ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Afghanistan A Tour of Sri Lanka 2024

65

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරග ද්විත්වය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්ච්ගේ විසින් නායකත්වය දරන මෙම සංචිතයට චාමික කරුණාරත්න, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශක සහ නුවනිඳු ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් වී ඇති අතර, තරගාවලිය එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

සහන් ආරච්ච්ගේ, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දුශාන් හේමන්ත, වනුජ සහන්, නිමේශ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස්

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<