ලෝක කුසලානයට යන දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි

ICC Men's T20 World Cup 2024

97

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත දකුණු අප්‍රිකානු සංචිතය අද (30) ප්‍රකාශයට පත් කළා.

මෙම සංචිතයේ නායකත්වය Adien Markram හට හිමි වී ඇති අතර, මාස නමයකට ආසන්න විවේකයකින් පසුව ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු තුරුම්පුවක් වන Anrich Nortje ද මෙම සංචිතයට එක් වී තිබීම විශේෂත්වයක්.

එමෙන්ම නිමා වූ SA20 තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ Ryan Rickelton සහ Ottniel Baartman ක්‍රීඩකයින් දෙදෙනා ද සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර අත්දැකීම විඳ ගැනීමට වරම් ලබා තිබෙනවා.

මෙම සංචිතයට ඔවුන්ගේ ප්‍රභල පිතිකරුවකු වන Rassie van der Dussenගේ නම ඇතුළත් නොවීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වනවා.

දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ දී සිය පළමු තරගය ලෙස ජුනි මස 03 වැනි දා ශ්‍රී ලංකාව මුණගැසීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු සංචිතය:

Aiden Markram (නායක), Ottniel Baartman, Gerald Coetzee, Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, David Miller, Anrich Nortje, Kagiso Rabada, Ryan Rickelton, Tabraiz Shamsi, Tristan Stubbs.
අතිරේක: Nandre Burger and Lungi Ngidi

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<