කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග ස්ථිරයි

ICC Women's T20 Cricket World Cup 2024

47
cc women's t20 wc sri lanka match fixtures

එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන තහවුරු වුනා. 

එළඹෙන ඔක්තෝබර් මස 03 වැනි දා බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් A කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව මූලික වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය මුණගැසෙනු ඇති. 

එමෙන්ම එම මූලික වටයේ තරගවලින් අනතුරුව තම කාණ්ඩයේ පළමු ස්ථාන දෙක සඳහා පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වේ නම් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. 

ශ්‍රී ලංකාවේ තරග කාලසටහන  

  • ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඔක්තෝබර් 04 
  • නවසීලන්තය සහ ශ්‍රී ලංකාව ඔක්තෝබර් 06 
  • ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඔක්තෝබර් 09 
  • පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඔක්තෝබර් 11 

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 17 සහ 18 යන දිනවලත්, අවසන් මහා තරගය ඔක්තෝබර් මස 20 වැනිදාත් පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<