ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්

ICC Women's T20 World Cup Qualifiers 2024

61
Sri Lanka Women's Cricket

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ සිය පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 63ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (22) සමත් වුනා. 

අබුඩාබි හිදි පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ වෙනුවෙන් විශ්මි ගුණරත්න සහ හන්සිමා කරුණාරත්න විසින් ලකුණු 49ක් බැගින් ලබා ගනිද්දී, කවීෂා දිල්හාරි ලකුණු 29කින් ඉනිමට දායක වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ දරුණු පසු බෑමකට ලක් වූ අතර, මෙහි දී නෙදර්ලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය වූ Babette De Leede ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් නෙදර්ලන්තය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 120ක් පමණයි. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෑ කවීෂා තරගයේ වීරවරිය ලෙස නම් කරනු ලැබුවා. 

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ පුහුණු තරගය වනාටු කණ්ඩායම සමඟ එළඹෙන 23 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

  • ශ්‍රී ලංකාව – 183/4 (20) විශ්මි ගුණරත්න 49, හන්සිමා කරුණාරත්න 49, Eva Lynch 2/32 
  • නෙදර්ලන්තය – 120/9 (20) Babette De Leede 41, ඉනෝකා රණවීර 2/13, කවීෂා දිල්හාරි 2/09 

ශ්‍රී ලංකාවට ලකුණු 63ක ජයක්. 

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<