වනුජ ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන එයි!

Afghanistan A Tour of Sri Lanka 2024

100
Afghanistan A Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණයට අත පොවන මානයේ රැඳී සිටියා.

තරගයේ දෙවන දිනය නිමා වන විට ඇෆ්ගනිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 18ක් ලබා සිටි අතර, අද (13) දිනයේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 198කට සීමා කිරීමට වනුජ සහන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු Imran ලකුණු 62ක් සහ Abdul Hadi ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, අනෙක් එකඳු පිතිකරුවකු හෝ ලකුණු 30 සීමාව ඉක්මවා යාමටවත් සමත් වුනේ නැහැ. එමෙන්ම ඇෆ්ගන් ඉනිමේ අවසන් කඩුලු 4ම ලකුණු 10ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

මෙහි දී ඇෆ්ගන් ඉනිම බිඳ හෙළීමේ ප්‍රමුඛතම කාර්ය භාර්යය ඉටු කළ වනුජ සහන් විසින් කඩුලු පළමු ඉනිමේ දී රැස් කළ අඩු ලකුණු ප්‍රමාණය නිසා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සිය දෙවන ඉනිමත් අද දිනයේ දී ම ආරම්භ කිරීමට සිදු වූ අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් නැවත ක්‍රියාත්මක වූ Imran දිනය නිමා වන විට නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වී සිටියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වනුජ සහන් සහ සොනාල් දිනූශ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව තවමත් ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 129ක් පිටුපසින් පසු වනවා.

  • ශ්‍රී ලංකා A පළමු ඉනිම– 435/10 (101.3) සොනාල් දිනූශ 145, වනුජ සහන් 75, ලහිරු උදාර 65, විශාද් රන්දික 63, Zia-ur-Rehman 6/127, Naveed Zadran 2/94
  • ඇෆ්ගනිස්තාන A පළමු ඉනිම– 167/10 (67.5) Imran 62, Abdul Hadi 45, වනුජ සහන් 5/58, නිශාන් පීරිස් 3/37
  • ඇෆ්ගනිස්තාන A දෙවන ඉනිම – 108/2 (37) Imran 51*, Ijaz Ahmad 23*, සොනාල් දිනූශ 1/23, වනුජ සහන් 1/30

තෙවන දිනයට තරගය නතර කළා.

ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වෙන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<