ඉන්දියාව KL අත්හැර ලෝක කුසලානයට යයි!

ICC Men's T20 World Cup 2024

163

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත ඉන්දීය සංචිතය ඊයේ (30) දිනයේ ප්‍රකාශයට පත් කළා.

Rohit Sharma නායකත්වයෙන් යුත් සංචිතයේ උපනායකයා ලෙස Hardik Pandya විසින් කටයුතු කරන අතර, මෙවර සංචිතය සඳහා හදිසි රිය අනතුරකට භාජනය වීම නිසා වසරකට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ Rishabh Pant කැඳවා තිබීම විශේෂත්වයක්.

මෙවර IPL තරගාවලිය සමඟින් නැවතත් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ Rishabh සිය සුපුරුදු රිද්මය සොයා ගෙන ඇති බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තු තබ සිටි Sanju Samson ද මෙවර සංචිතයට එක් වී ඇති අතර, Rishabh සහ Samson ඉන්දීය සංචිතයේ කඩුලු රකින්නන් ලෙස කටයුතු කිරීමට වරම් ලබනු ඇති. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඇතුළත් වීමත් සමඟ KL Rahul හට සංචිතයට එක් වීමට තිබූ ඉඩ අවහිර වී ගොස් තිබෙනවා.

මීට අමතරව බොහෝ කලක් තිස්සේ ඉන්දීය ලෝක කුසලාන සංචිතයක් සමඟ එක් වීමට බලා සිටි Yuzvendra Chahal ද මෙවර ඉන්දීය සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

නමුත් පසුගිය කාල සීමාව පුරාවට ඉන්දීය මැද පෙළ ශක්තිමත් කිරීමේ වගකීම බාර ගත හැකි බව ඔප්පු කර පෙන්වූ Rinku Singh හට මෙම සංචිතයේ ඉඩක් හිමි වී නැහැ. කෙසේ වෙතත් ඔහු අතිරේක ක්‍රීඩකයකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

මීට අමතරව දඟපන්දුවට වැරෙන් පහර දෙන ක්‍රීඩකයකු ලෙස ප්‍රකට Shivam Dube හට ද මෙම ලෝක කුසලාන සංචිතයේ දොරගුළු විවර වී තිබෙනවා.

ඉන්දීය සංචිතය:

Rohit Sharma (නායක), Hardik Pandya, Yashasvi Jaiswal, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant, Sanju Samson, Shivam Dube, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Arshdeep Singh, Jasprit Bumrah, Mohd. Siraj

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<