ශ්‍රී ලංකා – කාම්බෝජියා පාපන්දු සටන සැප්තැම්බර් මස දී

2027 AFC Asian Cup qualification – play-off round

70

2027 පාපන්දු ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන play-off වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා ලෙස කාම්බෝජියා කණ්ඩායම තේරී පත්ව තිබෙනවා.

එම වටය සඳහා ප්‍රතිවාදීන් තේරීම සඳහා කුසපත් ඇදීමක් අද (09) ආසියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා ලෙස තේරී පත් වුණේ කාම්බෝජියා කණ්ඩායමයි.

play-off වටය සඳහා ශ්‍රී ලංකාවට අමතරව මොංගෝලියාව, Cambodia, Macau, Brunei, East Timor සහ Macau යන කණ්ඩායම් සහභාගී වන අතර එම කණ්ඩායම් අතුරින් ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින කණ්ඩායම කාම්බෝජියා කණ්ඩායම වීම විශේෂත්වයක්.

වත්මන් ශ්‍රේණිගත කිරීමට අනුව ඔවුන් 179 වැනි ස්ථානයේ පසු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 204 වැනි ස්ථානයෙයි.

තරග දෙකකින් සමන්විත මෙම play-off වටයේ දී ශ්‍රී ලංකාව සහ කාම්බෝජියා කණ්ඩායම සැප්තැම්බර් 05 කොළඹ තුරඟ තරග පිටියේ දී සහ සැප්තැම්බර් 10 කාම්බෝජියා දී තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එක් කණ්ඩායමක් තමන්ට හිමි ප්‍රතිවාදියා සමඟ තරග දෙකක් තරග කිරීමෙන් පසු ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම් තුන 2027 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටය සඳහා සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු පසුගිය මාර්තු මාසයේ දී ඔවුන් සුහද ජාත්‍යන්තර තරග දෙකක් ක්‍රීඩා කළ අතර එම තරගාවලියේ දී ඉහළ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

එම තරගාවලිය ඇතුළු සියලු පාපන්දු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<