ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට උසස් වීමක්

81

නිමා වූ ආසියානු පිරිමි පළමු පෙළ රග්බි ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ ස්ථාන තුනක් ඉහළට පැමිණ තිබෙනවා.  

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීමේ 41 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන අතර ඔවුන් මීට පෙර 2018 වසරේ දී ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ 40 වැනි ස්ථානයේ පසු වුනා.  

පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක් පනවා තිබූ නිසාවෙන් ජාත්‍යන්තර රග්බි තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූ අතර තහනම ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගී වූ පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙයයි.  

තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 45-10ක් ලෙස ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි අතර අවසන් මහා තරගයේ දී කසකස්ථාන කණ්ඩායම ලකුණු 45-7ක් ලෙස පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තා,  

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ කටාර් කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ 90 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන අතර ඉන්දීය කණ්ඩායම 89 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකක් පසු බැසීමකට ලක් ව තිබෙනවා.  

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් ම සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<