDelete
  12. sha maru chathu putha.niyana hotale

    ReplyDelete
  13. ගොඩාක් ස්තුතියි කවදාවත් අහපු නැති විස්තරයක් අපිට ඉදිරිපත් කලාට.ගොඩාක් ආස හිතුනා එතනට යන්න තිබ්බනම් කියල ඒත් අන්තිම වචන කිහිපය කියෙවුවම ආසාව නැතිව ගියා.

    මටත් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ නේ.

    ReplyDelete
  14. @ ධනූ :
    ආයෙත් උපන්දින පාටි නැති නිසා ඒ යෝජනාව ගැන කණගාටුයි... ඒත් ඉතින් ඔච්චර කියන එකේ උඹ ගානේ ඔය හෝටලේ පාටිය ගම්මු එහෙනම් !!! :P

    @ සයුරි :
    ඇත්තටම අපූරු සංකල්පයක්... ආසාවක් ආවේ නෑ කියන්නේ බයයි කියන එකනේ...!
    මම හිතන හැටියට හිරිගල් වෙන්න ඕනේ... එහෙම නෙවෙයි නම් මේ ගොල්ලෝ පතල් බිත්ති වලට විශේෂ බදාමයක් යොදන්න ඇති... ස්තුතියි සයුරි ප්‍රතිචාරයට !!!

    @ තරූ :
    ම්ම්... බලාපොරොත්තු අත්හරින්න එපා. කවද හරි යන්න චාන්ස් එකක් ලැබේවි... ස්තුතියි ඇවිත් ගියාට !

    @ බින්දි අක්කා :
    අපේ කාන්තා පාර්ශවයේ උදවිය නම් මේ හෝටලේට ආසයි - බයයි වගේ... :P
    කමෙන්ට් ප්‍රශ්ණය ගැන අදහස් කියලා ගියාට ස්තුතියි අක්කේ... පුලුවන් නම් ඉස්සර ආපු ප්‍රශ්ණය මොන වගේද කියලා මේල් එකක් දාන්න. ගොඩක් ස්තුතියි !

    @ දිනේෂ් :
    ඇත්තටම දිනේෂ් සහෝ... මේ වගේ අත්හැරලා දාපු පතලකින් තවත් සල්ලි ගරන්න පුළුවන් විධියක් කල්පනා වුනු ඔළුව අයිති කෙනා නම් සෑහෙන්න වටින කෙනෙක් වෙන්න ඕනේ... ස්තුතියි අදහස් වලට !

    @ සෙන්නා :
    හෙ හේ... ඒ ඉතින් කඩන් වැටුනොත් නේ සහෝ ! අපේ රටේ වගේ හිතුමනාපෙට වැඩ කොරන්න ඒරොප්පේ දී බෑ නොවැ...

    සෙන්නා සහෝටත් ස්තුතියි කමෙන්ට් ගැටළුව ගැන අදහස් කියලා ගියාට. ජයවේවා !!!

    @ Last bullet :
    බොහොම ස්තුතියි !!!

    @ අසා :
    // අන්තිම වචන කිහිපය කියෙවුවම ආසාව නැතිව ගියා.//
    ගොඩක් දෙනෙක්ට එහෙමම හිතෙන්නැති...!

    අසාටත් බොහොම ස්තුතියි ඇවිත් ගියාට. ඒ වගේම කමෙන්ට් ගැටළුව ගැන අදහසක් දුන්නටත් ගොඩක් ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  15. කවදාකම හරි මේ වගේ හෝටලයකට යන්න තිබුනනම් කියල හිතුනා.පට්ට පෝස්ට් එකක්.

    ReplyDelete
  16. මටත් ගොහින් රැයක් නවතින්න ඇත්නම් කියා සිතුනා...
    එත් ගාණ ඇහුවට පස්සෙ උගුර කටත් වේලුනා වගේ,,,
    ඕකට හොරෙන් පයින්ඩ ක්‍රමයක් නැද්ද????
    මේ place එක ගැන හොයල කිව්වා වගේ එකත් පුලුවන්නම් හොයහන්කෝ... හික්ස්....
    නියම පොස්ටුව....ගොඩක් ස්තුතියි මෙවන් අරුම පුදුම විසිතුරු දේ ගැන දැනුවත් කරනවාට......

    ReplyDelete
  17. හොඳ දැනුවත් කිරිමක්..අම්මපා ඔකේ ගාන තව ටිකක් අඩුකරන්ඩ බැරිද දන්නෑ...එයාර් ටිකට් ටුවයි විසා ටිකයි නොමිලේ දෙනවනම් අම්මපා...මාත් යනවනේ කිමිදෙන්ඩ...ඔය වලේ....නැ..නැ හොටලේ

    ReplyDelete
  18. @ කෝඩුකාරයා :
    හිතුවොත් බැරි නෑ සහෝ... නොගියත් ඉතින් එහෙම එකක් තියෙනවා කියලා හරි දන්නවා නොවැ... ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට ! පළමු පැමිණීම ද ??? ජය වේවා !!!

    @ දමිත් :
    මේකට හොරෙන් පනින්න ඕනේ නම් හොඳ උමං කනින්නෝ ටිකක් සෙට් කරගන්න වේවි ! :P

    මලයාටත් ගොඩක් ස්තුතියි හැමදාම වගේ ඇවිත් දිරිමත් කරනවාට. ජය !!!

    @ Raj :
    හිතුවොත් ඉතින් ලංකාවේ පතලකත් ඔය වගේ හෝටලයක් හදන්න බැරි නෑ... හැබැයි ඉතින් ෆුල් ඉන්ෂුවරන්ස් කරගෙන යන්න ඕනේ. අපේ අයගේ වැඩ දන්නවා නොවැ...

    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි රාජ් සහෝ !

    ReplyDelete
  19. ඕක වයරිං කරලා තියෙන්නෙ කොහොමද දන්නෑ නේද? හෆෝයි හදිස්සියකට නම් යන්න අමාරුයි වගේ, හැබැයි කාගේ වුණත් අපූරු අදහසක් නේද? ස්තූතියි සහෝ කිව්වට මේ ගැන!

    ReplyDelete
  20. ඩොලර් 580 ක්...හරි ගනන් නේ... අපට කෙහෙද ඔයි ඉන්න චාන්ස් එකක්.. කෙහොම උනත් වාදගත් ලිපයක් .. ඇත්තටම මම මේ ගැන දැනගෙන හිටියේ නෑ.. බෙහොම ස්තූතියි

    ReplyDelete
  21. මෙවැනි දේත් ලෝකයේ තිබෙනවානේ. ඇත්තටම ඔබගේ හැම ලිමියකින්ම පුදුමය ඇතිකරවනවා.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...