උගන්ඩාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය නම් කරයි

Uganda Tour of Sri Lanka 2024

56
Uganda Tour of Sri Lanka 2024

උගන්ඩාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය නිපුන් ධනංජය හට හිමි ඇති අතර, නිමාවූ 19න් පහළ ලෝක කුසලානය නියෝජනය කළ දිනුර කළුපහන, මල්ෂ තරුපති සහ ගරුක සංකේත් ද මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මෙම තරගාවලියට අදාළ තරග ත්‍රිත්වය එළඹෙන 28, 30 සහ මැයි 03යන දිනවල දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

නිපුන් ධනංජය (නායක), ක්‍රිශාන් සංජුල, හසිත බෝයගොඩ, සඳුන් වීරක්කොඩි, මොහොමඩ් ශමාස්, රවිඳු ප්‍රනාන්දු, රනේශ් සිල්වා, ඩිල්ශාන් අරඹෙපොල, දිනුර කළුපහන, මල්ෂ තරුපති, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර, දනල් හේමානන්ද, ගරුක සංකේත්, ශිරාන් ප්‍රනාන්දු

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<