Kohli සහ Faf දඩ කයි!

IPL 2024

83
Virat Kohli & Faf du Plessis

මෙවර IPL තරගාවලියේ 36 වැනි තරගය ලෙස පසුගිය ඉරිදා (21) පැවැත්වුණු Royal Challengers Bangalore සහ Kolkata Knight Riders අතර තරගයෙන් පසුව RCB නායක Faf Du Plessisට සහ හිටපු  නායක Virat Kohli හට දඩ නියම වී තිබෙනවා. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටාව විසින් ලකුණු 222ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස බැංගලෝරය ලබා ගත්තේ ලකුණු 221ක් පමණයි. 

මේ අනුව තරගයෙන් කොල්කටාවට එක් ලකුණක තියුණු ජයක් හිමි වූ අතර, බැංගලෝරයට ඉතිරි වුනේ දඩ පමණයි. 

මෙම තරගයේ දී කොල්කටා ඉනිමේ පන්දු යැවීමේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම නිසා RCB නායක Faf Du Plessis හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම වී තිබෙනවා. 

මේ අතර මෙම තරගයට අදාළ ව සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli හට ද තරග ගාස්තුවෙන් 50% දඩයක් නියම කිරීම විශේෂත්වයක්. 

බැංගලෝර් ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙස Kohli දැවී ගිය අතර, මෙහි දී Harshit Rana විසින් යොමු කළ පන්දුවකට Harshit අතට ම උඩපන්දුවක් ලබා දෙමිනුයි ඔහු දැවී ගියේ. මෙම පන්දුව නිපන්දුවක් ද යන සැකය Kohliට මතු වූ අතර, ඔහු ඒ නිසා එය තෙවැනි විනිසුරු වෙත යොමු කළා. කෙසේ වෙතත් ඉන් Kohliට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. 

මේ මොහොතේ Kohli සහ පිටියේ විනිසුරුවන් අතර තරමක් උණුසුම් කතාබහක් ඇති වූ අතර, මෙම දඩ මුදල ඒ හේතුවෙන් Kohliට හිමි වූ බව අනුමාන කළ හැකි. 

දිනෙන් දින උණුසුම් වන 2024 IPL තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<