පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

235
Puttalam District Open Badminton Championship 2024

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම දැන් ආරම්භ කර තිබෙනවා.

ජූනි 1 වැනිදා සිට 7 දක්වා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් දෙවැනි මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරිමේ තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ.

කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, අවුරුදු 110ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩ තරග, විවෘත තරග සහ පළඟ කාණ්ඩයේ තරග ඇතුළත් සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ඨ තරග අංශයට බාලක බාලිකා ඒකල සහ යුගල තරග ඇතුළත් වන අතර, ජ්‍යෙෂ්ඨ තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වෙනවා.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාග, පදක්කම් සහ සහතික පත් බෙදා දෙන සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙනවා.

සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් යොමු කිරීම https://app.srilankabadminton.lk/#/public/home වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකි අතර, ඒ සම්බන්ධව සියලු විමසීම් +94 77 185 1839 දුරකතන අංකයෙන් (අකිල) දැනගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුවත් කර සිටිනවා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<