වලලත් නුගවෙලත් ගැටෙන රන් – නිල් සටන

56
19th Battle of Blue and Gold

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර 19 වැනි වරටත් පැවැත්වෙන රන් – නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.  

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර අනුස්මරණ කුසලානය වෙනුවෙන් 2004 වසරේ සිට පැවැත්වෙන මෙම තරග මාලාවේ මෙතෙක් වැඩිම වාර ගණනක් ජයග්‍රහණය හිමිකර ගෙන සිටින්නේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයයි. ඔවුන් අවස්ථා 5ක දී මෙම මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ලබා ඇති අතර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය අවස්ථා 4ක දී ජයග්‍රහණය වාර්තා කරගෙන සිටී.  

මෙම තරග මාලාවේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ 2022 වසරේදීයි. එවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරන ලද අතර වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය අවසන් වරට මෙම තරග මාලාවේ ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ 2019 වසරේදීයි.  

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය 

මෙවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක රුමේෂ් වීරසිංහ වෙතයි. ඔහුගේ සහායකයා ලෙසින් දුමින්ද ඒකනායක කටයුතු කිරීමට නියමිතයි.  

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු රැදී ඇති ක්‍රීඩකයන් බවට පත් ව ඇති ඔවුන්ට අමතර ව පසිඳු වටගොඩ සහ සංදීප් කෞෂාල් ද සිටිනවා. එමෙන් ම ලසිත් මාලිංග ගේ ඉරියව්වෙන් පන්දු යැවීමේ නිරත නිමේෂ් ජලන කෙරෙහි ද ඔවුන්ගේ බලාපොරොත්තු රැදී තිබෙනවා. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ Tier A කොටසින් තරග පිටියට පිවිසි නුගෙවල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම වඩාත් තරගකාරී කණ්ඩායමක් සේ ප්‍රචලිතයි. 

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:  

රුමේෂ් වීරසිංහ (නායක), දුමින්ද ඒකනායක (උප නායක), පසිඳු වටගොඩ, සංදීප් කෞෂාල්, මනුල පොල්කොටුව, ජනිඳු ශෙහාර, තිමිර බණ්ඩාර, උදිත් ගුරුසිංහ, ලක්ශාන්ත පෙරේරා, විහඳු උපතිස්ස, කලන රණසිංහ, හර්ෂන විජේකෝන්, තෙනුජිත ඉලංකෝන්, නිලුපුල් හපුගොඩ, තේමිය හේරත්, වගීෂ සමරනායක, ශවේන්ද්‍ර සේනාරත්න, සනිත තරින්, කවීෂ කුමාරසිරි, නිමේෂ් ජලන, ඩිල්ශාන් වෙලගෙදර, අවන්ත ප්‍රේමරත්න, ලක්ශාන් සේනාරත්න. 

නිලධාරීන් – ආර්. බී. ඩබ්ලිව්. ඒ. එම්. එච්. රාජගුරු (විදුහල්පති), කේ. ඒ. ඩී. එස්. සඳරුවන් (නියෝජ්‍ය විදුහල්පති), නිමාලි එගොඩගේ (ක්‍රීඩා භාර ආචාරිනී), සුසන්ත අබේකෝන් (ක්‍රිකට් භාර ආචාර්ය), එච්. එම්. එල්. කුමාරිහාමි (නියෝජ්‍ය විදුහල්පතිනි), මහේෂ් නිලංක (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), ජාලිය විලත්ගමුව (පුහුණුකරු). 

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 

මෙවර වලල ඒ. රත්නායක විද්‍යාලය මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ පසුගිය වසරේ ද නායකත්වයේ කටයුතු කළ විරාජ් කුලරත්නටයි. ඔහුගේ සහායකයා වන්නේ චන්දූප තේජාන්.  

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ සහන් සිතුමිණ යි.  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ Tier B කොටසින් තරග පිටියට පිවිසුන වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම නිමා වූ තරගාවලියේ දී තරගකාරී අංශයේ දක්ෂතා දැක් වූ කණ්ඩායමක්.  

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:  

විරාජ් කුලරත්න (නායක), චන්දූප තේජාන් (උප නායක), හේෂාන් විදූශ (කඩුලු රකින්නා), සහන් සිතුමිණ, , තිමිර සඳමිණ, ප්‍රවීන් ගමගේ, චාමික ප්‍රභාෂ්වර, නිමන්ත බණ්ඩාර, මලිඳු පවන්, රවීශ සංකිත, දිනෙත් විජේදාස, සදුශ වීරකෝන්, කවිශ්ක නෙත්මිණ, මොහොමඩ් යුනුස්, දර්ශන නිස්සංක, දුලංජන බණ්ඩාර, දුල්සර රන්දිව්, සසිඳු හිමාෂ, දිනුක රන්දීප, දෙසිඳු හංසන, ගවේශ් විමුක්ති, පසන් වීරසිංහ. 

නිලධාරීන් – ධම්මික හේරත් (විදුහල්පති), ඒ. එම්. සී. ටී. ජයතිලක (ක්‍රිකට් භාර ආචාර්ය), එච්. ඒ. චතුරංග (ක්‍රිකට් භාර ආචාර්ය), එස්. කේ. සීලරත්න (පුහුණුකරු). 

19 වැනි රන් – නිල් සටනට එක් ව සිටින නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට සහ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය කණඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්! 

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<