2024 LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වෙයි

Lanka Premier League 2024

72
Over 500 foreign players registered for lpl

මෙවර LPL තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 500කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා. 

එළඹෙන ජුලි මස 01 දා සිට 21 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත මෙවර LPL තරගාවලිය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් මෙසේ ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති අතර, මේ අතරේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ නම් දැරූ සුපිරි තරු රැසක් ද සිටීම විශේෂත්වයක්. 

LPL ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වී ඇති සුපිරි තරු: 

  • නවසීලන්තය නියෝජනය කරමින් Tim Southee, Jimmy Neesham, Ish Sodhi, and Mark Chapman 
  • බටහිර ඉන්දීය කොදෙව් දේශය නියෝජනය කරමින් Shai Hope, Evin Lewis and Andre Fletcher  
  • ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් Usman Khawaja  
  • පාකිස්තානය නියෝජනය කරමින් Naseem Shah  
  • දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් Tabraiz Shamsi, Rilee Rossouw, Rassie Van der Dussen 
  • බංග්ලාදේශය නියෝජනය කරමින් Mushfiqur Rahim, Tamim Iqbal, Najmul Hossain Shanto, Taskin Ahame 

මෙම ක්‍රීඩකයින් අතුරින් තරගාවලියේ කණ්ඩායම් පහ සඳහා ක්‍රීඩකයින් ලබා ගැනීමට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය නුදුරේ දී ම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

2024 LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<