CDB කණ්ඩායම වෙළඳ සේවා T10 ශූරතාව ජයග්‍රහණය කරයි

MCA T10 Cricket Tournament 2024

52
MCA T10 Cricket Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පැවැත්වුණු පළමු T10 ක්‍රිකට් තරගාවලිය ලෙස ක්‍රියාත්මක වුන වෙළඳ සේවා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට CDB බැංකුව ඊයේ (05) සමත් වුනා.

පසුගිය අප්‍රේල් මස 27 දිනයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් තරග වැදුණු අතර, එහි දී ජයග්‍රහණ ලබාගත් කණ්ඩායම් අටක් පසුගිය සෙනසුරාදා (04) සහ ඉරිදා (05) ‍යන දිනවල දී තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්:

 

Recovery Room, Powerhand Plantations, Peoples Leasing Co., Ansell Textiles, George Steuart Health, Emar Pharma, Certis Lanka, Softlogic Life, Citizens Development Business Finance (CDB), David Pieris Group of Companies, Dialog Axiata PLC, Hilton Colombo Residencies, Seylan Bank, Astron Lanka, LOLC, Maliban Biscuits

මෙම කණ්ඩායම් අතුරින් Hatton National බැංකු, Seylan බැංකු, CDB බැංකු කණ්ඩායම් අපරාජිත ව අර්ධ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.

අර්ධ අවසන් පූර්ව වටය

  • Seylan Bank විසින්The Recovery Room කණ්ඩායමට එරෙහිව ලකුණු 34ක ජයක්
    (Seylan Bank 76/9, The Recovery Room 42/10)
  • LOLC Holdings PLC විසින්People’s Leasing & Finance PLC කණ්ඩායමට එරෙහිව ලකුණු 72ක ජයක්
    (LOLC Holdings PLC 134/7, People’s Leasing & Finance PLC 62/9)

  • Hatton National Bank විසින්George Steuart Health (Pvt) Ltd කණ්ඩායමට එරෙහිව ලකුණු 25ක ජයක්
    (Hatton National Bank 111/7, George Steuart Health (Pvt) Ltd 86/5)
  • CDB Finance විසින්Power Hand Plantation කණ්ඩායමට එරෙහිව ලකුණු 14ක ජයක්
    (CDB Finance 85/5, Power Hand Plantation 71/9)

 

අවසන් පූර්ව වටය

Seylan Bank සහ HNB අතර

  • Seylan බැංකුවට ලකුණු12ක ජයක් 
    (Seylan Bank 69/6, HNB 47/10)

CDB සහ  LOLC Holdings PLC අතර

  • CDB බැංකුවට කඩුලු 9ක ජයක්
    (LOLC Holdings PLC 78/10, CDB 83/1) 

මේ අයුරින් පැවැත්වුණු තරගාවලියේ අවසන් මහා තරගය CDB බැංකුව සහ Seylan බැංකුව අතර පැවැත්වුනා.

මෙහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් CDB ක්‍රීඩකයින් ලකුණු 127ක දැවැන්ත ඉලක්කයක් Seylan වෙත ලබා දුන් නමුත්, Seylan ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසන ලබාගැනීමට සමත් වුනේ ලකුණු 53ක් පමණයි.

මෙහි දී CDB කණ්ඩායමට නායකත්වය ලබා දුන් ශෙවෝන් ඩැනියෙල්ගේ පිත්තෙන් වේගවත් ලකුණු 65ක් වාර්තා වූ අතර, ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 27ක් පමණයි. එමෙන්ම CDB වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මුදිත ලක්ෂාන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වුනා.

  • CDB – 127/4 (10)
  • Seylan – 53/9 (10)

CDB කණ්ඩායමට ලකුණු 74ක ජයක්.

  • හොඳම පන්දු යවන්නා – මුදිත ලක්ෂාන් (CDB)
  • හොඳම පිතිකරුවා – ශෙවෝන් ඩැනියෙල් (CDB)
  • අවසන් තරගයේ වීරයා – මුදිත ලක්ෂාන්
  • තරගාවලියේ වීරයා – ලසිඳු නිම්සර (Seylan)

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<