ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම Amul සවිබල ගන්වයි

ICC T20 World Cup 2024

71

මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහාකයා ලෙස Amul සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ Amul සමාගම ඇති කරගත් හවුල්කාරිත්වය ඉතා විශිෂ්ට එකක් වන අතර ජාත්‍යන්තර ක්‍රීඩාව සමඟ ඔවුන්ගේ සන්නාමයට වෙළඳපළ තුළ විශාල වර්ධනයක් ලබා ගැනීමට හැකි වෙනවා වගේම ජාත්‍යන්තර තරගාවලියක් තුළින් එය ප්‍රේක්ෂකයින්ට තවදුරටත් දැක බලා ගැනීමට හැකි වෙනවා.”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරී ඈශිලි ද සිල්වා මහතා ප්‍රකාශ කළා.  

එමෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක්වීම පිළිබඳ අදහස් දක්වමින් Amul සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක Jayen Mehta මහතා ප්‍රකාශ කළේ, 

“Amul කිරි නිෂ්පාදන සංවර්ධනය කළ හැකි ආකාරය ගැන හොඳ ආදර්ශයක් වන අතර ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම පිළිබඳ ව ආඩම්බර වෙනවා. අප (Amul) 2023 එක්දින ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කළ අතර නැවතත් ඔවුන්ට අනුග්‍රාහය දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා වගේම විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා.”  

2024 විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ජූනි 03 වැනිදා නිව්යෝක් හී තරග වැදීමට නියමිතව තිබෙන අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 01 සිට 29 දක්වා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. 

මෙම තරගාවලියපිළිබඳ සියලුඋණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<