Home Sinhala රශ්මිකගේ ප්‍රවේගකාරී ඉනිම මහානාමයට ජය ගෙන එයි

රශ්මිකගේ ප්‍රවේගකාරී ඉනිම මහානාමයට ජය ගෙන එයි

Mahanama vs D.S. Senanayaka Limited Over Encounter 2024

52
D.S.Senanayaka vs Mahanama Limited Over Encounter 2024

කොළඹ D.S සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වුණු සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 133ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය අද (21) සමත් වුනා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී.එස්. නායකයා විසින් මහානාම විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ඒ වෙනුවෙන් මහානාමයේ පිළිතුර වුනේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් රැස් කිරීමයි.

මේ වෙනුවෙන් ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වන දුල්නිත් සිගේරාගේ පිත්තෙන් ලකුණු 34ක් සහ කවිඳු අමනෙත්ගේ පිත්තෙන් ලකුණු 42ක් එක් වුනා.

ඊට අමතරව අංක තුන පිතිකරු වූ කූජන පෙරේරා ද ලකුණු 35කින් ඉනිමට දායක වුනා.

කෙසේ වෙතත් ඉනිමේ වැඩිම අවධානයක් දිනා ගත් ඉනිම දියත් කිරීමට රශ්මික පෙරේරා විසින් සමත් වූ අතර, ඔහු පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු111ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.

මෙහි දී ඩී.එස්. විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඩිලාශ් කුමාරනායක කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

මහානාමයෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් ඩී.එස් ක්‍රීඩකයින් පිටියට පිවිසුනත් ඔවුන්ට සාර්ථක ලෙස පිතිකරණයේ යෙදීමට මහානාම පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මෙහි දී ඩී.එස්. වෙනුවෙන් සාර්ථකම පිතිකරු වූ ශනල් බිනුක්ශ පන්දු 69ක් තුළ ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව දෙහෙම් නිර්මාල්ගේ පිත්තෙන් ලකුණු 37ක් ඉනිමට එක් වුනා.

කෙසේ වෙතත් ඩී.එස්. සියලු පිතිකරුවන් ලකුණු 172ක් තුළ දවා ගැනීමට මහානාම විද්‍යාලයට හැකි වූ අතර, මෙහි දී මහානාමය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනුක කරන්නාගොඩ ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

Result

Match drawn

D.S. Senanayake College
370/4 (69.2)

Mahanama College
239/10 (70.1) & 207/0 (32.3)

Batsmen R B 4s 6s SR
Gaviru Shenas not out 200 189 27 2 105.82
Pesandu Weerasinghe c Kavindu Amameth b Duvindu Ranathunga 12 31 2 0 38.71
Malitha Perera c Koojana Perera b Chamika Heenatigala 118 152 16 0 77.63
Chenul Pinsara c Eshan Withanage b Duvindu Ranathunga 11 21 1 0 52.38
Dehem Nirmal st Eshan Withanage b Chamika Heenatigala 17 16 0 2 106.25
Akmal Fazly not out 3 7 0 0 42.86


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 370/4 (69.2 Overs, RR: 5.34)
Bowling O M R W Econ
Duvindu Ranathunga 12 0 80 2 6.67
Inuka Karannagoda 17.2 1 70 0 4.07
Dulnith Sigera 3 0 23 0 7.67
Tharusha Amarasinghe 2 0 31 0 15.50
Koojana Perera 5 0 28 0 5.60
Rashmika Perera 8 0 29 0 3.62
Chamika Heenatigala 16 0 69 2 4.31
Anuka Wijewardana 5 0 23 0 4.60
Gimantha Dissanayake 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dulnith Sigera c Dehem Nirmal b Dilash Kumaranayake 63 91 10 0 69.23
Kavindu Amameth c Binura Lokupitiya b Akmal Fazly 14 19 1 0 73.68
Koojana Perera b Akmal Fazly 12 10 3 0 120.00
Chamika Heenatigala c Chenul Pinsara b Akmal Fazly 13 34 1 0 38.24
Rashmika Perera c Chenul Pinsara b Randisha Banaranayake 41 67 6 0 61.19
Inuka Karannagoda not out 61 125 10 0 48.80
Gimantha Dissanayake c Gaviru Senhas b Randisha Banaranayake 0 3 0 0 0.00
Eshan Withanage c Chenul Pinsara b Shanal Binuksha 11 38 2 0 28.95
Duvindu Ranathunga c Gaviru Senhas b Akmal Fazly 0 2 0 0 0.00
Anuka Wijewardana c Chenul Pinsara b Akmal Fazly 4 8 1 0 50.00
Tharusha Amarasinghe c Shanal Binuksha b Chenuka Peiris 2 27 0 0 7.41


Extras 18 (b 0 , lb 8 , nb 3, w 7, pen 0)
Total 239/10 (70.1 Overs, RR: 3.41)
Bowling O M R W Econ
Akmal Fazly 24 2 77 5 3.21
Randisha Banaranayake 15 2 45 2 3.00
Dilash Kumaranayake 11 4 29 1 2.64
Chenuka Peiris 5.1 2 17 1 3.33
Dehem Nirmal 6 0 30 0 5.00
Gaviru Shenas 4 1 18 0 4.50
Shanal Binuksha 5 0 15 1 3.00


Batsmen R B 4s 6s SR
Dulnith Sigera not out 100 91 13 1 109.89
Kavindu Amameth not out 106 104 13 1 101.92


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 207/0 (32.3 Overs, RR: 6.37)
Bowling O M R W Econ
Akmal Fazly 5 0 40 0 8.00
Dehem Nirmal 4 0 27 0 6.75
Gaviru Senhas 2 0 10 0 5.00
Randisha Banaranayake 6 0 48 0 8.00
Chenuka Peiris 8.3 0 43 0 5.18
Dilash Kumaranayake 2 1 12 0 6.00
Shanal Binuksha 4 0 20 0 5.00
Chanul Athale 1 0 5 0 5.00



දේශීය පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<