ගාලු ක්‍රීඩකයෝ සිවු වැනි ජයත් වාර්තා කරයි

SLC National Super League 4 Day Tournament 2024

70

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් සතිය අද (26) නිමා වෙද්දී Galle කණ්ඩායම තම සිවු වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට සමත් වූවා.  

19 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Colombo 
  • ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අගනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 296ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 394ක් රැස් කළේ ඔෂද ප්‍රනාන්දු විසින් රැස් කරන ලද ද්විත්ව ශතකයක් ද සමඟයි.  

අනතුරු ව ලකුණු 98ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ අගනුවර ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 251ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 153ක හඹායන ඉනිමක් වෙනුවෙන් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 9ක් ලබා සිටි අතර අද ඔවුන් ඒ ආකාරයෙන් ම තරගය අවසන් කළේ ලකුණු 156ක් ලබා ගනිමිනුයි.  

එහි දී සංගීත් කුරේ පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ද සහ ඔෂද ප්‍රනාන්දු පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තා.  

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 361ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 296 (78.3) දිමුත් කරුණාරත්න 89, නිපුන් ධනංජය 29, දිනුර කළුපහන 27, නිසල තාරක 38, ඉසිත විජේසුන්දර 37, ධනංජය ලක්ෂාන් 2/41, රමේෂ් මෙන්ඩිස් 2/73, අසංක මනෝජ් 3/70 

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 394 (101.3) ඔෂද ප්‍රනාන්දු 202, නිශාන් පිරිස් 46, පසිඳු සූරියබණ්ඩාර 33, ලක්ෂාන් එදිරිසිංහ 46, ඉසිත විජේසුන්දර 6/45 

Colombo – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 251 (62.4) දිමුත් කරුණාරත්න 41, ක්‍රිශාන් සංජුල 71, අශේන් බණ්ඩාර 86, නිශාන් පීරිස් 5/77 

Galle – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 156 (40.5) සංගීත් කුරේ නොදැවී 57, ඔෂද ප්‍රනාන්දු නොදැවී 89 

Galle කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  

20 වැනි තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 23-26, 2024, National Super League 4 Day Tournament 

  • කාසියේ වාසිය – Dambulla 
  • ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 392ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 169ක් පමණයි.  

ලකුණු 223ක් ඉදිරියෙන් සිටිමින් නැවතත් දෙවැනි ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ එවර කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 481ක් ලැබූ යාපනය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 368ක් ලබා සිටියා.  

තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා සිටියා. එතැන් සිට අද පිටියට පිවිසි ඔවුන් තම ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 257ක් වෙද්දී අත් හිටුවීමට තීරණය කළා.  

ඒ වෙද්දී ලක්ෂාන් සඳකැන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටි අතර අද දිනයේ දී දඹුලු ඉනිමේ දැවී ගිය කඩුලු 2 ම හිමිකාරීත්වය දිලුම් සුදීර සතු වූවා.  

ලකුණු 481ක් හඹා යෑමට පිටියට පිවිසි යාපනය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිපුන් කරුණානායක. ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තා.  

ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ද සහ සඳුන් වීරක්කොඩි පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දුවිඳු තිලකරත්න ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත් අතර මර්වින් අභිනාශ් ලකුණු 81කට කඩුලු 2ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 392 (122.3) සනෝජ් දර්ශික 69, රනේෂ් සිල්වා 100, සොනාල් දිනූෂ 112, නවීන් ප්‍රනාන්දු 32, දිලුම් සුදීර 5/130, කල්හාර සේනාරත්න 2/49 

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (51.0) සඳුන් වීරක්කොඩි 25, සංතුශ් ගුණතිලක 43, නිපුන් කරුණානායක 30, ජනිත් ලියනගේ 52, විශ්ව ප්‍රනාන්දු 2/51, නවීන් ප්‍රනාන්දු 2/34, ලක්ෂාන් සඳකැන් 2/42, දුවිඳු තිලකරන්ත 3/01 

Dambulla – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 257 (69.0) රනේෂ් සිල්වා 43, චමිඳු විජේසිංහ 66, නවීන් ප්‍රනාන්දු 45, ලක්ෂාන් සඳකැන් 34, ජනිත් ලියනගේ 3/27, දිලුම් සුදීර 2/69, කල්හාර සේනාරත්න 2/54 

Jaffna – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 368 (67.0) සඳුන් වීරක්කොඩි 49, රොන් චන්ද්‍රගුප්ත 52, සංතුශ් ගුණතිලක 36, නිපුන් කරුණානායක 87, ජනිත් ලියනගේ 36, ලහිරු මධුශංක 30, රවිඳු ප්‍රනාන්දු නොදැවී 30, මර්වින් අභිනාශ් 2/81, දුවිඳු තිලකරත්න 3/53 

තරගයේ විසඳුමක් නෑ.  

අද අවසන් වූ තරග ද්විත්වයත් සමඟින් National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වන අතර ඒ අනුව සෑදුණ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සතු කර ගත්තා.  

එම කණ්ඩායම් 2 සහභාගී වන අවසන් මහා තරගය මේ මස 30 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<