Main Logo

Sunday 28 April 2024

පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?

 

පාස්කු ප්‍රහාරය පිටුපස කවුද?

 

චමුදිත සමග සාකච්ඡාවක් කරමින් ඉන්දියාව හා පාස්කු ප්‍රහාරය ගැන කී ඛාන් කාගේ කවුද දේශපාලන පක්‍ෂයකට අයත් කියා මා දන්නේ නැහැ. ඔහුගේ නම රාසික් මොහොමඩ් කාදිර් ඛාන් යන්නවත් දන්නේ නැහැ. චමුදිත ඔහු හැඳින්වූයේ එනමින්. ඔහු කාගේවත් නියෝජිතයකු කියන්නත් මා දන්නේ නැහැ.  එහෙත් ඔහුගේ කතාවේ පරසපර තිබුණේත් නැහැ. ඇතැම් කරුණු ඔහු අතින් විස්තර නොවන්න ඇති. එහෙත් ඔහු මෛත්‍රිපාල සිරිසේනට වඩා විස්තර කිවුව. ඇතැම් කරුණු නම් ගම් සහිතව කිවුවා. තමාට විස්තර කිරීමට නොහැකි වු ඇතැම් දේ විස්තර කිරීමට මෛත්‍රිපාල ඔහු එවුවාද කියන්නත් මා දන්නේ නැහැ. එසේත් නැත්නම් ඉන්දියන් විරෝධි බලවතකු ඔහූ එවුවා කියා දන්නේත් නැහැ.

 

එහෙත් ඉන්දියාව මෝදි 2019 මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීමට එරට මුස්ලිම්  විරෝධයක් ඇති කරවීමට මෙරට මුස්ලිම් අන්තවාදය යොදාගත් බවට කතාවක් නම් මා කොහේ හරි කියවා තිබුණා. කොහේ කියා මට කිසිම මතකයක් නැහැ. ඇතැමුන් නම් කියන්නේ ළඟ එන ඉන්දීය මැතිවරණය නිසා අප සෙවිල්ලෙන්  සිටිය යුතු කියා. කෙසේ වෙතත් ඛාන්ගේ කතාව එක එල්ලේ ප්‍රතික්‍ෂෙප කිරීමට මා පොළඹවන්නේ නැත්තේ ඉන්දියාව කෙරෙහි ඇති මගේ අවිශ්වාසයයි.

 

මා හැමදාමත් කියන පරිදි අපට ඉන්දියාවෙ/භාරතයෙ/දඹදිව මිතුරන් ඉඳල තියෙන්නෙ තිදෙනයි. බුදුහාමුදුරුවන් මිහිඳු මහා රහතන් වහන්සේ හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. වාල්මිකී රාමායනය ලිවුවෙ මොන ලංකාවක් ගැන කියන එක ගැන නිශ්චිත මතයක් නැහැ. මේ ලංකාව වුණොත් ඉන් කියැවෙන්නේ භයානක කතාවක්. මෙරට හිටියා යැයි කියන රාවණ කෙනකු භාරතයේ රාමට පරාජය වූ බවයි කියැවෙන්නේ. එසේ නම් අප එදා සිට භාරතයේ යටත් රාජ්‍යයක්. අප භාරතයෙන් නිදහස ලැබූ අවධියක් ගැන කියැවෙන කතාවක් ඉන් පසු කියැවෙන්නේ නැහැ. විභීෂණ රාමගෙන් නිදහස් වෙලා නැහැ. ඔහු කටයුතු කර ඇත්තේ රාමගේ විසූරේ (Viceroy) ලෙසයි. අප අයොධ්‍යාවට විරුද්ධ නිිදහස් සටනක් කර නැහැ.

 

අද රාමායණ මංපෙත (trail)  කියා කතාවක් ගොඩනඟනවා. මේ සියල්ලෙහි ප්‍රතිඵලය ලංකාව භාරතයෙ කොටසක් බව කීමයි. ඉන්දියාව හා භාරතය එකක් නොවුණත් මෝදිගේ අරමුණ පැරණි භාරතය නමින් ඉන්දියාව හැඳින්වීමයි. මදිවට හරීන් ප්‍රනාන්දු වගේ අය කියනවා ලංකාව ඉන්දියාවෙ කොටසක් කියලා. රනිල් ගැන කියපු දෙයක් ගැන දැනගන්න නැහැ. මා හිතන්නෙ නැහැ රනිල් අනුමත කරාවි කියලා. ඒත් අද ඔහු  ඉන්දියාවෙ හිරකාරයෙක්. පරගලයෙන් පස්සෙ ඉන්දියාව තමයි අපට වැඩි ණය මුදලක් දුන්නෙ. පඬි නැට්ටන් අහන්න පුළුවන් මා රනිල්ට පක්‍ෂ කියලා. ඉතා කෙටියෙන් පිළිතුර නැහැ.

 

පහුගිය කාලයෙ මෙරට මුස්ලිම් විරෝධයක් ඇති වුණා. මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යයක් කලක සිට තියෙනවා. එහෙත් මුස්ලිම් විරෝධයට මූලික හේතුව අෂ්රොෆ්ගෙ හා ඔහුගෙන් පසු දේශපාලනය. මෙරට දෙමළ ජාතිවාදී සංවිධාන 1922 පමණ සිට තිබුණත් මුස්ලිම් දේශපාලන පක්‍ෂ ඇති වුණෙ අෂ්රොෆ්ගෙන් පසුව මෑතක දි. ඊට පෙර මුස්ලිමුන් ජා පක්‍ෂයෙ හරි ශ්‍රී නි පක්‍ෂයෙ හරි සාමාජිකයන්. මුස්ලිම් වහාබ්වාදය ඉන්පසු ලංකාවටත් රිංග ගත්තා. එහෙත් මෙරට තවමත් සුෆී මුස්ලිමුන් ඉන්නවා සිංහලයන් සමග සමගියෙන් ජීවත් වීමට කැමති. එමෙන් අද රනිල් එක්ක හිටියත් දෙමළ වෙල්ලාල ජාතිවාදයට විරුද්ධ අරුන්ලා ඉන්නවා. අය සිංහල බෞද්ධ විරෝධී ඊනියා නිරාගමිකයන් පඬි නැට්ටන් වගේ නොව සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීමට කැමතියි. ඇතැමුන් සංකල්පීය නිරවුල් බවක් නැතුව බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යයක් ගැන කිවුවත් ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් ලෝකයෙ කොහේවත් නැහැ. ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මියන්මා බෞද්ධ සංස්කෘතිය ආදී වශයෙන් ථෙරවාද සංස්කෘති පමණයි. සිංහල බෞද්ධ සංස්කෘතිය වටා සුෆී මුස්ලිමුන්ට වෙල්ලාල නොවන දෙමළ ජනයාට කාදිනල්තුමා පසුපස නොයන කතෝලිකයන්ට එකතු වෙන්න පුළුවන්.

 

මෙයට බාධා කරන්නේ බටහිර රටවල් හා ඉන්දියාව. ඛාන් කියන විධියට පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු  අජිත් දොවාල් කියන්න මා දන්නෙ නැහැ. එහෙත් දොවාල් ශූර ඔත්තු නිලධාරියෙක්. ඔහු අති දක්‍ෂ බුද්ධි නිලධාරියෙක්. ඔහු මෝදිගේ උපදේශකවරයෙක්. අද ඉන්දියාව ලෝක බලවතෙක්. අපේ බුද්ධි අංශ සිහිබුද්ධියෙන් වැඩ නොකළොත් අප රාමායන මංපෙතේ ඉන්දියාවට ඇදී යාවි.

 

පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක්. ගැන විවාදයක් නැහැ. 1953 සිට අප අනුගමනය කරන අධිපරිභෝජනය බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක් ණයට කෑම හා 1977 න් පසු විවෘත ආර්ථිකය හා විවෘත සංස්කෘතිය නිසා අද අප ආර්ථික මෙන් දේශපාලනික අර්බුදයකට මුහුණ දීල. මෙරට ජාතික ව්‍යාපාරය ලබා ගත්ත විශාල ජයග්‍රහණය බටහිර හා ඉන්දියවෙ අනුග්‍රහය ලැබූ කොටි ත්‍රස්තවාදය 2009 දී  පැරදවීම. එහි දී ඊනියා සිංහල බෞද්ධ හෙජමනියකට (ඔවුන්ගෙ කසිකබල් අනුකාරක වචන) විරුද්ධ කොටි විමුක්තියක් වෙනුවෙන් යාත්‍රා කළ මෙරට වමත් කුජීත වී ගියා. අද වමාලා වම අත්හැරලා. කොටි පැරදවීම නිසා බටහිරත් ඉන්දියාවත් මෙරට ජාතිකත්වය පරදවන්න ක්‍රියා කරනවා. කුජීත වී ඇති වමකට කරන්න පුළුවන් දෙයක් නොවෙයි.  එහෙත් අප සිහිබුද්ධියෙන් වැඩ නොකළොත් බටහිරට හා ඉන්දියාවට කරන්න පුළුවන්. ඔවුන් අද ජාතිකත්වයට  නායකත්වයක් නැති කරලා. අප වහා පළපුරුදු නායකත්වයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතුයි.

 

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුරුන් වුවත් ඔහු ගෝඨාභය බලයට පත්කරන්න එය සංවිධානය කරාවි කියා හිතන්න බැහැ. සඳහා මුස්ලිම් අන්තවාදීන්ට කතා කරන්නේ කවුද? සැලසුම් කරන්නේ කවුද කෙසේ ? අද කියැවෙන්නෙ පාස්කු ප්‍රහාරය ගෝඨාභය බලයට පත්කරන්න හරි මෝදි බලයට පත් කරන්න හරි සැලසුම් කළ එකක් බවයි. නවසීලන්ත ඝාතනය එහි දී මුස්ලිම් අන්තවාදීන් ක්‍රිස්තියානි/කතෝලික පල්ලියට විරුද්ධ   එකතු කර ගන්න උපකාරී වෙන්න ඇති. එහෙත් මුස්ලිම් අන්තවාදීන් එකතු කර ගත්තේ කවුද?  මුස්ලිමුන් ? බෞද්ධයන් ? හින්දුන් ?