May 5, 2024

ක්වොන්ටම් ටෙලිපෝර්ටේෂන් හි පෙරළිකාර සාර්ථක අත්හදා බැලීමක්

Beam me up, Scotty! (ස්කොට්, මාව ටෙලි ප්‍රවාහනය කරන්න) “ස්ටාර් ට්‍රෙක්” විද්‍යා ප්‍රබන්ධ කථාංගනයේ පෙන්වන ටෙලි ප්‍රවාහනය මෙන්, එය ප්‍රයෝගික ව සත්‍ය ලෙස සිදු කිරීමට සමත් වූ ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් ක්වොන්ටම් ටෙලිපෝර්ටේෂන් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ඇත. සාමාන්‍යයෙන් ක්වොන්ටම් තත්ත්‍වයන් බාධා / වෙනස් කර කඩාකප්පල් කරන ඝෝෂාවන් තිබියදීත් ඔවුන් පරිපූර්ණ ක්වොන්ටම් ටෙලිපෝටේෂන් සාර්ථකව සිදු කර තිබේ.

ක්වොන්ටම් ටෙලිපෝටේෂන් යනු ක්වොන්ටම් අංශුවක හෝ කියුබිට්, අංශුව භෞතිකව නොයවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට මාරු කරන ක්‍රියාවලියකි. මෙම මාරු කිරීම සඳහා අමතර කියුබිට් යුගලයක් අතර පැටලීම වැනි ක්වොන්ටම් සම්පත් අවශ්‍ය වේ.

පරමාදර්ශී අවස්ථාවක් තුළ, කියුබිට් තත්වයේ ටෙලිපෝටේෂන් දෝෂ රහිතව සිදු කළ හැක. කෙසේ වෙතත්, සැබෑ ලෝකයේ, දුරකථන ඇමතුමක් හෝ ගුවන්විදුලි සංඥාවක් බාධා / වෙනස් කරන ආකාරයේ, ශබ්ද සහ කැළඹීම් සැමවිටම ප්‍රායෝගිකව පවතී. මෙම බාධාකාරී ශබ්දයන් හෝ ඝෝෂාවන් ටෙලිපෝටේෂන් ක්‍රියාවලියේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස අඩු කරනු ලැබේ.

සයන්ස් ඇඩ්වාන්ස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයේ දී, ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාලයේ සහ චීනයේ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙම ඝෝෂාව ජයගෙන ඉහළ සාර්ථකත්වයක් අත්කර ගන්නා නව ක්වොන්ටම් ටෙලිපෝටේෂන් ක්‍රමයක් නිපදවා ඇත. බහුපාර්ශ්වික දෙමුහුන් පැටලීම භාවිතා කිරීම ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා හේතු වී තිබේ.

 2024 මැයි 3- StudyFinds කාර්ය මණ්ඩලය විසිනි

0 comments:

Post a Comment